ඔබාමා සහ වියට්නාම කොමියුනිස්ට් පක්ෂ නායකයා අතර හමුවක්

Published in විදෙස්
Wednesday, 08 July 2015 10:51

ඇමරිකානු ජනාධිපති බැරක් ඔබාමා සහ වියට්නාම කමියුනිස්ට් පක්ෂ නායක න්ගුයෙන් පු ට්‍රොන්ග් අතර සකච්ඡාවක්  ධවල මන්දිරයේදී පැවත්වී ඇතැයි වාර්තා වේ.

එය වසර විස්සකට පසු වියට්නාමය සහ ඇමරිකාව අතර ඇති වූ පළමු සකච්ඡාව ලෙස සැළකේ.

මේ පිළිබඳ අදහස් දක්වමින් බැරක් ඔබාමා පවසා සිටියේ රටවල් දෙක අතර ක්‍රියාත්මක දේශපාලන දර්ශන වෙනස් වුවත් එය නොතකා දෙරට අතර සම්බන්ධතාව වර්ධනයට පියවර ගැනීම හොඳ දෙයක් බවයි.

දේශපාලන විචාරකයන් පවසන පරිදි ඇමරිකාව සහ විය්ටනමය අතර සම්බන්ධතාවය වර්ධනය වීමට බලපා ඇති ප්‍රධානම හේතුව වන්නේ චීන බලපෑමෙන් මිදීමට ඇති අවශ්‍යතාවයයි.

වියට්නාම යුද්ධය අවසන් වී මේ මාසයට වසර 40ක් සම්පුර්ණ වේ. මේ සම්බන්ධතාවය ඉදිරියටත් පවත්වාගෙන යාමට පියවර ගන්නා බව සහ බැරක් ඔබාමාට වියට්නාම සංචාරයක් සඳහා ආරාධනා කළ බව වියට්නාම කොමියුනිස්ට් පක්ෂ නායකයා මෙහිදී ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

මිට අමතරව වියට්නාමයද ඇතුළුව රටවල් 12 ක එකතුවකින් නිදහස් වෙළඳ සැලසුමක් ඇති කිරීම පිළිබඳවද මෙහිදී සකච්ඡා කෙරී ඇත.

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us