ඇමරිකානු ජනාධිපති බැරක් ඔබාමා ප්‍රකාශ කර තිබුණේ සිරියාව වෙත වැඩිපුර හමුදාව යැවීමට තීරණය කර නැතත් අයි එස් සටන්කමීන්ට විරුද්ධව සටන් කිරීමට සිරියාවට සහය දෙන බවයි.
පසුගිය කාලසීමාව තුළ යම් පසුබෑමකට අයි.එස් සටන්කාමීන් පත්ව සිටියත් කුර්දි සටන් කමින් යටතේ පැවති අයින් ඉස්සා නම් නගරය නැවත අත්පත් කර ගැනීමට ඔවුන් සමත් විය.
එසේම අයි එස් සටන්කාමීන්ගේ ගෑස් සහ තෙල් සැපයුම අඩාල කිරීමේ අරමුණින් ගුවන් ප්‍රහාර දැඩි කිරීමට බලාපොරොත්තු වන බව ඔබාමා මෙහිදී පවසා තිබේ.
ඇමරිකානු ජනාධිපතිවරයා පවසන පරිදි අයිඑස් සටන්කාමීන්ට විරුද්ධව ගොඩබිමෙන්ද එල්ල වෙන ප්‍රහාර දැඩි වියයුතුයි.