ආර්ථික අවපාතයේ ඊළඟ බිල්ල ලතින් ඇමරිකාව

Published in විදෙස්
Friday, 10 July 2015 14:04

මුළු ලෝකයේම අවධානය යොමු වී තිබෙන්නේ ග්‍රීසිය මේ වෙනකොට පත්ව ඇති ආර්ථික අරුබුදය වෙතයි. මීට අමතරව චීනයේ කොටස් වෙළඳපොළ කඩා වැටීම පිලිබඳ තොරතුරුත් පසුගියදා විදෙස් මාධ්‍ය මගින් අනාවරණය කෙරුණි.

ඉන් නොනැවතී ලතින් ඇමරිකානු කලාපයේ බොහෝ රටවලද ආර්ථික වර්ධන වේගය පහල මට්ටමක පවතින බව වාර්තා වේ. ලෝක බැංකු වාර්තාවන්ට අනුව මේ වසර ලතින් ඇමරිකානු රටවල ආර්ථිකයේ දුර්වලම අවධිය බව පැවසේ.

ලතින් ඇමරිකානු කලාපය ඇමරිකාවේ සහ චීනයේ වෙළඳ ආධිපත්‍ය පිළිබඳ තරඟයේ සටන් බිම බවට පත්ව ඇති නිසා චීනයේ කොටස් වෙළඳපොළ කඩා වැටීමත් සමඟ මෙම තත්ත්වය තවත් උග්‍ර වෙනු ඇතැයි විචාරකයන් පවසයි. එසේම චීනය ලතින් ඇමරිකානු රටවල ප්‍රධානම වෙළඳ සහකරුවා ලෙස ක්‍රියා කළත් ඇමරිකාව මේවනවිටත් ලතින් ඇමරිකානු රටවල් සමග නව සබඳතා ගොඩ නාග ගැනීමට උත්සාහ ගනිමින් සිටියි.

ඇමරිකාව කියුබාව සමඟ නව සබඳතා අලුත්විමෙන් ඒ බව මානව පැහැදිලි වේ.

Wells Fargo සුරැකුම්පත් සමාගමේ ආර්ථික විද්‍යාඥ වෙල්ස් ෆර්ගෝ පවසන පරිදි මේ වනවිට බ්‍රසීලය, ආර්ජන්ටිනාව, චිලී පේරු වැනි ලතින් ඇමරිකානු කලාපයේ ප්‍රධාන රටවල් සියල්ලකම ආරථික වර්ධන වේගය පහල මට්ටමක පවතියි.එමෙනම් මේ තත්ත්වය තව තවත් දරුණු වෙනු ඇති බව ඔහුගේ අදහසයි.

මීට අමතරව වෙනිසියුලාවේ උද්ධමනය සිඝ්‍රයෙන් ඉහළ යමින් ඇති බව පැවසේ.

මේ කරුණු සියල්ල ගෙන බැලීමේදී පෙනීයන ප්‍රධානම කරුණක් වන්නේ මේ සියලු රටවල්වල වාමාංශික ප්‍රවනතවයකින් යුතු ආණ්ඩු ක්‍රියාත්මක වෙන රටවල වීමයි. ග්‍රීසිය මේ අතරින් කැපී පෙනේ. එමෙන්ම චීනයේ කෙරුවාව කෙසේවෙතත් වාමාංශික පාලන ක්‍රමයක් ගෙන යන බව ප්‍රකාශ කරයි.

මීට අමතරව බොහෝ ලතින් ඇමරිකානු රටවල නායකත්වය දරන්නේ වාමාංශික නායකයන්ය.

නමුත් ඔවුන් ක්‍රියාත්මක කළ බොහෝ ප්‍රතිපත්ති දෙස බැලීමේදී පෙනී යන්නේ ප්‍රතිසංස්කරනවාදී ස්වරූපයකි. මේ පැතිර යන ආර්ථික අර්බුදය දෙස බැලීමේදී ප්‍රතිසංස්කරණ පමණක් ප්‍රමාණවත් නොවන බව පැහැදිළිව ප්‍රකාශ වේ.

සිතාරා කුලරත්න

latineconomic

Last modified on Friday, 10 July 2015 14:20

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

Connet With Us