මහින්ද කොළඹින් එන්න බය ඇයි ?

Published in පුවත්
Wednesday, 08 July 2015 20:44

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මෙම මහමැතිවරණය සඳහා ලබන 10 වැනිදා කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් නාමයෝජනා අත්සන් කිරීමට නියමිත බව විපක්ෂ නායක නිමල් සිරිපාල සිල්වා පවසා ඇත. ඒ, අද (08) පෙරවරුවේ ඌව පරණගම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන බලමණ්ඩලය කැඳ වූ රැස්වීමක දී ය. 

 
හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් නාමල් රාජපක්ෂව ඉදිරිපත් කරමින් ඔහු හම්බන්තොට දිස්ත්‍රීකයේ ප්‍රබලයා බවට පත් කරමින් ඔහුගේ දේශපාලන අනාගතය ආරක්ෂාකාරී කිරීම මෙහි එක් අරමුණක් වනු ඇත. එමෙන් ම අගමැති අපේක්ෂකයෙකු නම් නොකෙරෙනා වටපිටාවක් තුළ, අතිවිශාල මනාප ප්‍රමාණයක් ලබාගනිමින් මහින්ද රාජපක්ෂට අගමැති ධුරය ලබාගැනීම සඳහා යම් බලපෑමක් කිරීමට උත්සාහ දැරීම මේ පිටුපසින් ඇති අනෙක් අරමුණ බව පෙනේ.
 
 මෙතෙක් මහින්ද රාජපක්ෂ නියෝජනය කළ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජනගහණය සීමිත නිසා සංඛ්‍යාත්මකව අතිවිශාල මනාප සංඛ්‍යාවක් ලබා ගැනීමට නොහැකි බව පැහැදිලි කරණකි.  
 
එහෙත් කුරුණෑගල නොගොස් මහින්ද රාජපක්ෂට ලක්ෂ පහකට හයකට අධික වාර්තා ගත මනාප ඡන්ද සංඛ්‍යාවකට යා හැකි කොළඹ දිස්ත්‍රික්කය ඔහු විසින් තෝරා නොගැනීම සම්බන්ධයෙන් යම් ගැටළුවක් පැන නගී. ඊට හේතුව ලෙස අපට පෙනී යන්නේ කොළඹ බහුතර ඡන්ද දායකයින් උගත් බුද්ධිමත් මධ්‍යම පාන්තික ජනතාවක් වීමයි. 
 
එයිනුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඡන්ද දායකයින් වඩාත් ප්‍රගතිශ්‍රීලි පිරිසක් බව උපකල්පනය කිරීමේ වරදක් නැත. ඔවුන් කිසිම විටක ගෝත්‍රික ග්‍රාම්‍ය නායකයකු තෝරා නොගැනීමට තීරණය කරන්නේ නැත. ජාතිවාදය ආගම්වාදය පටු මතිමතාන්තර පිළිගන්නේ නැත. 
 
 අතිවිශාල මනාප සංඛ්‍යාවකට මහින්ද රාජපක්ෂ යා යුතුනම් මෙම උගත් බුද්ධිමත් කොටසේ ඡන්දය අත්‍යාවශ්‍ය කාරණයක් වේ. නූගතුන්ගේ ජාතිවාදීන්ගේ ආගම්වාදීන්ගේ ඡන්ද වලින් මහින්දට ඒ ඉලක්කය සපුරාගත නොහැක. 
 
හම්බන්තොටදී හෝ වෙනත කොහේ හො දුර බැහැර පළාතකදී මහින්දලාට ඉහළම මනාප ලැබීමේ සම්බාවිතාව වැඩිය. මින් අදහස් කරන්නේ ඒ ග්‍රාම්‍ය පළාත්වල සිටිනනේ මෝඩයින් බව කීම නෙවේ. හෙට දවසේ යහපත ගැන තර්කානූකූලව සබුද්ධිකව කල්පනා කළ හැකි පිරිස් අඩු බවය. 
 
මේ තත්වය හමුවේ  විශාල මනාප සංඛ්‍යාවක් සඳහා යා හැකි හොඳම තැන වන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයයි. මහින්දගේ ඡන්ද පදනමේ ඉල්ලකය ම සිංහල මහජාතිවාදයට ඇමතීම නිසා කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් සිංහල බෞද්ධ ඡන්ද විශාල සංඛ්‍යාවක් උපයා ගැනීමට ඔවුන් උපකල්පනය කරනවා ඇත.
 
එමෙන් ම ආරක්ෂක අංශ සාමාජිකයින්ගේ පවුල් ද බහුලවම වෙසෙන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ බැවින් එයද තවත් හේතුවක් ලෙස ගණන් බැලේ. 
 
මින් පෙර බැසිල් රාජපක්ෂ වාර්තා ගත මනාප ප්‍රමාණයක් ලබාගත් ගම්පහ දිස්ත්‍රික්කයද චන්ද්‍රිකා කුමාරණතුංගගේ යළි දේශපාලන ආගමනය නිසා අනතුරු සහගතය. 
 
කෙසේ වෙතත් වසර ගණනාවක් මුළුල්ලේ කුරුණෑගල දිස්ත්‍රික්කයෙහි දේශපාලනයෙහි නියැලෙමින් කාලය ශ්‍රමය වැය කර ඡන්ද පදනම සකස් කර ගත් සන්ධාන දේශපාලකයින්ට දැන් කපන්න බැරි වූ අත සිඹගෙන බලා සිටීමට සිදුවනු ඇත.
 
හිමාෂි කරුණාරත්ත

Leave a comment

ld add copy

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

Connet With Us