දේශපාලන කෙරුමෙක්ගෙන් පාතාල කෙරුමන්ට සුපිරි පාටියක්

Published in පුවත්
Thursday, 09 July 2015 10:46

ගම්පහ දිස්‌ත්‍රික්‌කයෙන් පාර්ලිමේන්තු මැතිවරණයට තරග කරන කොළඹට තදාසන්න ප්‍රදේශයක ප්‍රබල දේශපාලනඥයකු පෙරේදා (07) රාත්‍රි නමගිය පාතාල කෙරුමන් කිහිප දෙනකු සමග ඔවුන්ගේ ගෝලබාලයන් රැසක්‌ සිය නිවසට කැඳවා සුපිරි සාදයක්‌ පවත්වා තිබේ.

දේශපාලනයේ පරිණත චරිතයක්‌ වන මොහු විසින් පවත්වනු ලැබූ එකී සාදය සඳහා පසුගිය කාලයේ විදේශ රටවලට පැන ගොස්‌ සිට මෑතකදී ශ්‍රී ලංකාවට පැමිණි පාතාල ප්‍රබලයන් කිහිපදෙනකු සහභාගි වී ඇත.

සාදයට සහභාගි වූ අනෙකුත් පිරිස අතර ඉකුත් කාලයේ පෑලියගොඩ නාගරික මන්ත්‍රීවරයකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ පාතාල කෙරුමකු හා බ්ලූමෙන්ඩල්, කිඹුලා ඇළ, වනවාසල හා කැලණිය ආදී ප්‍රදේශවල රජකම් කරන පාතාල සාමාජිකයන් ගණනාවක්‌ද සිටි බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම සාදය පිළිබඳ ලැබුණු තොරතුරකට අනුව බුද්ධි අංශ නිලධාරීන් පිරිසක්‌ද පෙරේදා රාත්‍රී ඒ පිළිබඳ විමර්ශනයක යෙදෙමින් වත්තල ප්‍රදේශයේ සැරිසරා ඇත.

දිවයින

 

 

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us