රාජපක්ෂ රෙජිමය පසුගිය ජනාධිපතිවරණ සමයේදී සමෘද්ධි බැංකුවේ මුදල් පවා තමන්ගේ මැතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් හොරකම් කරන්නට තරම් අමානුෂික වී ඇති බව නලීන් බණ්ඩාර මන්ත්‍රීවරයා පැවසුවේය. ඔහු මේ බව පැවසුවේ අද(14) පැවති හෙළිදරව්-15 මාධ්‍ය හමුව අමතමින්ය.

මුළු ලෝකයේම කලා ලෝලීන් වසඟ කරගත් ලියනාඩෝ ඩාවින්චිගේ මොනාලිසා චිත්‍රයට පණ ලැබුනොත් මොන තරම් දේ කියාවිද.

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය විසින් සංවිධානය කරනු ලබන ‘‘ස්වර්ණ පුස්තක සම්මාන උළෙලෙ’’ නව වන වරටත් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ තමන් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා සමඟ එක්ව ඡන්ද ප්‍රචාරක කටයුතු මෙහෙයවා නැවත ශ්‍රී ලංකා නිදහස් පක්ෂ රජයක් පිහිටුවීමට කටයුතු බව ප්‍රකාශ කර තිබේ.

පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධූර 225 න් මහජන ඡන්දයෙන් කෙලින්ම තෝරාපත් කරගන්නා මන්ත්‍රී 196 ක් සඳහා තරඟ කිරීමට පිළිගත් දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම්වල අපේක්ෂකයන් 6151 දෙනෙකු නාමයෝජනා පත්‍ර බාර දී තිබේ.

ඒ නයා සහ මේ නයා

Tuesday, 14 July 2015 10:49

එක්තරා කැලයක නාගයෙක් ජීවත් උනා. නමුත් ඒ නාගයා තීරණය කළා මම අනිත් නයි වගේ වෙන්නෙ නැහැ. වෙනස්ම වෙනස් නයෙක් වෙනවා කියලා. මොකද නයා කිව්ව ගමන් මිනිස්සුන්ට එන්නෙ මාරාන්තික බයක්. නයෙක් දැක්කොත් එහෙම පණ එපා කියලා දුවනවා. නැත්නම් නයා ට ‍වැඳලා කණ්නලව් කරලා කියනවා අනේ නයි හාමී අපිටනම් කරදරයක් කරන්න එපා කියලා. නයා ව මරන්න තියා කිට්ටුවෙන්නවත් මිනිස්සු බයයි. මොකද කියමනකුත් තියනවෙන් නයාට ගහල පොල්ල වරද්ද ගත්තා වගේ කියලා. ඉතින් මෙන්න මේ කරුණු කාරනා නිසා අපි මේ කියන්න යන කතාවේ ඉන්න නාගයා හිතනවා, මෙච්චර කාලයක් මිනිස්සු නයා ගැන හිතාගෙන ඉන්න මෙන්න මේ ආකල්පෙ වෙනස් කරන්න ඕන. ඉතාම සාධාරණ වෙනස්ම වෙනස් නයෙක් වෙන්න ඕන කියලා.

මහ මැතිවරණය සඳහා නාම යෝජනා ලබා දිමෙන් අනතුරුව මහින්ද රාජපක්ෂයේ ආධාරකරුවන් කුරුණෑගල නාවින්න වට රවුම අසලදී එම ප්‍රීතිය සැමරීමට රතිඤ්ඤා සමඟ අත් බෝම්බද පුපුරුවා ඇති බව කුරුණෑගල මුලස්ථාන පොලීසිය සැක කරයි.

මූල්‍ය අර්බුදය විසඳීම සඳහා ග්‍රීසියට තුන්වැනි වතාවටත් ණය ලබා දීමට යුරෝපා නායකයන් තීරණය කර ඇතැයි වාර්තා වේ. යුරෝපා හවුලේ නායකයන් අතර බෙල්ජියමේ බ්‍රෙසල්ස් නුවර පැවැති සාකච්ඡාවලින් අනතුරුව එම එකඟතාවලට පැමිණ ඇති බව පැවසේ.

පෙරටුගාමී සමාජවාදී පක්ෂය කුළුගෙඩිය ලකුණෙන් මෙවර මහ මැතිවරණය සඳහා ඉදිරිපත් කර ඇති ජාතික ලයිස්තු නාමලේඛනය  පහත දැක්වේ

මරණය නොමිලේ!(photos)

Published in කලා
Tuesday, 14 July 2015 09:50

අද රටේ බහුතරයක් පිරිස අතරමංවෙලා - සුසන්ග කහඳවල ආරච්චි

සුසන්ග කහඳවලආරච්චි ගේ පළමු වේදිකා පිවිසුම ලියනගේ අමරකීර්ති ගේ ‘භෂ්මාන්තරගත’ වේදිකා නාට්‍යයෙනි. ඒ, 1991 වසරේ දී ය.
අනතුරුව ඔහු සිය රංගන දායකත්වය සපයන්නේ ප්‍රසන්නජිත් අබේසූරියගේ ‘දොර්දණ්ඩා’ නාට්‍යට ය. දොර්දන්ඩා නාට්‍ය ඔහුට විශාල ප්‍රතිචාරයක් ලබා දුන් නිර්මාණයකි. අනතුරුව විවෘත වීදි නාට්‍ය කණ්ඩායම සමග වැඩ කරන සුසන්ග ඊළඟට සෝමලතා සුබසිංහ ගේ නාට්‍ය කණ්ඩායම සමග කටයුතු අරඹයි. පරාක්‍රම නිරිඇල්ල, ධර්මසිරි බණ්ඩාරනායක (ඒකාධිපති, මකරාක්ෂයා, ධවල භීෂණ රංගනය සහ වේදිකා පරිපාලක), සුනිල් චන්ද්‍රසිරි, තුසිත ජයවර්ධන යනාදින් යටතේ ද ඔහු සිය හැකියාවන් මැනවින් ප්‍රකට කළ. තිස්ස අබේසේකර ගේ ‘සසරමංකඩ’ ටෙලි නාට්‍යට දායකවීම ඔහු අදටත් සලකන්නේ තමන් ගේ ජීවිත කාලයේ ලද ඉමහත් භාග්‍යයක් ලෙසිනි. අනතුරුව ප්‍රසන්න ඉත්තෑපාන තමන් ගේ ටෙලිනාට්‍ය ගණනාවක සහය අධ්‍යක්ෂක වරයා වශයෙන් සුසන්ග සහභාගි කර ගන්නේ ඔහුගේ දක්ෂතාවන් අගය කරමිනි. සුනිල් චන්ද්‍රසිරි ගේ සැම වේදිකා නිර්මාණයකට ම දායක වුණ සුසන්ග (රංගනය සහ වේදිකා පරිපාලනයෙන්) මේ මොහොත වන විට තමන්ගෙ කුළුඳුල් වේදිකා නිර්මාණය කරළියට ගේන්න සූදානම් වෙමින් සිටිනවා. මතු දැක්වෙන්නේ අදාළ කාරණය පිළිබඳව ඔහු සමග කළ සාකච්ඡාවේ සංක්ෂිප්තයකි.

Connet With Us