දුමින්ද සරණ, මර්වින්, සජින් කැපුණේ දූෂිත නිසා නොවෙයි.

Published in පුවත්
Monday, 13 July 2015 23:29

හිටපු මැති ඇමැතිවරු 4 දෙනෙකුට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් නාම යෝජනා දුන්නේ නැත. ඒ ඇයි දැයි සන්ධානයේ මහ ලේකම් සුසිල් ප්‍රේමජයන්තගෙන් විමසූ විට පැවැසූවේ එය නාම යෝජනා මණ්ඩලයේ තීරණයක් බවය. ඔවුන් දූෂිතයන් හෝ දූෂණ චෝදනා එල්ල වූවන් හෝ නොකීමට ප්‍රේමජයන්ත මහතාගේ දිව නැවුනේ නැත.

මේ නිසා හේතුව අද්භූතය. ඔවුන් දූෂිතයන් බව කියන්නේ ජනතාවය. ඒ නිසා ඔවුන්ට නාම යෝජනා ලබා නොදුන්නා යැයි ජනතාව සිතයි. එහි අනෙක් තේරුම සන්ධානය මෙවර සුපිරිසිඳු පිරිසක් මැතිවරණය ඉදිරිපත් කර ඇති බව ජනතාව කල්පනා කළ යුතුය කියන එකය.

එහෙත් අප දන්න පරිදී තවත් දූෂිතයන් රොත්තක්ම සන්ධාන ලැයිස්තුවේ සිටිති. ඒ අතර ප්‍රධානියා මහින්ද රාජපක්ෂය. දැවැන්ත දූෂණ වංචා ප්‍රමණයක් ගැන තොරතුරු සාක්ෂි සහිතව හෙළිදරව් කර තිබුණද ඔහුට එරෙහිව නීතියේ එක අකුරක් ක්‍රියාත්මක වූයේ නැත. සමහර විට ජනාධිපතිවරයා කොහෙදෝ තැනක කීවාක් මෙන් නොදන්න යකා එක්ක වැඩ කරනවාට වඩා දන්න යකා එක්ක වැඩ කරනවා ඔහුට ලෙහෙසි නිසා රාජපක්ෂව ලංකර ගැනීම වෙනුවෙන් ඔහුගේ මයිලක තරම් දෙයකට හානියක් නොවන්නට වග බලා ගත්තා විය හැකිය. ජනාධිපතිවරයාම පසුව තවත් තැනක කීවේ භූතයා එළියේ ඉන්නවාට වඩා බෝතලයක දමා ගෙන සිටීම යෙහෙකැයි කියාය. ඒ කතාවට අනුව නම් පෙරදා මහින්ද රාජපක්ෂ ෆයිල් අතේ තියාගෙන කට්ටියගෙන් වැඩ ගත්තාකාරයට වැඩ කිරීමට ජනාධිපතිවරයා කල්පනා කළාද විය හැකිය.

ඒ අර්තයෙන්ම දුමින්දලාට සජින්න්ලාට දූෂණ අපරාධ චෝදනා එල්ල වූයේ මහින්ද රාජපක්ෂ යුගයේදීය. එදා ඔවුන්ට එරෙහිව කිසිවක් රාජපක්ෂලා කළේ නැත. මේ නිසා සුසිල් ප්‍රෙමජයන්තට වුව දුමින්දලා දූෂිතයන් යැයි කටක් ඇර කියන්නට නොහැකි වීමේ සාධාරණයක්ද තිබේ. උන් දූෂිතයන් යැයි කීවොත් , ඇයි බොල උන් ඒවා කරනකම් තොපි බලාගෙන හිටියේ දැයි ? කවුරුන් හෝ ඇසුවොත් සුසිල්ලාට දෙන්න උත්තර නැත. ඒ නිසා, ඒවා නාමයෝජනා මණ්ඩලයේ වැඩ කියා ප්‍රශ්නයෙන් ලිස්සා යැම හැර මේ තක්කඩියන්ට වෙන උත්තර නැත.

දුමින්දලා සජින්ලා දූෂිතයන් ලෙස සමාජය ගසා තිබෙන හංවඩුවෙන් මෙවර මැතිවරණය ගොඩ දා ගැනීමට මහින්දාලා කල්පනා කළද ඔවුන් දූෂිතයන් යැයි මහින්දට කියන්නට බැරිය.

මේ නිසා දැන් සමාජය මහින්දලාගෙන් සුසිල්ලාගෙන් ප්‍රශ්න කළ යුතුවන්නේ මුන්ට නාම යෝජනා නොදුන්නේ මන්ද කියාය. දුමින්ද සිල්වා දහස් ගනනක් ‍රැගෙන පැමිණ උද්ඝෝෂණය කරන විට මහින්දට කට යුත්තර නැති වීම පැහැදිලිය.එහි ප්‍රතිපලය උන්ට නාම යෝජන ලබා නොදී අපි පිරිසිඳුයි කියා අත්පත් කර ගැනීමට සිතූ ජග්‍රහනය වෙනුවට ලැබෙන තිබෙන ඡන්ද ටිකත් නැති වීමය.

Last modified on Monday, 13 July 2015 23:33

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us