News Items (18842)
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා රාජපක්ෂ රෙජීමයේ පැහැරගෙන ගොස් අතුරුදන් කර මේ මස 18 වෙනි දිනට දින 2000ක් සම්පූර්ණවෙයි.
මහින්ද රාජපක්ෂ මහතා අගමැති බව කොටසක් කියද්දී පක්ෂයේ නායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එය ප්‍රතික්ෂේප කරන බව පෙන්වා දුන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මෙවැනි අවුල් සහගත මිනිසුන් පිරිසකට රට භාර දෙන්නට තරම් මේ රටේ ජනතාව මෝඩ නොවන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (16) පැවැති ජනරැලිවලදී පැවැසීය.
මහින්දගේ අාතබූත හොල්මන් වැඩවලට තවත් නම් ඉඩ නෑ-දඹර අමිල හිමි
ජනවාරි 08 වැනිදා සිදු කල කාර්යභාරයේ ඉතිරි ඉනිම දැන් අරඹා අැති බවත් මෙවර අැරඹු සටනින් ලාංකීය සමාජයට අවැසි නියම විමුක්තිය ලබා දෙන බවත් දඹර අමිල හිමියන් පැවසුවේය.දඹර අමිල හිමි මේ බව පැවසුවේ පුරවැසි බලය සංවිධානය විසින් නුගේගොඩ සංවිධානය කර තිබූ රැස්වීමකට ඊයේ(15) සහභාගී වෙමිනි.
සුසිල් දන්න බම්බුව. බැසිල් පාර්ලිමේන්තු ආවේ ජාතික ලැයිස්තුවේ නම තිබිලද ?
1975 ජූලි 17 වෙනිදා මිනිසෙක් තවත් මිනිසෙකුට අතට අත දෙනවා. මෙහි තිබෙන විශේෂත්වය වන්නේ එය අභ්‍යාවකාශයේදී සිදු වූ අතට අත දීමක් නිසාම නෙමෙයි.
‘‘මෙර උසුලනා මහ මිහිකතටත් වැඩිය
සැප ගෙනදෙනා සුගතිඳු බණටත් වැඩිය
ලොව සුරකිනා පින් ඇති අයටත් වැඩිය
ඉවසන දනා රුපු යුදයට ජය කොඩිය’’
ඉහත කවියෙන් දැක්වෙන්නේ ඉවසීමේ යහපතයි. තවද ඉවසීමේ සැනසීම ලබන්නට නම් ඉවසා... ඉවසා... නොහැකි තැන ද තවත් ටිකක් ඉවසීමෙන් කටයුතු කළ යුතු බව ද පැවසේ. මේ දිගහැරෙන්නේ එසේ ඉවසා... ඉවසා... බැරිම අවස්ථාවේ තවත් ඉවසා සිටීමෙන් ලද ප්‍රතිඵලය පිළිබඳ යමක් පැවසීමට ය.
මහින්දට ප්‍රාදේශීය සභා ඡන්දයවත් දිනන්න දෙන්නේ නෑ - දයා ගමගේ
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තු මැතිවරණය තබා ප්‍රාදේශීය සභා මැතිවරණය හෝ ජය ගැනීම සිහිනයක් බව එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක දයා ගමගේ පවසයි. ඔහු මේ බව කියා සිටියේ අද (16) පෙරවරුවේ හිගුරාණ ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමිනි.
හිත් රිදවා ගත් සුදර්ශනී,ලසන්ත හා එරික්ට අැමතිකම් එපාවෙයි
වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, ලසන්ත අලගියවන්න, එරික් ප්‍රසන්න වීරවර්ධන යන අය සිය නියෝජ්‍ය අමාත්‍ය පදවි වලින් ඉල්ලා අස්වී තිබේ.
දිපන් මට ඡන්දෙ කියා මහින්ද යළි මහ මැතිවරණයට පැමිණ අැති බවත් පසුගියදා සුසිල්ට මූණ හරහා ගැසූ මහින්දට කියන්නට අැත්තේ දැන් ඔහුගේ ගැහිලි හමාර බවයි යනුවෙන් ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ ධර්මසිරි බණ්ඩාරනායක මහතා පැවසීය. ඔහු මේ බව කීවේ පුරවැසි බලය සංවිධානය නුගේගොඩ සංවිධානය කර තිබූ රැස්වීමකට ඊයේ(15) සහභාගී වෙමිනි.
දෙමල ජාතික සන්ධායේ උතුරු පළාත් සභා මන්ත්‍රීනී ආනන්දි සසිදරන් මහත්මිය මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ස්වාධින කණ්ඩායමකින් ඉදිරිපත් වූ නමුදු එම මැතිවරණ ව්‍යාපාරවෙන් ඉවත් වීමට තීරණය කර තිබේ. දෙමළ ජාතික සන්ධානයෙන් ඇයට නාම යෝජනා නොලැබීම නිසා ඇය මෙලෙස ස්වාධීන කණ්ඩායමකින් නාම යෝජනා ඉදිරිපත් කළාය.
