සිංහල ජනතාව තුල හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කෙරේ තිබූ ප්‍රසාදය මේ වන විට එන්න එන්නම පහළ බසිමින් තිබෙන බව ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසයේ නායක සහ ජල සම්පත් හා නාගරික සංවර්ධන අමාත්‍ය රවුෆ් හකීම් මහතා ප‍්‍රකාශ කළේය.

මේ දවස්වල ලංකාවට නම් මඩ නෑම, මඩ ගසාගැනීම කියන එක ඉතා හුරුපුරුදු දෙයක්. හැබැයි මේ කියන්න හදන්නෙ ලංකාවෙ දේශපාලන ලෝකෙ සිදුවන එහෙම මඩක් ගැන නෙමේ.

මැතිවරණ කාලසීමාව තුළ රාජ්‍ය දේපළ අනිසි පරිහරණය සිදුවීම වැළැක්වීම සඳහා විශේෂ චක්‍රලේඛයක් ජනාධිපති ලේකම් පි.බි.අබේකෝන් මහතා නිකුත් කර තිබේ.

මැතිවරණ ව්‍යාපාරය මේ වන විට වෛරී දිශාවකට ගමන් කරමින් පවතින බව කැෆේ සංවිධානය පවසයි. එහි විධායක අධ්‍යක්ෂ කීර්ති ‍ තෙන්නකෝන් මහතා සඳහන් කළේ ‍එකම පක්ෂයේ අපේක්ෂකයින් විසින් තම පක්ෂයේ තවත් අපේක්ෂකයෙකුට ඡන්දය දෙන්නට එපා යැයි සඳහන් කරමින් සෘණාත්මක මැතිවරණ ව්‍යාපාර මේ වන විට ක්‍රියාත්මක කර ඇති බවයි.

ශ‍්‍රී ලංකාවට ආහාර ආනයනය කිරීම සඳහා වාර්ෂිකව රුපියල් බිලියන 154 ක් වැය වන බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ප‍්‍රකාශ කර තිබේ. ඊයේ (20) දේශිය ආහාර නිෂ්පාදන වැඩසටහන සම්බන්ධයෙන් ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී අදහස් දක්වමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කරනු ලැබුවේ එලෙස ආනයනය කෙරෙන ආහාර ද්‍රව්‍යවලින් පරිප්පු, කඩල සහ ඇපල් ඇතුළු ආහාර වර්ග 04 ක් හැර සෙසු සියලු ඒවා දේශියව නිෂ්පාදනය කළ හැකි බවයි.

එකසත් ජනතා නිදහස් සන්ධානයේ මංගල ප්‍රචාරක ‍රැළිය පැවැත් වුණු පසුගිය 17 වන දින එම ‍රැස්වීමට පෙර අනුරාධ පුර ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ පුද ගැනීමට ගිය අවස්ථාවේදී ගීතාංජන ගුණවර්ධන මහතාගේ මුදල් පසුම්බිය මහින්දවාදීයකු විසින් සොරාගෙන ඇති බව වාර්තාවේ.

සුනාමි ව්‍යසනයෙන් විපතට පත් උතුරු නැගෙනහිර ජනතාවට නිවාස තනාදීමේ අරමුණින් පිහිටවූ රාඩා ආයතනයේ සිදුවූ කෝටි 16.9 ක මූල්‍ය වංචා සම්බන්ධයෙන් හිටපු ජනධිපතිවරයාගේ ප්‍රජා අයිතිය අහෝසි කරන බව තමන්ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසූ බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක ඊයේ(20) කුරුණෑගල පැවැති ‍රැලියකදි ප්‍රකාශ කර ඇත.

මෙවර මැතිවරණට තරඟ වදින අපේක්ෂකයන් සඳහා තම නිවසේ මැතිවරණ කාර්යාලයක් පවත්වාගෙන යෑමට අමතරව එක් ආසනයකට එක් කාර්යාලය බැගින් පවත්වාගෙන යෑමට හැකි බව ඊයේ (20දා) මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී තීරණය වී ඇතැයි වාර්තා වේ.

දින සීයේ දී සංවර්ධන කටයුතු ඇණහිටි බවට විපක්ෂය ගෙන යන ප්‍රචාරයන් අසත්‍ය බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ එම කාලය තුළ දී ඇණ හිටියේ රාජපක්ෂ පවුලේ සංවර්ධනය පමණක් බවයි. ජනතාව ආර්ථික වශයෙන් මෙන් ම සාමාජීය වශයෙන් ද සංවර්ධනය වූ බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. මොරටුව ප්‍රදේශයේ පැවැති ජන හමුවකට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

මහ මැතිවරණයට තරග කරන අපේක්‍ෂකයන් සමග සමීප සම්බන්ධතා පවත්වමින් පක්‍ෂග්‍රාහීව කටයුතු කරන පොලිස්‌ ස්‌ථානාධිපතිවරුන්ට එරෙහිව පියවර ගන්නා බව පොලිස්‌ මැතිවරණ කටයුතු භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති ගාමිණී නවරත්න මහතා පැවැසීය.එවැනි නිලධාරීන් වහාම එම පොලිස්‌ බල ප්‍රදේශවලින් මාරු කර යෑවීමට කටයුතු කරන බව ඔහු සදහන් කළේය.

Connet With Us