මහින්දට තිබූ ජනතා ප්‍රසාදය සීග‍්‍රයෙන් පහළට-රවුෆ් හකීම්

Published in පුවත්
Tuesday, 21 July 2015 12:08

සිංහල ජනතාව තුල හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කෙරේ තිබූ ප්‍රසාදය මේ වන විට එන්න එන්නම පහළ බසිමින් තිබෙන බව ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසයේ නායක සහ ජල සම්පත් හා නාගරික සංවර්ධන අමාත්‍ය රවුෆ් හකීම් මහතා ප‍්‍රකාශ කළේය.

හිටපු ජනාධිපතිවරයා කෙරේ ජනතාව තුළ තිබූ සියයට 53 ක ප‍්‍රසාදය ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රකාශයත් සමග මේ වන විට සියයට 43 දක්වා පහළ වැටී ඇති අතර එය තව දුරටත් සීග‍්‍රයෙන් පහළ වැටෙමින් තිබෙන ආකාරය සමීක්ෂණයකින් හෙළි වී ඇති බව රවුෆ් හකීම් මහතා පැවසුවේය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ මහනුවර දිස්ත්‍රික්කයේ පැවැති ජන හමුවක් අමතමින්ය.

20 වැනි සංශෝධනය සම්බන්ධයෙන් මුස්ලිම් කොන්ග්‍රසය දැරූ මතයට දැඩි ලෙස විරුද්ධ වූ අමාත්‍යවරුන් අතර පාඨලී චම්පික රණවක හා රාජිත සේනාරත්න යන අමාත්‍යවරුන් සිටි බවත් මේ වන විට එම අමාත්‍යවරුන් දෙදෙනාද එක්සත් ජාතික පෙරමුණත් සමග එක්ව සිටීම විශාල ජයග‍්‍රහණයක් බව ද හකීම් මහතා සදහන් කළේය.

Last modified on Tuesday, 21 July 2015 12:11

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us