දින සියේ දී ඇණ හිටියේ රාජපක්ෂ පවුලේ සංවර්ධනය පමණයි - රවී

Published in පුවත්
Tuesday, 21 July 2015 10:06

දින සීයේ දී සංවර්ධන කටයුතු ඇණහිටි බවට විපක්ෂය ගෙන යන ප්‍රචාරයන් අසත්‍ය බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ එම කාලය තුළ දී ඇණ හිටියේ රාජපක්ෂ පවුලේ සංවර්ධනය පමණක් බවයි. ජනතාව ආර්ථික වශයෙන් මෙන් ම සාමාජීය වශයෙන් ද සංවර්ධනය වූ බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. මොරටුව ප්‍රදේශයේ පැවැති ජන හමුවකට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

එහි දී අදහස් දැක් වූ අමාත්‍යවරයා,

ජනවාරි 08 වෙනිදා යහපාලන ආණ්ඩුවක ඡන්දය ලබාදුන් සැමට අප ණයගැතියි. යකඩ සපත්තුවේ ඒකාධිපති පාලනයකට එරෙහිව සටන් කර මනුෂ්‍යත්වයෙන් යුත් ජනාධිපතිවරයෙක් අපි පත් කළා. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අගමැතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතාව පත් කිරීමෙන් පසු අපිව ඒ කැබිනට් මණ්ඩලය පත් කළා. එතැන් සිට අපි රට දවස් 183 ක් පාලනය කර තිබෙනවා. අපේ පොරොන්දුව දවස් සියෙන් පොරොන්දු සීයක් ක්‍රියාත්මක කරනවා කියලා. එයින් පොරොන්දු 96 ක් ක්‍රියාත්මක කරන්න අපිට පුළුවන් වුණා. විමල් වීරවංශලා, දිනේශ්ලා, ජී.එල්. පීරිස්ලා, බන්දුල ගුණවර්ධනලා මේ වගේ රාජපක්ෂගේ හෙන්චයිල්ලා ටික පාර්ලිමේන්තු වැඩ කටයුතු අවුල් කළ නිසා ඉතිරි පොරොන්දු 04 ක්‍රියාත්මක කරන්න බැරි වුණා. ඡන්ද පනත ගේන්න බැරි වුණා. තොරතුරු දැන ගැනීමේ පනත ගේන්න බැරි වුණා. ඒත් අපි කිව්වොත් කරන පක්ෂයක්. ඒ නිසා ජනවාරි 08 දිනූ ජයග්‍රහණය අගොස්තු 17 වෙනිදා විජයග්‍රහණයක් බවට පත් කරන්න ඕනි.

මහින්ද රාජපක්ෂ නින්දෙන් නැගිටලා අවුරුදු 11 ක් මෙලෝ දෙයක් නොකර අපෙන් අහනවා මොනවද කරන්නේ කියලා. අනේ මහින්ද ඒකට උත්තරයක් දෙන්න නම් ඕනෙ. ඒ නිසයි අපි අහන්නේ මහින්ද රජපක්ෂ ඉස්සෙල්ලාම කිව්වා රු. 10,000/-කින් පඩි වැඩි කරනවා කියලා. ඒක ගැන කිව්වම කියන්නේ විධායක බලයවත් ළඟ තියාගෙන මට දෙන්න බැරි දේ උන් කොහොමද දෙන්නේ කියලා. දැන් එයාගේ අදක්ෂතාවයයි අපේ දක්ෂතාවයි පේනවා.

අපි දවස් 29 කින් ඒ රු. 10,000/- රාජ්‍ය සේවකයන්ට ලබා දුන්නා කියන එක කියන්න ඕන. මහින්ද රජපක්ෂ පෙන්ෂන් එක අවුරුදු 10 ක් ඇඳන් ගියා. 2006,2007, 2010, 2012, 2014 හය ගමනක් බොරු කළා. අගෝස්තු මාසේ 10 වෙනිදා කෝටි දෙදස් එකසිය අසූවක් ඒ සියලු ම විශ්‍රාම වැටුප් ගෙවන්න අපි මුදල් වෙන් කරනවා කියන එක කියන්න ඕනි. විශ්‍රාම වැටුප් එක්ක වැඩි කරලා අපි රුපියල් 2500 කුත් වැඩි කළා. මහපොළ රු. 5000/- කින් වැඩි කළා. සමෘද්ධිලාභීන් 200%ක් වැඩි කළා. මට තාම මතකයි අපි උපරිමාධිකරණයට ගියා තෙල් මිල අඩු කරන්න, තෙල් මිල, ඩීසල්, පෙට්‍රල්, ගෑස් මිල ඉතා අධිකයි කියලා. උසාවියෙන් නඩුව දිනුවා. මහින්දව ජනතාව පරාජය කළා. අවුරුදු 6-7 ක් මේ වැඩි වුණ මිල අඩු කරන්න දුන්නෑ. ඒත් ජනවාරි 8 අපි ආණ්ඩුව දිනුවා. 29 ය අපි ඒක ලබා දුන්නා. මහින්ද රාජපක්ෂට තවත් අහන්න ඕනිද තවත් අපි මොනවාද කළේ කියලා. ගෑස් පෙන්නපු ආණඩුව අපි ගෑස් බැස්සුවා. ලෝක වෙළඳපොලේ මිල අඩු වූ නිසා දින 4කට 5කට ඉස්සෙල්ලා අපි අයි ගෑස් මිල අඩු කළා. අපිට අවශ්‍ය වෙන්නේ ඔබේ සාක්කු පුරවන්න මිසක් පාලකයන්ගේ සාක්කු පුරවන්න නොවෙයි.

කිරිපිටි වගේ අත්‍යවශ්‍ය භාණ්ඩ 13 ක මිල අඩු කළා. විශ්ව විද්‍යාල සමීක්ෂණ වලින් හෙළි වෙලා තියෙනවා 04 දෙනෙක් ඉන්න පවුලකට මාසෙකට 6500 ක් පමණ ඉතුරුවක් කියලා. රුපියල් කෝටි 96800 ක් මුදල් වෙළෙඳපොලට ගෙනත් දුන්නා. මුදල් තියෙනකොට ඉල්ලුමට සැපයුම ඕනි. එතකොට නිෂ්පාදනය ඕනි. එතකොටයි රැකියා බිහිවෙන්නේ. මේ සියල්ල දුන්නේ බදු නැතුව. අපි ශුද්ධ පිරිසිදු පාලනයක් ජනතාව වෙනුවෙන් ගෙනියන්නේ. සුළුතර ආණ්ඩුවකින් එහෙම කළා නම් බහුතර ආණ්ඩුවකින් කොච්චර කළ හැකි ද? අද පිට රටින් අඩු පොළියට ණය ගන්න හරිම ලේසියි. ඉන්දියාවෙන්, ජපානය වැනි විවිධ රටවල් එක්ක මහින්ද රාජපක්ෂ ගැටුම් ඇති කර ගත්ත නිසා තමයි ඒවාට වැඩි පොලී ගෙවන්න වුනේ. මුළු ලෝකයම අද ලංකාව දෙස බලනවා. ඒකේ වාසිය ඔබට තිබෙනවා. ඒ සල්ලි අපි වියදම් කරන්නේ ඔබ වෙනුවෙන්. ගෝල්ඩන් කී සල්ලි අවුරුදු 10ක් විතර තිස්සේ පාවිච්චි කළේ මහින්දලා, කබ්රාල්ලා. අපි ඇවිත් උසාවියට ඉල්ලීම් කරලා සමහරු කකුලෙන් අදිද්දීත් ජූලි 24 වෙනිදා 9800 ක තැන්පත් කරුවන්ට ඒ තැන්පත්වල පළවෙනි අදියර ගෙවනවා. ජනතාවගේ සාක්කු සල්ලි වලින් පුරවලා අලුත් ලංකාවක් බිහි කරන්නයි අපිට අවශ්‍ය වන්නේ.

අපි රු.100/- න් කරන දේ මහින්ද රාජපකෂ රු. 1000/- න් කළේ. අපි ඒ 900 තමා අඩු කළේ. මහින්ද වගේ දූෂණ සාක්කුවට සල්ලි එවන එකට වඩා අපේ අහිංසක ජනතාවගේ සල්ලි ඉතිරි කරන එකයි අපි කළේ. මහින්ද රාජපක්ෂගේ සංවර්ධනය ඇණ හිටලා. ජනතාවගේ සංවර්ධනය ඇණ හිටලා නෑ. මහින්ද හරි කැමැතියි පාරවල් හදන්න. කිලෝමීටරයක් හදන්න මිලියන හාරදාහත් නවදාහත් අතර විතර ගියා. තව ටික දිනකින් අපි උතුරු අධිවේගි මාර්ගය හදනවා. ඒ දින 180 ට තව අවුරුදු හයක පාලනය දුන්නම පෙනේවි මේ වෙනස. නාස්ති කරන්නෑ අපි. රාජපක්ෂලා පාලමක් හදාවි ගමක් නැතිව.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us