News Items (18842)
සබරගමුව මහ ඇමැතිවරයාගේ ආරක්ෂාව සඳහා යොදාගත් පළාත් සභාවට අයත් ජීප් රථයක ගංජා තබා ගත්තැයි සැකපිට අත්අඩංගුවට ගත් එහි රියාදුරා ලබන 22 දක්වා රිමාන් කරන ලෙස කෑගල්ල මහේස්ත්‍රාත් මයිකල් මැචාඩෝ මහතා නියෝග කළේය.
හිට්ලර් වෙජිටේරියන් හැබැයි එයා මිනී මරුවෙක් -මර්වින් සිල්වා
දේශපාලනයේදී පුද්ගලයන් "උඩ යට" යන්නේ ජනතා තීන්දු අනුවය. ඒත් ජනතා තීන්දුවෙන් උඩට ගිය මර්වින් සිල්වා හිටපු අමාත්‍යවරයා පක්‍ෂ තීන්දුවෙන් දැන් "බිමට" වැටී ඇත. මේ පසු බිම ගැන මර්වින් සිල්වා මහතා සමග අපි කෙළින්ම කතා කළෙමු.
දකුණු පැසිෆික් සාගරයේ සොලමන් දිවයින් ආසන්න ප්‍රදේශයේ යේ අද (18) ප්‍රබල භූ කම්පනයක් සිදුවූයේය.
ගන්ජා කීලෝ 3ක් සමග සබරගමුව පළාත් සභා මහ ඇමති මහීපාල හේරත්ගේ ආරක්ෂක රථය මීට ස්වල්ප මොහොතකට පෙර පොල්ගහවෙල සුරාබදු නිලධාරීන් විසින් පොල්ගහවෙල නගරයේදී අත්අඩංගුට ගෙන තිබේ.
ප්‍රගීත් අතුරුදහන් කල රාජපක්ෂාලාට සන්ධ්‍යා පොල් ගහයි!(photos)
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතාව රාජපක්ෂ රෙජීමය විසින් පැහැරගෙන ගොස් අතුරුදන් කර අදට(18 ) දින 2000ක් සම්පූර්ණ වෙයි. මේ හේතුවෙන් අද මෝදර කාලි කෝවිලේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ බිරිද සන්ධ්‍යා ප‍්‍රියංගනී එක්නැලිගොඩ ගේ මූලිකත්වයෙන් විරදම් අධිෂ්ඨාන පූජාවක් පැවැත්වුණි.
ඊයේ අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණයේ පැවති එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මංගල රැලියට සමස්ත අධිකරණ පද්ධතියම මුලාවකට ලක් කළ හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා ද ගොඩවූයේය. ඔහුට එහිදී පවසන්නට තිබුණේ අපේ හිතවත් මෛත්‍රීපාල සිරිසේන දැන් වෛරී සිරිසේන බවට පත් වී ඇති බවකි.
නාම යෝජනා කලිකලහය ගිනි ගන්නට ආසන්න තරමට ගිනියම් වී පැවැති පසුගිය සති අන්තයේ තවත් ආන්දෝලනාත්මක පුවතක් අසන්නට ලැබුණි. ඒ බොරැල්ල කැම්බල් පිටියේ පැවැති එක්සත් ජාතික පක්ෂ සමුළුවේදී මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා කළ ප්‍රකාශයකි. එය එතරම් ගණන් ගත යුතු ප්‍රකාශයක් හැටියට සැලකිය නොහැකි වුවද ප්‍රතිවාදී එක්සත් ජනතා නිදහස් සන්ධානය පාර්ශ්වයෙන් ඊට එරෙහිව එල්ල වුණේ ප්‍රබල ප්‍රහාරයකි.
මහා පරිමාණ වංචා හා දූෂණ චෝදනා එල්ලවූවන් ප්‍රසිද්ධ සාක්‍ෂි විභාග සඳහා කැඳවීම අගෝස්‌තු මස 20 වැනිදා දක්‌වා කල් දැමීමට විශේෂ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව පියවර ගෙන ඇත.
පාර්ලිමේන්තු මැතිවරණය සඳහා භික්ෂුන් වහන්සේ 150 නමක් පමණ ඉදිරිපත්ව ඇතැයි අතිරේක මැතිවරණ කොමසාරිස් ආර්. එම්. එල්. රත්නායක මහතා කීය.
එළඹෙන මහ මැතිවරණයේ ප්‍රතිඵලය කුමක් වුවත් මැතිවරණයෙන් පසු නිශ්චිත කාල සීමාවක් සඳහා ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රබලයන් පිරිසක් දැනටමත් සාකච්ඡා ආරම්භ කොට ඇති බව දේශපාලන ආරංචි මාර්ග කියයි.
