හිට්‌ලර් වෙජිටේරියන් හැබැයි එයා මිනී මරුවෙක්‌ -මර්වින් සිල්වා

Sunday, 19 July 2015 09:12

දේශපාලනයේදී පුද්ගලයන් "උඩ යට" යන්නේ ජනතා තීන්දු අනුවය. ඒත් ජනතා තීන්දුවෙන් උඩට ගිය මර්වින් සිල්වා හිටපු අමාත්‍යවරයා පක්‍ෂ තීන්දුවෙන් දැන් "බිමට" වැටී ඇත. මේ පසු බිම ගැන මර්වින් සිල්වා මහතා සමග අපි කෙළින්ම කතා කළෙමු.

ප්‍රශ්නය - ඔබ මෙවර මැතිවරණයට එන්න ලොකු සූදානමක්‌ තිබුණා. පෝස්‌ටර් කටවුට්‌ සූදානම් කරලා ප්‍රදර්ශනය කරලා තිබුණා. ඇත්තටම ඔබට මොකද මේ වුණේ?

පිළිතුර - මට කිසි දෙයක්‌ වුණේ නෑ. බැසිල් රාජපක්‍ෂට හා ගෝඨාභය රාජපක්‍ෂට එරෙහි වීම නිසා මට පක්‍ෂයෙන් නාම යෝජනා ලැබුණේ නෑ. එජනිස ලේකම් සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමා මගේ මිත්‍රයෙක්‌. ඒ වුණත් එතුමා බැසිල් රාජපක්‍ෂගෙන් උපදෙස්‌ අරගෙන නාම යෝජනා ලැයිස්‌තුව සකස්‌ කිරීම ගැන මට ලොකු කණගාටුවක්‌ තියෙනවා.

ප්‍රශ්නය - ඔබ කොහොමද කියන්නේ සුසිල් ප්‍රේම ජයන්ත මහතා බැසිල් රාජපක්‍ෂ මහතාගෙන් උපදෙස්‌ ගත්තා කියලා.

පිළිතුර - ඇයි ඔබ රූපවාහිනි බලන්නේ නැද්ද? රිමාන්ඩ් සිරභාරයේ ඉඳලා ආපු බැසිල් සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ ගෙදරට ගියේ කැඳවීමක්‌ නැතුවද? ඒ අය සේරම එකතු වෙලා එක එක පක්‍ෂයෙන් එක්‌කෙනා ගානේ කැලණියට දැම්මා. කැලණිය ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති රණවීරට නාම යෝජනා ලබා දුන්නෙ බැසිල්ගේ උපදෙස්‌ ඇතුවයි. මේ ආසනයේ පාක්‍ෂිකයෝ බේදභින්න කරලා මාව විනාශ කරන්න ඕනෑ කම තියෙන්නේ බැසිල්ලාටයි. නමුත් මම කාටවත් වෛර කරන්නෙ නෑ.

ප්‍රශ්නය - ඔබ කියන්නෙ එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ නාම යෝජනා දීලා තියෙන්නෙ වැරදි විදියට කියලද?

පිළිතුර - පසුගිය කාලේ මහින්ද රාජපක්‍ෂ ඔසවා තබන්න කැප වූ සියලු දෙනාට නාම යෝජනා ලැබිලා තියෙනවා. ඒක ගැන මම සතුටු වෙනවා. නමුත් මට නාම යෝජනා නොදෙන්න හේතුව මොකක්‌ද කියලයි මම අහන්නෙ? මට පැමිණිලි තියෙනවාද? මම හිරේ ගිහින් තියෙනවාද? දූෂණ වංචා තියෙනවාද? මම ඡන්දය පැරදී තියෙනවාද? මේ මොකවත් නැති මට නාම යෝජනා නෑ. පසුගිය ජනාධිපතිවරණයෙන් පරාජයට පත් වූ මහින්ද රාජපක්‍ෂ මහතාට නාම යෝජනා දුන්නා. මේක සාධාරණද?

ප්‍රශ්නය - මහින්ද රාජපක්‍ෂ මහතා පරාජය වුණාම ඔබ කීවා දිට්‌ඨ ධම්ම වේදනීය කර්මය පල දීලා කියලා. දැන් ඔබට නේද ඒ කර්මය පල දීල තියෙන්නෙ?

පිළිතුර - සහෝදරයා මම හොඳ බෞද්ධයෙක්‌. ඔයා බෞද්ධයෙක්‌ද?

මම - ඔව්

ඔහු - හරි එහෙනම් බෞද්ධ ධර්මයෙන්ම මම උත්තර දෙන්නම් මහින්ද මහත්තයා එක්‌ක මගේ අමනාපයක්‌ නෑ. එතුමා බෙලිඅත්තෙ ඉඳලා ආව කෙනෙකි. එතුමාගේ සහෝදරයෝ එතුමාව විනාශ කළා. මම හොඳ බෞද්ධයෙක්‌ දෙවියන් අදහන කෙනෙක්‌. හැබැයි මම දෙවියන්ගෙන් මොනවාවත් ඉල්ලලා නෑ. බැසිල් රාජපක්‍ෂ ඔය තැනට ඔසවා තැබුවේ මමයි. මගේ ජනප්‍රියත්වයට බැසිල් බය වුණා. ඔහු ප්‍රාදේශීය සභාව මට විරුද්ධව මෙහෙයවූවා. කැලණියේ සංවර්ධනය නැවත්තුවා. ජනතාව අපි අතර විශාල ගැටුමක්‌ නිර්මාණය කලා. මම මේවා ගැන මහින්ද ජනාධිපතිට එදා කීවා. එයා මට කීවා පොළොන්නරුවට යන්න කියලා. මම බෑ කියල අනුරාධපුරයට ගියා. ඒ කාලේ මගේ හොඳ යහලුවෝ තුන්දෙනෙක්‌ සුදු වෑන්වලින් අරන් ගියා මරන්න. හැබැයි මහින්ද රාජපක්‍ෂ මැතිතුමා ඒ අය බේරලා දුන්නා.

ප්‍රශ්නය - ඒවා එහෙම වෙන්නැති. මම අහන්නෙ ඔබතුමා සිරස මාධ්‍ය ආයතනයට පහර දුන්නා. රූපවාහිනි සංස්‌ථාවට කඩා පැන්නා. සමෘද්ධි නියාමක නිලධාරියෙක්‌ ගස්‌ බැන්දා ඒවායේ විපාක නෙවෙයිද අද විඳින්නෙ?

පිළිතුර - ලෝකයේ දේශපාලනය කරන කොයි මනුෂ්‍යයාද වැරැදිවලට පැටලිලා නැත්තේ. හොරකම් වංචා දූෂණ තක්‌කඩිකම් වගේ දේවලට දේශපාලනඥයෝ පැටලෙනවා. සිරස මාධ්‍යවේදින්ට ඒ දවස්‌වල මම කීවා මගේ වැඩවලට එන්න එපා කියලා. ඒක ඒ අය පිළිගත්තෙ නෑ. ඒ නිසා ඇති වූ සිද්ධියක්‌ බේරන්නයි මම මැදිහත් වුණේ. අද සිරස මගේ මිත්‍රයෙක්‌. රූපවාහිනියේ ප්‍රශ්නයක්‌ ගැන බලන්න මට ඉහළම තැනකින් නියෝග ලැබුණා. ඒකයි මම රූපවාහිනියට ගියේ. එහිදී මට එදා හිටපු සභාපති කීවා කඩයක්‌ තියෙනවා, පිටුපස්‌සෙන් බැහැල බේරිලා යන්න කියලා. රුහුණේ අපි කවදාවත් පස්‌සා දොරෙන් ගිහිල්ල නෑ. මම ඉස්‌සරහට ආව නිසයි ඒ කලබලය ඇති කළේ. අනෙක සමෘද්ධි නිලධාරියා ගස්‌ බැන්ද සිද්ධියෙන් ඩෙංගු වලක්‌වා ගැනීම ගැන සියලු දෙනා උනන්දු වුණා. ඇති වුණේ පොඩි සිද්ධියක්‌. ඒකට ලොකු ප්‍රසිද්ධියක්‌ ලැබුණ නිසා ඩෙංගු උවදුර මඩින්නත් නිලධාරීන් උනන්දු වුණා. ඉතිං ඒක හොඳක්‌ නොවෙයිද? අනෙක ඔයා නොකීව කාරණයක්‌ තියෙනවා.

මුන්නේස්‌වරම් දේවාලයේ බිලි පූජාව නතර කළෙත් මමයි. ඒකට ඒ පූජකවරු ශාප කරනවා කීවා. මම අදහන ධර්මය අනුව සතෙකුගේ ජීවිත බේරීම මහ පූණ්‍ය කර්මයක්‌ ඉතිං කොහොමද මට ශාප වෙන්නෙ. මම ඒ හොඳ දේවල් කරපු විදිහ හොඳ නෑ කියලා කාටහරි කියන්න පුළුවන්. අද මම මෙහෙම හරි ඉන්නෙ ඒ හොඳ දේවල් නිසයි.

ප්‍රශ්නය - වත්මන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පසුගියදා කළ ප්‍රකාශය ගැන ඔබ කොහොමද හිතන්නෙ?

පිළිතුර - කොන්දක්‌ ඇති නායකයෙක්‌ කළ ප්‍රකාශ හැටියට තමයි මම ඒක දකින්නෙ. එතුමා බොහෝම පැහැදිලිව කීවා පක්‍ෂයේ අනෙක්‌ අය කැමැති වුණත් මම මහින්දට නාම යෝජනා දෙන්න කැමති වුණේ නැහැ කියලා. බහුතර අයගේ කැමැත්තට ඉඩ දුන්නේ ප්‍රජාතන්ත්‍රවාදී නිසයි. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙක්‌ දිස්‌ත්‍රික්‌ උසාවියේ නඩු අහන්න එන්නෙ නෑනේ. ඉතින් ඇයි මේ මහින්ද මහත්තයා නැවත නැවත ඡන්දය ඉල්ලන්න පොරකන්නෙ. එතුමා ඡන්දය ඉල්ලන්නෙ නැතිව පක්‍ෂයේ ඡන්දය ඉල්ලන අයට උදව් කරමින් මැතිවරණ සටන මෙහෙය වන්න ඉදිරිපත් වුණා නම් එතුමාගේ නම ඉතිහාසයේ රන් අකුරින් ලියවෙනවා.

ප්‍රශ්නය - ජනතාවගෙන් බහුතරයක්‌ එතුමාට ඡන්දයට එන්න ආරාධනා කළානෙ.

පිළිතුර - හරි හරි මම කියන්නෙ කව්රු මොනවා කීවත් නායකයා මනා පෞරුෂයක්‌ ඇත්තෙකු ලෙස කටයුතු කළ යුතුයි. එදා ශ්‍රීලනිපයේ ලේකම්ලා දෙකට තුනට නැමිලා හිටියේ. කිසි දෙයක්‌ කතා කළේ නෑ. කතා කළොත් ඉවරයි. අද ඕනෑ දෙයක්‌ කියන්න විවේචනය කරන්න පුළුවන්. ඒකයි ප්‍රජාතන්ත්‍රවාදය. ඒකයි වෙනස.

ප්‍රශ්නය - මෛත්‍රී - රනිල් සුසංයෝගය තුළින් උතුරේ ත්‍රස්‌තවාදය යළි හිස ඔසවන්නේ නැති වෙයිද?

පිළිතුර - මෛත්‍රී - රනිල් සුසංයෝගය ඉතා හොඳ ගැලපීමක්‌. මෛත්‍රීපාල සිරිසේන කියන ගැමියාට රටේ ජනාධිපති වෙන්න උදව් වුණේ රනිල් වික්‍රමසිංහලා. ඒක අමතක කරන්න හොඳ නෑ. මේ මහ වගකීමට රාජිත, එම් කේ. ඩී. ඒ. එස්‌. ගුණවර්ධන, දුමින්ද දිසානායක, චම්පික, අපේ සෝභිත හාමුදුරුවෝ වගේ කීප දෙනෙක්‌ නිර්භයව ඉදිරියට ආවා. මමත් උදව් කළා. ඒ නිසා මේ අය පටන් ගත්තු වෙනස රටට ජනතාවට හිත කරයි.

දැන් උතුරේ කොටි ආයෙත් එයි කියලා ජනතාව බය කරනවා. මේ මෛත්‍රි - රනිල් නැවත රට ත්‍රස්‌තවාදීන්ට බාර දෙන්න තරම් දෝහියෝ වෙන්නෙ නෑ, විදේශ රටවල අද ලංකා දේශපාලන ප්‍රජාතන්ත්‍රවාදය ගැන විශාල විශ්වාසයක්‌ තබලා තිබෙනවා. පුනරුත්ථාපනය වූ එල්. ටී. ටී. ඊ. සාමාජිකයිටත් ඡන්දය ඉල්ලන්න පුළුවන් වුණේ ඒ නිසයි. ජාතිවාදී කෝණයකින් නොබලා මේ සිදුවන දේවල් ප්‍රජාතන්ත්‍රවාදී කෝණයකින් බලන්න පුරුදු වෙන්න.

ප්‍රශ්නය - ඔබ රාජපක්‍ෂ පවුලේ කිට්‌ටු හිතවතෙක්‌. ඔවුන්ගේ පෞද්ගලික තොරතුරු ඔබ දන්නා බව ඔබම කියනවා. පසුගිය කාලේ ඔබ ආරක්‍ෂා වුණෙත් ඒ නිසාද? දැන් ඔබ ඔවුන් පාවා දෙන්න හදන්නේ ඇයි?

පිළිතුර - මම මුලදීමත් කීවා. මහින්ද රාජපක්‍ෂ මැතිතුමා සමඟ මගේ අමනාපයක්‌ නෑ. මට විරුද්ධවාදී කම් කළේ ගෝඨාභය හා බැසිල් සොහොයුරන්. ඔය දන්නවාද හිට්‌ලර් වෙජිටේරියන් කෙනෙක්‌. එළවළුයි බතුයි කන කෙනෙක්‌. හැබැයි මිනිමරුවා. සමහර අය ගැන මගේ උත්තරේ ඕකයි?

ප්‍රශ්නය - මම අහන්නෙ ඔබ රාජක්‍ෂලා සමඟ වෛරයෙන් ඔවුන් පාවා දෙනවා නේද කියලයි

පිළිතුර - අපොයි මම මොකටද වෛර කරන්නෙ. මම කාටවත් වෛර කරන්නෙ නෑ. කල කල දේ පල පල දේ කියල කියමනනක්‌ තියෙනවානේ ඒක අපි කාටත් පොදුයි.

රාජපක්‍ෂලාටත් ඒක වලංගුයි. හැබැයි සහෝදරයා ඒ අය එක්‌ක මගේ තිබුණ පෞද්ගලික මිත්‍රත්වය සහෝදරත්වය නිසා මාව විශ්වාස කරගෙන කරපු කියපු කිසි දෙයක්‌ මම කිසි කෙනෙකුට කියන්නෙ නෑ. කව්රු හරි පිස්‌තෝලයක්‌ බෙල්ලට තියලා තර්ජනය කරලා ඇහුවත් මම ඒ පිස්‌තෝලය උදුරා ගෙන වෙඩි තියාගෙන මැරෙනවා මිසක්‌ ඒ මාව විශ්වාස කරල කරපු කියපු දේ කාටවත් කියන්න යන්නෙ නෑ. ඒක මගේ ප්‍රතිපත්තියක්‌. මම රාජපක්‍ෂ පවුල ගැන කථා කරන්නේ ඔවුන්ගේ දේශපාලනය ගැනයි. ඉන් එහාට දෙයක්‌ නෑ.

diwaina

 

Last modified on Sunday, 19 July 2015 09:17

Leave a comment

Gossip

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

අපි කවුරුත් හොදින් දන්නා හදුනන නිරූපණය සහ රංගනය වගේම ව්‍යාපාර ක්ෂේත්‍රය තුලත් දැන් වඩාත් ප්‍රසිද්ධ ක...

සජිත්-අනුර විවාදය ITN  එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත්-අනුර විවාදය ITN එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර මහතා අතර පැවැත්වීමට නියමිත තමතමන්ගේ පක්ෂ වල ආර්ථික ප්‍රතිපත්ති සම...

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලෝකයේ ත්‍රාසජනක ක්‍රීඩාවක් ලෙස හදුන්වන waterfall rope swing jump ලක්ෂපාන දියඇල්ල ආශ්‍රිතව ලංකාවේ පළම...

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

දුශේනි කියනනේ තරුණ රංගන ශිල්පිනියක් වගේම ලෝක රූ රැජිනියක් වශයෙන් කිරුළු පැළඳ සිටින සුරුපිනියක්.

අනං මනං

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us