ඇෆ්ගනිස්ථාන හමුදා රැඳී සිටි මාර්ග බාධකයකට එල්ල වූ ඇමරිකානු ගුවන් ප්‍රහාරයකින් හමුදා සෙබළුන් අට දෙනෙකු පමණ මියගොස් ඇතැයි වාර්තා වේ.

මෙවර මහමැතිවරණයේදී දෙමළ ජාතික සන්ධානය, උතුරු හා නැගෙනහිර පළාත් දෙකෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ආසන 22 ක ඉලක්කයක් වෙනුවෙන් තරග කරන බව ඉලංගෙයි තමිලරසු පක්‍ෂයේ අපේක්‍ෂක පී.අරියනේන්ද්‍රන් ප්‍රකාශ කරයි.

ප්‍රගීත් එක්නැලිගොඩ කියන්නෙ කව්ද කියල අපි හැමෝම දන්නවා. ඒ නිසා ඔහු ගැන අමුතුවෙන් සටහනක් තැබීමේ අවශ්‍යතාවයක් නොමැත. ප්‍රගීත් එක්නැළිගොඩ අතුරුදහන්වී පෙරේදාට (18) දින 2,000ක්. ඒ වෙනුවෙන් සහ සියලු අතුරුදහන්කිරීම්වලට එරෙහිව ඔහුගේ බිරිඳ සන්ධ්‍යා එක්නැළිගොඩ, පුතුන් දෙදෙනා වන සංජය හා හරිත් එක්නැළිගොඩගේ මූලිකත්වයෙන් මෝදර කාලි කෝවිලේ විරදම් අධිෂ්ඨාන පුජාවක් පැවැත්වූයේය. හැමදාමත් ඔවුන් සමග ප්‍රගීත් එක්නැළිගොඩ සොයාගැනීමේ අරගලයේ සිටි මාධ්‍යවේදී ලසන්ත රුහුණගේ මහතාද එම අවස්ථාවට සහභාගී වී සිටියේය. දෙයියො බුදුන් ඇදහීම වෙනම කාරණයකි. ඒ පිළිබඳ අපට වෙනම කියවීමක් ඇත. නමුත් අද දවසේ ඔවුන්ට නොපෙනන දෙවියන්ගේ උපකාරය අවශ්‍යවී ඇත්තේ පෙනෙන මිනිසුන් විසින් අද දවසේ එක්නැළිගොඩලා අමතක කර ඇති බැවිනි.

පසුගියදා පැවති මොහාන් රාජ් මඩවලගේ ‘ත‍්‍රිමාණ කියවීමක්’ විචාර සංග‍්‍රහය එළිදැක්වීමේදී ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාද ප්‍රධාන දේශනයක් සිදු කළේය. ඔහු සිය දේශනය මගින් ලංකාවේ කුඩු, එතනෝල්, අරක්කුකාරයන්ගේ උත්පත්ති කතාව පිළිබද ඔහුගේ දැක්ම මෙසේ ඉදිරිපත් කළේය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දේශපාලනයෙන් නෙරපා දැමීම සඳහා, මෛත‍්‍රී -රනිල් රහස් ගිවිසුමකට එළඹ ඇතැයි ඉතා විශ්වාසවන්ත කටයුතු දේශපාලන ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

සිරියාවේ අයි එස් ත්‍රස්තවාදීන් හා එක්ව සිටි ශ්‍රී ලාංකිකයකු ගුවන් ප්‍රහාරයකින් මියගොස් ඇති බවට ඊයේ (19) වෙබ්පුවත් මාධ්‍ය වාර්තා කළේය. ඊයේ උදෑසන සිලෝන්ටුඩේ වෙබ් අඩවියෙන් එම පුවත වාර්තා කර තිබුණු අතර රාත්‍රියේ ලංකාදීප වෙබ් අඩවිය ද එය වාර්තා කලේ ය. පුවතට අදාල තොරතුරු මූලාශ්‍ර ලෙස මියගිය පුද්ගලයාගේ මස්සිනා යැයි සඳහන් අයෙක් තැබූ ෆේස්බුක් සටහනක් ගැන සඳහන්ව තිබුණි. පාකිස්ථානයේ ඉස්ලාමාබාද් ඉස්ලාම් විශ්වවිද්‍යාලයෙහි එල් එල් බී උපාධිධරයෙකු ලෙස ද විවාහක හය දරු පියෙකු ලෙස ද මියගිය පුද්ගලයා පිළිබඳව සටහන් ව තිබූ අතර විශේෂයක් ලෙස ඔහු කරාටේ කලු පටි ධාරියෙකු ලෙසද සඳහන් කර තිබුණි.

surfing ක්‍රීඩාව කියන්නේ විනෝදය වගේම බිහිසුණු බවත් රැගෙන එන ක්‍රීඩාවක් බව පසුගියදා තහවුරු උනා .

 මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වන දේශපාලකයන්ගේ ලැයිස්තුවක් අවශ්‍ය නම් නාමයෝජනා කැඳවන්නට පෙර ලබාදෙන බවට ප‍්‍රසිද්ධ කළ අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලයේ සභාපති වෛද්‍ය නිලංග සමරසිංහට දිගින් දිගටම මරණ තර්ජන එල්ල වන බව වාර්තාවේ.

ගසකින් තවත් පැලයක් ලබාගන්න අවශ්‍ය වෙලාවට අපි ගහකට වෙනත් අතු කොටසක් බද්ධ කිරීම සිදු කරනවා. නමුත් ඒ තාක්ෂණයම පසුගියදා මිනිස් අතක් බේරාගැනීම සඳහා යොදා ගැනුණා.

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී සජින් වාස් ගුණවර්ධන මහතා බන්ධනාගාර රෝහලෙන් ඉවත් කොට සාමාන්‍ය සිරකරුවන් රඳවා සිටින වාට්ටුවකට මාරුකර යවා තිබේ.

Connet With Us