ප්‍රසන්න සහ බිරිඳ FCIDයේ

Published in පුවත්
Monday, 20 July 2015 10:27

බස්නාහිර පළාත් ප‍්‍රධාන අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග මහතා සහ ඔහුගේ බිරිද ප‍්‍රකාශයක් ලබාදීම සදහා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ අද (20) පෙනී සිටියේය.

මීතොටමුල්ල ප‍්‍රදේශයේ ඉඩම් ගනුදෙණුවකදී සිදුවූ බව කියන මූල්‍ය අක‍්‍රමිකතාවයක් පිළිබදවයි මෙම ප‍්‍රකාශය ලබාදීමට නියමිතව ඇත. මීට පෙර අවස්ථා දෙකකදී ද ප‍්‍රසන්න රණතුංග මහතාගෙන් සහ ඔහුගේ බිරිදගෙන් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය ප‍්‍රකාශ ලබාගත්තේය.

ඉකුත් 10 වනදා ද ඔවුන් දෙදෙනාට එම පොලිස් කොට්ඨාසය වෙත කැදවීමක් ලැබී තිබුණත් එදින ඔවුන් එහි පෙනී සිටියේ නොසිටියේය.

කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණය ලබාදුන් නියෝගයක් අනුව ප‍්‍රසන්න රණතුංග මහතා සහ ඔහුගේ භාර්යාව අද (20) පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය හමුවට පැමිණියේය.

ප‍්‍රසන්න රණතුංග මහතා මෙවර මහමැතිවරණයට තරග කරන බැවින් මෙම වකවානුවේදී ඔහුගෙන් කෙරෙන ප‍්‍රශ්න කිරීම් තාවකාලිකව නතර කරන්නැයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් සුසිල් පේ‍්‍රම්ජයන්ත් මහතා මැතිවරණ කොමසාරිස්වරයාගෙන් ඉල්ලීමක් කළ අතර මැතිවරණ කොමසාරිස්වරයා ඒ බව පොලිස්පතිවරයාටද දැනුම්දුන් නමුත් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවේ කියා සිටියේ සිය විමර්ශනවලට අදාළව ප‍්‍රකාශ ලබාගැනීම ඉක්මණින් කළයුතු බවයි.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us