ඇමරිකානු ගුවන් ප්‍රහාරයකින් ඇෆ්ගනිස්ථාන හමුදා සෙබළුන් පිරිසක් ජීවිතක්ෂයට

Published in විදෙස්
Monday, 20 July 2015 13:50

ඇෆ්ගනිස්ථාන හමුදා රැඳී සිටි මාර්ග බාධකයකට එල්ල වූ ඇමරිකානු ගුවන් ප්‍රහාරයකින් හමුදා සෙබළුන් අට දෙනෙකු පමණ මියගොස් ඇතැයි වාර්තා වේ.


ඇෆ්ගන් ආරක්ෂක බලධාරීන් ප්‍රකාශ කරන පරිදි දකුණු කාබුල් ප්‍රදේශයේ ලෝගාර් පළාතේ පිහිටා තිබූ හමුදා මාර්ග බධකයකට අද(20) උදෑසන ඇමරිකානු හෙලිකොප්ටර් යන දෙකක් මගින්ප්‍රහාර එල්ල කර ඇත. මෙම ප්‍රහාරයෙන් කිහිපදෙනෙක් තුවාල ලබා ඇත.

ප්‍රහාරය එල්ල වූ ප්‍රදේශය බාරව සිටින හමුදා අණදෙන නිලධාරියා ප්‍රකාශ කරන පරිදි මෙම මාර්ග බාධකයේ පැහැදිලිව ඇෆ්ගනිස්ථාන කොඩිය ප්‍රදර්ශනය කෙරී ඇත. ලෝගාර් ප්‍රදේශයේ කොටසක් තවමත් තලේබාන් කැරලිකරුවන් යටතේ පවතින බව පැවසේ.

කෙසේවෙතත් මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් ඇමරිකාව පරීක්ෂණ ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

තවමත් ඇෆ්ගනිස්ථාන හමුදාව පුහුණු කිරීමට සහ උපදෙස් ලබාදීම සඳහා ජාත්‍යන්තර හමුදා සෙබළුන් දස දහසක් පමණ ඇෆ්ගනිස්ථානය තුල රැඳී සිටින බව පැවසේ. නමුත් නේටෝ මෙහෙයුම් අවසන් වීමත් සමඟ ඔවුන්ගේ කටයුතු විශේෂ කාර්ය සඳහා පමණක් සීමා කර ඇතැයි වාර්තා වේ.

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us