හදිහූනියම් කළ බවට චෝදනා කර කාන්තාවක් හිස ගසා මරා දමලා

Published in විදෙස්
Tuesday, 21 July 2015 17:04

ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයේ ගම්වැසියන් පිරිසක් හදිහූනියම් කටයුතුවල නිරත වූ බවට චෝදනා කර වැඩිහිටි කාන්තාවක නිර්වස්ත්‍ර කොට ඇයගේ හිස ගසා දමා ඇති බව වාර්තා වේ.

හැටතුන් හැවිරිදි Purni Orang නම් වෙන මේ කාන්තාව ගම්මානයේ පැතිර ගිය රෝගයකට වගකිවයුතු බවට ගම්වැසියන් චෝදනා නගා තිබේ. ඝාතනය සම්බන්ධයෙන් කාන්තාවන් දෙදෙනකු ඇතුළු හත් දෙනෙක් අත්අඩංගුවට පත්ව තිබේ.

හදිහූනියම් කටයුතුවල නිරත වූ බවට චෝදනා ලත් අනූ දෙනකු පමණ පසුගිය වසර හය ඇතුළත මෙලෙස ඝාතනය කොට ඇති බව ඇසෑම් ප්‍රාන්ත පොලිසිය පවසයි.

හිස ගසා දැමීම, පණ පිටින් පුළුස්සා දැමීම හෝ කපා කොටා මරා දැමීමට ගොදුරු වූ එම පිරිසෙන් වැඩි දෙනකු කාන්තාවන් වන බවත් පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.

ඇසෑම් ප්‍රාන්තයේ ජීවත්වෙන ගෝත්‍රික කණ්ඩායම් සහ වතු කම්කරුවන් අතර මෙවැනි අන්ධ විශ්වාසයන් බහුලව දක්නට ලැබෙන බව පැවසේ.

මෙවැනි ඝාතන සිදුවීමට හේතුව ලෙස පැවසෙන්නේ මිනිසුන් තුල පවතින අන්ධ විශ්වාසයන් මෙන්ම වැන්දඹු කාන්තවන් සතුව පවතින දේපල සහ ඉඩම් ලබාගැනීමේ වුවමනාවයි.

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us