මහින්ද දේශපාලනයෙන් නෙරපන්න මෛත‍්‍රී රනිල් රහස් ගිවිසුමක

Published in පුවත්
Monday, 20 July 2015 12:44

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දේශපාලනයෙන් නෙරපා දැමීම සඳහා, මෛත‍්‍රී -රනිල් රහස් ගිවිසුමකට එළඹ ඇතැයි ඉතා විශ්වාසවන්ත කටයුතු දේශපාලන ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

පසුගියදා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සිදු කළ විශේෂ ප‍්‍රකාශයද මේ එකඟතාවයන් අනුව සිදුව ඇත. මෙහිදී ජනාධිපතිවරයා මෙරට ඉතිහාසයේ අන් නායකයකු නොකළ ආකාරයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී භාවිතාවක් ගැන යම් කරුණු දැක්වීමක්ද සිදු කළ අතර අනාගත ශ‍්‍රී ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලන ව්‍යුහයේ වෙන නව්‍ය වෙනස්කම් ගැනද ඉඟියක් ලබා දුන්නේය. මේ වෙනුවෙන් මහින්ද රාජපක්ෂ මහතාට හිතවත් කණ්ඩායම දේශපාලනයෙන් නෙරපා හැරීම ද මෙම එකඟතාවයේ තවත් අරමුණක් වී තිබේ. එමෙන්ම ජනාධිපතිවරයාගේ ආන්දෝලනාත්මක ප‍්‍රකාශය පිළිබඳ ජනාධිපතිවරයාට සමීප පුද්ගලයන් පවා නොදැන සිටි නමුත් අගමැතිවරයා ඒ සම්බන්ධයෙන් පූර්ණ අවබෝධයකින් පසුවූ බවත් එම ආරංචිමාර්ග පෙන්වා දෙයි.

ජනාධිපතිවරයා හා අගමැතිවරයා අතර මෙම එකඟතාව ගොඩනැංවීම වෙනුවෙන් ශ‍්‍රී ලංකාවේ විදේශ අමාත්‍යාංශය ද පසුගිය කාලයේ විශේෂ රාජතාන්ත‍්‍රික මැදිහත් වීමක් සිදුකර ඇත.

ශ‍්‍රී ලංකාව තුළ සිවිල් යුද තත්ත්වයක් ඇති නොවී ඒකාධිපති පාලනයක් වෙනස් කිරීම වෙනුවෙන් බලය හුවමාරු කර ගැනීම හා එය පවත්වාගෙන යාම සම්බන්ධයෙන් මෛත‍්‍රීපාල සිරිසේන මහතා හා අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා අනුගමනය කළ පිළිවෙත් මේ වන විට ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලන ක‍්‍රම සම්බන්ධයෙන් වන ජාත්‍යන්තර විශ්වවිද්‍යාල මට්ටමේ අධ්‍යයනයන්ට ද පාත‍්‍ර වෙමින් තිබෙන බවත් මේ අතර වාර්තා වේ.

කෙසේ නමුත් ඉන්දියාව මෙරට දේශපාලනය හැසිරවීම සඳහා මැදිහත් වීම සම්බන්ධයෙන් මහජන චීන සමූහාණ්ඩුව ද දැඩි විමසිල්ලෙන් පසුවේ. චීනය ඍජුවම මහින්ද රාජපක්ෂ මහතා වෙත අනුග‍්‍රහය දක්වන පිළිවෙතක සිටී.

සත්හඬ

 

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us