අනුරපුර එජනිස රැලියට බස් 250කින් සෙනඟ ඇද්දා

Published in පුවත්
Monday, 20 July 2015 09:42

අනුරාධපුරයේ පැවැති එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මංගල රැලිය සඳහා පිට පළාත්වලින් සෙනඟ ඇදීමට ලංකා පෞද්ගලික බස්රථ 250කට අධික සංඛ්‍යාවක් යොදා ගත් බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි. හෝමාගම, කොට්ටාව ප්‍රදේශවලින් බස් රථ 30කින් සෙනඟ ඇදීමට කටයුතු කළ බවත් සන්ධානයේ ජයග්‍රහණය උදෙසා සෙනඟ පෙන්වීමට පිට පළාත්වලින් සෙනඟ ගෙනා වීඩි‍යෝ පට තමා සතු වන බවත් ඔහු ප්‍රකාශ කළේය.

නුගේගොඩ පැවැති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මේ බව ඊයේ (19) පැවැසුවේය. පළාත් සභාවලින් සියයට 40ක් පාලනය කරනුයේ එක්සත් ජනතා නිදහස් සන්ධානය මඟින් වන අතර එසේ පාලනය කරන පළාත් සභාවන්හි රාජ්‍ය ‍දේපොළ සහ පෞද්ගලික බස් රථ අනවශ්‍ය ලෙස යොදා ගනිමින් සන්ධානයේ මැතිවරණ ක්‍රියාවන් සිදු කරන බව ද ඔහු ප්‍රකාශ කළේය. මේ සම්බන්ධයෙන් තම සංගමය විසින් මැතිවරණ කොමසාරිස්වරයාට ලිඛිත පැමිණිල්ලක් පෙරේදා (18) දිනයේ දී ඉදිරිපත් කළේ යැයි ද හෙතෙම කීය. සන්ධානයේ රැලිවලට බස් රථ සැපයීම මුදලට සිදු කරන අතර එය ගැටලුවක් නොවන බවත් ඇතැම් පළාත් සභාවල සන්ධාන මන්ත්‍රීන් බලහත්කාරයෙන් සිය මැතිවරණ කටයුතුවලට පෞද්ගලික බස්රථ යොදා ගැනීමට කටයුතු කරන බවත් ඔහු පැවැසීය.

ජනවාරි 8 වැනිදා ලබා ගත් ජයග්‍රහණය කිසිසේත්ම නැවතත් හැරවීමට ඉඩ නොතබන බවත් යහ පාලන ආණ්ඩුවක් නිර්මාණය කිරීමට සංගමයේ පූර්ණ සහාය නිතැතින්ම ලබාදෙන බවත් ඒ මහතා අවධාරණය කළේය. මේ අවස්ථාවට සංගමයේ අධ්‍යක්ෂවරුන් වන පාලිත ගුණරත්න, ඉන්දික මුණසිංහ, එස්.බී. මාරසිංහ, නියෝජ්‍ය ලේකම් එස්.බී. රත්නායක යන මහත්වරු සහභාගි වූහ.

dinamina

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us