News Items (18842)
මහින්දගේ හිත හදන්න ඉන්දියාවෙන් යෝග උපදේශකයකු ගෙන්වයි
මහින්ද රාජපක්ෂ මහතා මේවන විට බරපතල මානසික වියවුලකට ලක්ව සිටින බව වාර්තාවේ. ඊයේ ජනාධිපතිවරයා කළ ප්‍රකාශයත් සමඟ මේ තත්වය හට ගෙන තිබේ. මේවන විටත් ඔහුගේ මානසික තත්වය සංසුන් කිරීම සඳහා මනෝවෛද්‍ය උපදේශකයකු ඔහු සමඟ මේ මොහොතේත් සිටින බව දැන ගන්නට තිබේ.
අනුර යාපා කැඳවූ ශ්‍රිලනිප මධ්‍ය කාරක සභා හමුව ජනපති අවලංගු කරයි.
අද රාත‍්‍රී 08.00 කොලඹ පදනම් ආයතනයේ කැඳවා තිබූ ශ්‍රීලනිප මධ්‍යම කාරක සභා හමුව පක්‍ෂ සභාපති ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා විසින් අවලංගු කර ඇති බව වාර්තාවේ.
එම පක්‍ෂ මහ ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා මහතා විසින් මෙම විශේෂ හමුව කැඳවා තිබුනේ ඊයේ දිනයේ ජනාධිපතිවරයා විසින් කරන ලද ප‍්‍රකාශයක් සම්බන්ධයෙන් තීරණයක් ගත යුතු බවට ශ‍්‍රීලනිප මධ්‍යම කාරක සභිකයන්ගෙන් ලද ඉල්ලීම මතයි.
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා මෙවර මැතිවරණයෙන් අග්‍රාමාත්‍ය ධූරයට පත් කිරීමට ආශිර්වාද ඉල්ලා හිටපු ජනපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය රංවල දෙවියන්ට පූජාවක් පවත්වා තිබේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා ඊයේ (14) සිදු කළ ආන්දෝලනාත්මක ප්‍රකාශය පිළිබඳව බලවත් සේ කළ කිරීමට පත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරනු ලබන ඇමතිවරු හා හිටපු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු අද (15) ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.
ආක්ෂා සුධාරි සහ ස්වයං වින්දනයේ යෙදෙන මාධ්‍යකරුවන්
ආක්ෂා සුධාරි මේ දිනවල ජනප්‍රිය චරිතයක් බවට පත්ව ඇත. මේ වන විට බොහො පිරිසක් ඇයව පට්ට ගහන්න පටන් අරන්ය . එයත් සිදුව ඇත්තේ කාන්තාවකට පහර එල්ල කරන්න පුලුවන් කැතම අකාරයටය. මේ විදිහට ඇයගේ පුද්ගලික කාරණයක් අල්ලගෙන ගහන එකට නම් කිසිසේත් එකග විය නොහැකිය. ඇය මුදල් වංචාවකට චෝදනා ලබා තිබෙනවා වීමට පුළුවන. එයට අධිකරණ ක්‍රියාමාර්ගයක් සිදුවෙමින් පවතී. ඇය ජනප්‍රිය චරිතයක් නිසාවෙන් එම අධිකරණ කටයුත්ත බොහෝ මාධ්‍ය පලකර ඇත. ඇගේ කටඋත්තරය පළ කිරීම වෙනම කාරණයකි. නමුත් තමන්ගේ මාකට් එක ගැන හිතන බොහෝ උදවිය එම කටඋත්තරයේ එක් කොටසක් උලුප්පමින් නිව්ස් එක උස්සා ගන්න හදන බව පැහැදිලියි.
නාසා ආයතනයේ “නිව් හොරයිසන්” අභ්‍යාවකාශ යානය එහි ගමනාන්තය වන ප්ලූටෝ ග‍්‍රහයා ආසන්නයට ඊයේ ළඟා වී ඇති බවට යානය පණිවිඩ නිකුත් කිරීමත් සමග තහවුරු විය.
කාංචනා අමිලානිගේ පළමු කෙටි කතා සංග්‍රහය 'ගම්මිරිස් කුරුල්ලා'සහ 'ප්‍රේමයේ කාර්තු' කාව්‍ය සමුච්චය එළි දැක්වීම ජූලි 23 වැනි බ්‍රහස්පතින්දා සවස 3.00 -6.00 දක්වා මහවැලි කේන්ද්‍ර ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (14) සිදුකළ විශේෂ ප්‍රකාශය නිසා එජනිසයේ බොහෝ දෙනෙක් නොසන්සුන්තාවකට පත්ව ඇති බව වාර්තාවේ.මෙම ප්‍රකාශය නිසා ගැඹුරු දේශපාලන ප්‍රශ්න හා සැකසංකා මතුවන බව ශ්‍රීලනිපයේ මාධ්‍ය ප්‍රකාශක ඩිලාන් පෙරේරා මහතා ප්‍රකාශ කළේය.
ඉරාන න්‍යෂ්ටික නව ගිවිසුමට එක්සත් ජනපද කන්සර්වේටිව් පක්ෂය විරෝධය පළ කර තිබේ. ඔවුන් පෙන්වා දෙන්නේ අදාළ ගිවිසුම හරහා අන්තර්ජාතික ආර්ථික සම්බාධකවල බලය අඩුවන බවයි.
නීති උල්ලංඝනය කරමින් දේශපාලනඥයින් ප්‍රදර්ශනය කරන කටවුට් සහ පෝස්ටර් බැනර් ආදිය ඉවත් කිරීම සදහා ජනතාවගේ මුදල් රුපියල් කෝටි හතකට අධික මුදලක් වැය කිරීමට සිදු වී ඇති බව පොලිසිය පවසයි.
