ඉරාන න්‍යෂ්ටික ගිවිසුමට ඇමරිකාවෙන්ම විරෝධය

Published in විදෙස්
Wednesday, 15 July 2015 10:49

ඉරාන න්‍යෂ්ටික නව ගිවිසුමට එක්සත් ජනපද කන්සර්වේටිව් පක්ෂය විරෝධය පළ කර තිබේ. ඔවුන් පෙන්වා දෙන්නේ අදාළ ගිවිසුම හරහා අන්තර්ජාතික ආර්ථික සම්බාධකවල බලය අඩුවන බවයි.

ඊශ්‍රායලයද අදාළ ගිවිසුම දැඩි ලෙස විවේචනයට ලක් කර ඇතැයි පැවසේ. ඉරාන න්‍යෂ්ටික අර්බුදය සම්බන්ධව අමෙරිකාව, බ්‍රිතාන්‍ය, චීනය, රුසියාව සහ ජර්මනිය අතර සාකච්ඡා 2006 වසරේදී ආරම්භ විය.

එහි ප්‍රතිඵලයක් ලෙස ඊයේ වියානා නුවර දී ඉරාන න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් වන ගිවිසුමකට එළඹීමට ලෝක ප්‍රජාවට හැකියාව ලැබුණි.

මෙහිදී සැලකිල්ලට ගත් ප්‍රධාන කාරණයක් වුවේ ඉරානය න්‍යෂ්ටික අවි නිපදවීමට උත්සාහ ගැනීම පිළිබඳ කාරණයයි. නමුත් ඉරානය දිගින් දිගටම ප්‍රකාශ කරනු ලැබුවේ තම න්‍යෂ්ටික වැඩ පිළිවෙල සාමය මුල් කරගත්තක් බවයි.

න්‍යෂ්ටික ගිවිසුම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඉරාන විදේශ අමාත්‍ය මොහොමඞ් ජවාඞ් සරීෆ් සඳහන් කර තිබුණේ ගිවිසුම හරහා න්‍යෂ්ටික ආයුධ තැනීමේ සැලැස්මක් ඉරානයට නොමැති බවයි.

කෙසේවෙතත් මේ පිළිබඳ අදහස් දක්වන රිපබ්ලිකන් පක්ෂ නියෝජිතයෙකු ප්‍රකාශ කර ඇත්තේ මෙම ගිවිසුම හරහා මැද පෙරදිග කලාපයේ න්‍යෂ්ටික අවි පැතිරීම වැඩිවන බවයි.

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us