ණය ගන්න ග්‍රීක පාර්ලිමේන්තුවේ අනුමැතිය

Published in විදෙස්
Thursday, 16 July 2015 10:49

ග්‍රීක පාර්ලිමේන්තුව යුරෝපා නායකයන් යෝජනා කළ ආර්ථික ප්‍රතිසංස්කරණය පිළිගැනීමට එකඟතාව පළ කර තිබේ.

ඒ අනුව විශ්‍රාම වැටුප් කප්පාදු කිරීම, නව බදු පැනවීම සහ කම්කරු නීති ප්‍රතිසංස්කරණය කිරීමට අගමැති ඇලෙක්සිස් සිප්‍රාස්  එලෙස අනුමැතිය ලබා දී ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි. ඊට අදාළ පාරිලිමේන්තු මත විමසුම පැවති අවස්ථාවේ ආර්ථික ප්‍රතිසංස්කරණවලට බහුතරයක් කැමැත්ත පළකර තිබේ.

මේ අතර ඇතෑන්ස් අගනුවර පිහිටි පාර්ලිමේන්තු සංකීර්ණය  තුල ඡන්ද විමසීම පැවැත්වෙන අතරතුර  එම ප්‍රතිසංස්කරණයට විරෝධය පළ කරමින්  පිරිසක් උද්ඝෝෂණයක නිරත වී තිබේ.

විරෝධතා කරුවන් පොලිසියට පෙට්‍රල් බෝම්බ දමා ගැසීමත් සමග එය  විසුරුවා හැරීමට පොලිසියට කඳුළු ගෑස් එල්ල කළ  බව විදෙස් වාර්තා සඳහන් කරයි.

ග්‍රීසියේ හට ගැනුණු මූල්‍ය අර්බුදය විසඳීම සඳහා තුන්වන වරටත් ණය ලබා දීමට යුරෝපා නායකයන් තීරණය කිරීමත් සමග එකී ආර්ථික ප්‍රතිසංස්කරණ යෝජනා විය.ඒ අනුව මූල්‍ය අර්බුදය විසඳීම සඳහා ඉදිරි වසර තුනක කාලය ඇතුළත ඩොලර් බිලියන 86 ක ණය මුදලක් ග්‍රීසියට ලබා දීමට යුරෝපා නායකයන් තීරණය කරනු ලැබීය.

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us