අවුස්විට්ස් නාසි කඳවුරේ පොත් තබන්නාට වසර හතරක සිර දඬුවම්

Published in විදෙස්
Thursday, 16 July 2015 13:04

පසුගියදා ජර්මානු අධිකරණය අවුස්විට්ස් නාසි කඳවුරේ ආරක්ෂක නිලධාරියෙකු ලෙස සේවය කළ 94 හැවිරිදි පුද්ගලයෙකුට වසර හතරක සිර දඬුවමක් නියම කරනු ලැබුවා.

ඔහුට විරුද්ධව ඇති චෝදනාව වන්නේ අවම වශයෙන් යුදෙව්වන් ලක්ෂ තුනක් මරා දැමීමට සහය වීමයි. ඔස්කාර් ග්රෝනින්ග් නම් මේ පුද්ගලයා නාසි කඳවුරේ පොත් තබන්නෙක් ලෙස සේවය කර තිබේ.

පොත් තබන්නෙක් ලෙස ඔහුට පැවරී ඇති රාජකාරිය වන්නේ වධ කඳවුරේ සිරකරුවන්ගේ රාජසන්තක කර ඇති දේපළ සම්බන්ධයෙන් වාර්තා තබා ගැනීමයි. ඔස්කාර්ගේ නීතිඥයන් ඔහු වධ කඳවුරේ ඝාතන සඳහා ඍජුව සම්බන්ධ නැති බවට කරුණු ඉදිරිපත් කළත් ඔහු කඳවුරේ කටයුතු නිසි පරිදි කරගෙන යාමට සහාය වීමෙන් ඝාතන සඳහා වක්‍රාකාරව සම්බන්ධ වී ඇති බවට චෝදනා එල්ල විය.

නමුත් ඔස්කාර් වැනි වයස්ගත පුද්ගලයෙක් සිරගත කිරීම පිළිබඳ ගැටළුවක් මතුව තිබේ. මෙම නඩු තීන්දුව සම්බන්ධයෙන් අභියාචනයක් ගොනු කිරීමට ඔස්කාර්ගේ නීතිඥයන් බලාපොරොත්තු වන බව පැවසේ.

මෙම නඩු විමසීම උතුරු ජර්මනියේ ලුඑන්බර්ග් නගරයේ පවත්වා ඇති අතර සාක්ෂි දීම සඳහා අවුස්විට්ස් වද කඳවුරේ සිට නිදහස ලබා පැමිණි පුද්ගලයන් කිහිප දෙනෙක් ද පැමිණ තිබේ.

වසර 2005 දී ඔස්කාර් බීබීසී වෙත අවුෂ්විට්ෂ්හි තම කාර්යභාරය සම්බන්ධයෙන් සාකච්ඡා කොට ඇති අතර ඔහු එහිදී පවසා ඇත්තේ තමන් පුද්ගලයන් මරණයට පත්කරන ගෑස් කුටි සහ ආදාහනාගාර දුටු බවයි. එසේම ගෑස් කුටිවලට පුද්ගලයන් ඇතුළු කරන ආකාරය දුටු බවත් එහිදී සඳහන් කර තිබේ.

1940 - 1945 කාලසීමාවේදී යුරෝපීය යුදෙව්වන් මිලියනයකට අධික ප්‍රමාණයක් මෙම අවුස්විට්ස් කඳවුර තුළ ඝාතනය කර ඇති බව වාර්තා වේ.

oskar1

 

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us