අමෙරිකාවේ නාවික හමුදා මුලස්ථානයකට ප්‍රහාරයක්

Published in විදෙස්
Friday, 17 July 2015 09:50

අමෙරිකාවේ ටෙන්නේස්සේ ප‍්‍රදේශයේ නාවික හමුදාවට අයත් ගොඩනැගිලි දෙකකට ඇතුළු වූ තුවක්කුකරුවෙකු එල්ල කල වෙඩි ප්‍රහාරයකින් නාවික හමුදා සාමාජිකයින් සිව් දෙනෙකු ජිවිතක්‍ෂයට පත්වී තිබේ. තවත් සැලකිය යුතු පිරිසක් තුවාල ලබා ඇති බව වාර්තා වේ.


තුවක්කුකරු ප්‍රහාරයේදී මියගොස් ඇති අතර මෙම සිදුවීම ත්‍රස්තවාදී ක්‍රියාවක් ලෙස ගෙන පරීක්ෂණ පවත්වන බව ඇමරිකානු ආරක්ෂක අංශ පවසයි.

වෙඩි ප‍්‍රහාරය එල්ල කළ පුද්ගලයා 24 හැවිරිදි මොහොමඞ් යුසුෆ් අබ්දුල්ලාසිස් නමැත්තෙකු බව හදුනාගෙන තිබෙන අතර ඔහු මැදපෙරදිග උපත ලබා පසුව ඇමරිකාව වෙත සංක්‍රමණය වුවෙකු බව අමෙරිකානු ආරක්‍ෂක අංශ වාර්තාවල දැක්වේ.

මෙම පුද්ගලයා මේ වසරේදීම මත්පැන් භාවිත කර රිය පැදවීමේ චෝදනාව යටතේ පොලිස් අත්අඩංගුවටද පත් වූ අයෙක් බව සඳහන් වේ.

එසේම මෙම පුද්ගලයා 2012 වසරේදී ටෙන්නේස්සේ ප‍්‍රදේශයේ විශ්ව විද්‍යාලයෙන් ඉංජිනේරු විද්‍යාව සම්බන්ධ උපාධියක් අවසන් කළ පුද්ගලයෙකු බව ඇමරිකානු වාර්තා පෙන්වා දෙයි.

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us