ග්‍රීසියට තවත් ණය

Published in විදෙස්
Tuesday, 14 July 2015 10:24

මූල්‍ය අර්බුදය විසඳීම සඳහා ග්‍රීසියට තුන්වැනි වතාවටත් ණය ලබා දීමට යුරෝපා නායකයන් තීරණය කර ඇතැයි වාර්තා වේ. යුරෝපා හවුලේ නායකයන් අතර බෙල්ජියමේ බ්‍රෙසල්ස් නුවර පැවැති සාකච්ඡාවලින් අනතුරුව එම එකඟතාවලට පැමිණ ඇති බව පැවසේ.

කෙසේවෙතත් මෙම ණය සහනය ලබදීම සම්බන්ධයෙන් රජයේ අනිකුත් පාර්ශව කරුවන්ගේ කැමැත්ත දිනාගැනීම සඳහා විශාල ප්‍රයත්නයක් දැරීමට ග්‍රීක ජනපති ඇලෙක්සිස් සිප්රාස්ට සිදු වෙනු ඇත.

හෙට දින අවසන් වීමට පෙර විශ්‍රාම වැටුප් සහ බදුවලට අදාලව  ව්‍යවස්ථා ප්‍රතිසංසකරණ හතරක් සිදු කිරීමට ග්‍රීක අගමැතිවරයාට සිදුවෙනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කෙසේවෙතත් මෙම තීරණය සම්බන්දයෙන් අදහස් දැක්වූ එරට ආරක්ෂක ඇමති පැනොස් කම්මේනොස් පවසා ඇත්තේ මෙම ක්‍රියාමාර්ගයන්ට තමන් සහය නොදෙන බවයි.

ණය ලබා ගැනීම සඳහා ජනතා සහන කප්පාදු කිරීමට ග්‍රීසිය එකඟ වී ඇති බව සඳහන් වේ.ඒ අනුව ඉදිරි වසර තුනක කාලය ඇතුළත ඩොලර් බිලියන 95ක ණය මුදලක් ග්‍රීසියට ලබා දීමට යුරෝපා නායකයන් අනුමැතිය දී තිබේ.

එම ණය මුදල වෙනුවෙන් නව බදු පැනවීම, විශ්‍රාම වැටුප් කප්පාදු කිරීම, ණය ගෙවීම සඳහා අරමුදලක් පිහිටුවීම සහ කම්කරු නීති ප්‍රතිසංස්කරණය කිරීමට ග්‍රීක අගමැති අලෙක්සි සිප්ප්‍රාස් යුරෝපා නායකයන් හමුවේ එකඟ වී ඇති බව පැවසේ.

ඊට අදාළ ප්‍රතිසංස්කරණ හෙට දිනයේදී ග්‍රීක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇති.

කෙසේ වෙතත් යුරෝපා සංගමය ග්‍රීසියට මීට පෙර ඉදිරිපත් කළ ප්‍රතිසංස්කරණයන් ජනමත විචාරණයකින් පසුව ප්‍රතික්ෂේප විය. එමෙන්ම  මෙම තීරණය ක්‍රියාත්මක කිරීමට ග්‍රීක රජය අපොහසත් වුවහොත් එරට බැංකු පද්ධතිය ඇදවැටී යුරෝපා සංගමයෙන් ඉවත් වීමට සිදු වෙනු ඇති බව විදේස් මාධ්‍ය වාර්තා කරයි.

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us