කබ්රාල් ,ලංකා ඉතිහාසයේ ලොකුම හොරකම බැඳුම්කර වංචාව නොවේ, රත්තරන් හොරකමයි

Published in පුවත්
Wednesday, 15 July 2015 08:55

මහ බැංකුවේ භාණ්‌ඩාගාර බැඳුම්කර වංචාව ලංකා ඉතිහාසයේ මෙතෙක්‌ සිදුවූ විශාලතම හොරකම බවත් ඒ පිටුපස සිටින මහ මොළකරු ඇතුළු වගකිව යුත්තන්ට, කෙතරම් ඉහළ තනතුරුවල සිටින අය වුවත් දඬුවම් කළ යුතුව ඇති බවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඊයේ (14 දා) කොළඹ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කීවේය.

මෙහි පැහැදිලි සොරකමක්‌ සිදුවී තිබෙන බවද එය ඔප්පු කිරීමට අවශ්‍ය සියලු දත්ත තිබෙන බවද මහ බැංකු හිටපු අධිපතිවරයා කීවේය.

මේ රටේ මෙතෙක්‌ සිදුවූ දැවැන්තම මගඩිය මෙම භාණ්‌ඩාගාර බැඳුම්කර වංචාවයි. මේ වන විට එම අහිතකර බැඳුම්කර නිකුතුව නිසා රජයට සිදුව ඇති පාඩුව රු. කෝටි 5900 කට අධිකයි.

මේ බැඳුම්කර මගඩිය නිසා මේ වන විට සිදුව ඇති පාඩුව, ගාල්ලේ සිට මාතර දක්‌වා අධිවේගී මාර්ග තුනක්‌ හැදීමට සමාන මුදලක්‌ බවත්, මෙය අධ්‍යාපන හා උසස්‌ අධ්‍යාපන යන අමාත්‍යංශ දෙකේම වැය ශීර්ෂයටත් වඩා අධික මුදලක්‌ බවත් හෙතෙම පැවසීය.

අජිත් නිවාඩ් කබ්රාල් මහතානෙනේ, මහින්ද රාජපක්ෂ ජනාධිපති පු‍ටුවේ සිටියදී මහ බැංකු අධිපතිවරයාව සිටි රටේ ආර්ථිකය ඔබේ එදා රට ලෝකයා හමුවේ කියු බොරු තොගය අද ඇස් පනා පිට ඔප්පු වී තිබේ. එසේ තිබියදීත් අද ජනතාව හමුවට පැමිණ මේ කෙබර අත අහින්නේ නැවත රාජපක්ෂ ඇතුළු දූෂිත ‍රැල බලයට ගෙන ඒම වෙනුවෙන් බවත් පැහැදිලිය.

හොර කමෙන් වංචාවෙන් දිවි ගෙවු එකාට පැවැත්ම තිබෙන්නේ එතැනම නිසා ඔබෙ අද මේ කරන තුච්ඡ ක්‍රියා මාර්ගය ගැන පුදුම වෙන්න්ට දෙයක් නැත.

එහෙත් මෙහිදී යමක් මතක් කර දිය යුතුය. ඒ ලංකාවේ සිදුවූ ලොකුම හොරකම ගැනය. ඒ ඔබද මැදිහත් වී සිදු කරනු ලැබුවකි. ඒ එල්ටීටීඊ සංවිධානය සතුව තිබී අත් අඩංගුවට ගන්නා ලද ටොන් 310ක් පමන වූ රත්ත්‍රං තොගය හොර රහසේ ජපාන රජයට විකුණා එම මුදල් රාජපක්ෂගේ ගිණුමට බැර කිරීමය. එහි වටිනා කම අමරිකනු ඩොලර් බිලියන 14 කට සමානය. එම මුදල් රජයේ භාණ්ඩාගාරයට ආවේ නැති බව ඔබ හොඳාකාරවම දන්නා සත්‍යකි. රුපියල් කෝටි දෙලක්ෂයකට සමාන මේ මුදලින් මෙරට සංවර්ධනය වෙනුවෙන් කළ හැකිව තිබූ කාර්යභාරය ගැන ඔබටවත් සිතා ගත නොහැකි තරම් විශාලය.

රාජපක්ෂලාගේ පිටරට ගිණුම් වල ඩොලර් බිලියන් ගනනින් මුදල් ඇති බව අප කියන්නේ මේ සක්ෂි අත තබාගෙනය. ඒ ගැන ඔබ අපට වඩා හොඳින් දන්නා බවද දනිමු.

 

සැබැඳි පුවත්:

එල්ටීටීඊ රත්තරන් තොගය ගැන ලියකියවිලි පුළුස්සලා ! 

ආණ්ඩුවේ දූෂණ චෝදනා මාධ්‍ය සංදර්ශන පමණයි

එල්ටීටීඊ - රාජපක්ෂ ගනුදෙනු ගැන හෙළිදරව්වක්

ටොන් 310 රත්තරන් ගනුදෙනුවට මහින්ද කො‍ටු වෙයි !

එල්ටීටීඊ - රාජපක්ෂ රත්තරන් ගණුදෙනුවේ සියළු විස්තර එළියට !

එල්ටීටීඊයේ රත්තරන් ටොන් 310ක් රහසේ ජපානයට විකුණූ බව හෙළිවෙයි.! 

 

Last modified on Wednesday, 15 July 2015 13:02

Leave a comment

ld add copy

Gossip

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

Connet With Us