සන්ධාන අපේක්ෂක චොකා මල්ලි 28 තෙක් නැවත රිමාන්ඩ්

Published in පුවත්
Wednesday, 15 July 2015 08:39

ජනාධිපතිවරණ ප්‍රචාරක රැලියක සැරසිලි කරමින් සිටි එ.ජා.ප. ආධාරකරුවෙකුට වෙඩි තබා ඝාතනය කිරීම ගැන සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු නියෝජ්‍ය ඇමති ප්‍රේමලාල් ජයසේකර මහතා ඇතුළු සැකකරුවන් හය දෙනා ලබන 28 තෙක් රිමාන්ඩ්ගත කිරීමට පැල්මඬුල්ල මහේස්ත්‍රාත් දිනේෂ් ලක්මාල් පෙරේරා මහතා නියම කෙළේය.

පසුගිය ජනවාරි 5 කහවත්ත නගරයේ පැවැත්වීමට නියමිතව තිබු මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජනාධිපතිවරණ ප්‍රචාරක රැලියක සැරසිලි කරමින් සිටි ශාන්ත දොඩම්ගොඩ මහතා ඝාතනය කිරීම ගැන හිටපු නියෝජ්‍ය ඇමති ඇතුළු හය දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් ගත කර සිටිති.

ඊයේ (14) සැකකරුවන් බන්ධනාගාර බස් රථයෙන් රැගෙන විත් පැල්මඬුල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ දොරටුව ඉදිරිපස සිට පා ගමනින් රැගෙන යද්දී හිටපු නියෝජ්‍ය ඇමතිවරයා එහි සිටි මාධ්‍යවේදීන් අමතමින් ප්‍රකාශයක් කෙළේය.

'උඩ ඉන්න දෙයියෝ සියල්ලම දන්නවා. මම ඡන්දයට ඉදිරිපත් වෙනවා. ජනතාව මා වෙනුවෙන් යුතුකම ඉටු කරන බව විශ්වාසයි' ආදි ලෙස සැකකාර හිටපු නියෝජ්‍ය ඇමතිවරයා පවසද්දී බන්ධනාගාර නිලධාරීන් ඔහුට බාධා කළහ.

අධිකරණය හමුවේ පැමිණිල්ල වෙනුවෙන් කරුණු දැක්වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරියා කීවේ වෙඩි තැබීම සිදුවූ දින හිටපු නියෝජ්‍ය ඇමතිවරයාගේ ආරක්ෂක නිලධාරීන් සහ ඔහුගේ ආරක්ෂාවට යොදවා සිටි නිවිතිගල පොලිසියේ නිලධාරීන් සතුව තිබු ගිනි අවි පරීක්ෂණ සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ බාරයට ගෙන ඇති බවයි. ‍මෙදින සිවිල් පුද්ගලයින් අතද ගිනි අවි තිබූ බවට තොරතුරු ලැබී ඇති බැවින් ඒවා අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ සිදුකරන බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.

සැකකාර හිටපු නියෝජ්‍ය ඇමතිවරයාගේ පපුවේ අමාරුවකට ප්‍රතිකාර ලබාගැනීමට කළ ඉල්ලීමට අනුව වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමට අධිකරණය අවසර දුන්නේය. ජනවාරි 5 වනදා කහවත්ත නගරයේ පැවැත්වීමට තිබූ ජනාධිපතිවරණ ප්‍රචාරක රැලියක සැරසිලි කිරීමට පැමිණි එජාප ආධාරකරුවෙකු වන ශාන්ත දොඩම්ගොඩ මහතා ඝාතනය කිරීම ගැන ප්‍රේමලාල් ජයසේකර මහතා ඇතුළු සැකකරුවන් හය දෙදෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කර සිටිති.

ඒ අතර සබරගමුව පළාත් සභා මන්ත්‍රී නිලන්ත ජයකොඩි කහවත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති වජිර දර්ශන සිල්වා යන මහත්වරුන්ද සිටිති.

සැකකාර හිටපු නියෝජ්‍ය ඇමතිවරයාට මෙවර ‍රත්නපුර දිස්ත්‍රික්කයේ එක්සත් ජනතා නිදහස් සන්ධාන කණ්ඩායමෙන් මහා මැතිවරණයට තරග කිරීමට අවස්ථාව ‍ලබාදී තිබේ.

dinamina

Last modified on Wednesday, 15 July 2015 08:55

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us