මෛත්‍රී : ගිය නුවණ ඇතුන් ලවා ඇද්දවීම Featured

Published in පුවත්
Tuesday, 14 July 2015 21:17

මහින්ද රාජපක්ෂ ඇතුළු දූෂිතයන් ‍රැළකට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් නාම යෝජනා ලබා දීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කිරීම සම්බන්ධයෙන් එල්ල වූ චෝදනා අවලාද සියල්ලට අද දින සිංහ ලීලාවෙන් පිළිතුරු දී සිය හොඳ නම ආරක්ෂා කර ගැනීම සඳහා ඔහු දැඩි උත්සාහයක් ගනු ලැබීය. ඒ උත්සහය මේ වන විටත් සාර්ථකව ඇති බව සමාජ ජාලාවල දැක්වෙන ප්‍රතිචාරයන්ගෙන් පැහැදිලිය.

එහෙත් අද දින ජනාධිපතිවරයා කටයුතු කළේ 'ඇතුන් ලවා ගිය නුවණ අද්දවා ගැනිම'ක් බව පැහැදිලිය. රාජපක්ෂලාට නාම යෝජනා ලබා දීම සිරිසේන මහත කළ පළමු වරද නොවේ. ආනන්තරීය පාපකර්මයන්ට සමාන වැරදි රැසක් මේ රටේ ජනතාව සිදු කර තිබෙන මේ රාජපක්ෂ අපරාධ කල්ලිය බෙල්ල මුලින් අල්ලා කළ වරදට දඬුවම් ලබා නොදී හුරතල් කිරීම මේ වැරදි ගොඩක ආරම්බය විය. ඔප්පු කළ හැකි සාක්ෂි සහිත වංචා ,දූෂන ක්‍රියා, මිනිස් ඝාතන ගැන තොරතුරු තිබියදී සිරිසේන මහතාත් රනිල් වික්‍රමසිංහ මහතාත් දේශපාලන සූදුවක නියැලුනු බව පැහැදිලි කතාවකි. ඒ ඔවුන්ගේ ස්ව කැමැත්තේන් සිදු වූ දෙට වඩා ඔවුන් වටා සිටි කේවට්ටයන්ගේ උපදෙස් මත සිදු වීම ගැනද අපට අවබෝධයක් තිබේ.

රාජපක්ෂ කල්ලිය මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගත්තේය. ජනාධිපතිවරයාගේ කතාවෙහි දී ඔහු පවසන්නේ පක්ෂ නායකත්වය තමාට භාර දීම ගැන මහින්ද රාජපක්ෂ පසුතැවුණු බව පැවසේ, එමෙන්ම රාජපක්ෂ කල්ලියේ කුමන්ත්‍රනකාරී සැලසුම ගැනද ඔහු හෙළි කළේය. එහෙත් මේ කුමන්ත්‍රන තමන් දැන සිටි නිසා සියල්ල බෙරා ගැනීමට හැකි වූ බව ඔහු පැවැසීම තුලම රාජපක්ෂලාව, ලැබු මුල් අවස්ථාවේදීම බැඳ නොතැබීමෙහි ඇති අනතුරුදායක බව ගැන වටහා ගත හැක.

රාජපක්ෂලාට සන්ධානයෙන් නාම යෝජනා ලබාදිය යුතු බවට වූ බල කිරීම තුල සිරිසේන මහතාට වෙන කල හැකි දෙයක් නොවීය. ඔහු නාම යෝජනා අනුමත කළේ වෙන ගත හැකි විකල්පයක් නොවුණු තැනය. ඔහු බිත්තියටම හේත්තු වී සිටියේය.

ඔහු ගත් ක්‍රියා මාර්ග නිසා ඔහු වටා සිටි සියළු බලවේග ඔහුව අත් හැරියේය. සිරිසේන මහතාට වෙනත් වැඩ පිළිවෙලක් තිබුණේ යැයි එම බලවේග දැන ගෙන සිටියේ නම් ඔවුන් සිරිසේන මහතාව අත් හරින්නේ නැත. චන්ද්‍රිකාලා ,රජිතලා, චම්පිකලා, හිරුණිකාලා, එම්කෙඩීස් ලා මෙන්ම කරූ පරනවිතානලා වෑනි ඔහුට සමීපව සිටි නිළධාරීන්ද ඔහුව හැර ගියේය. ජයම්පති වික්‍රමරත්න වැනි සිරිසේන මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් බුද්ධිමය කතිකවට මැදිහත් වූ බුද්ධිමතුන්ද ඔහුව හැර ගියේය.

සිරිසේන මහතා සතුව වෙනත් වැඩ පිළිවෙලක් තිබුණේ නම් මේ කිසිවකුත් තවත් පක්ෂයක කොටස් කාරයන් වන්නේ නැත.

මේ තත්වය හමුවේ ජනාධිපතිවරයා කල්පනා කළේ ගිය නුවණ ඇතුන් ලවා අද්දවා ගත හැකි ක්‍රමයක් ගැනය. ඊයේ දිනයේදී පවා ජනාධිපතිවරයාට රට හමුවේ කුමක් කිව යුතු දැයි නිනව්වක් තිබුණේ නැත.

එහෙත් අද දින ඔහු ඊට සූදානම් විය. තමන් විසින් සන්ධානයේ අපෙක්ෂකත්වය සඳහා සුදුසු බවට අනුමත කොට අත්සන් කර දෙන ලද නාම යෝජනා ලැස්තුවේ සිටින මහින්ද රාජපක්ෂට නාම යොජනා දුන්නේ කැමැත්තෙන් නොවන බවත් මැතිවරණයෙන් ඔහු පරාජයට පත්වන බවත් ඔහුට අගමැතිකම් නොදෙන බවත් පැවසීමට තරම් අනුකම්පා හෝ විරහිත විය. මෙලෙස තමන්ගේ අපේක්ෂක ලැයිස්තුවේ සිටින ප්‍රබලයාට එරෙහිව ප්‍රසිද්ධියේ ප්‍රකාශයක් සිදු කර අවමන් කිරීම වැනි සිදුවීමක් මෙරට සිදු වූ පලමු අවස්ථාව මෙය බවට සැකයක් නැත.


එමෙන්ම මහ මැතිවරණයෙන් පසුව බිහිවන ආණ්ඩුව හවුල් ආණ්ඩුවක් වන බවත් එහි අගමැතිවරයාද රනිල් වික්‍රමසිංහ මහතාම විය හැකි බවත් හැඟවිනි. ඒ ආණ්ඩුවත් ඇතුන් ලවාම ඇද ගැනීමට ජනාධිපතිවරයා අපේක්ෂාකරන බවත් පෙනේ.

කෙසේ නමුත් රාජපක්ෂ කල්ලිය හෙට දිනයේදි මීට ලබා දෙන පිළිතුර අනුව මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ව්‍යායාමය කෙතරම් දුරට සාර්ථක වනු ඇත්දැයි මැන ගත හැක. 

රාජපක්ෂ යනු ලෙහෙසියෙන් පරාජය බාරගන්න පුද්ගලයකු නොවේ. මළ කඳන් මතින් පැමිණි දේශපාලන ගමනක්  නවතින්නේ පන්සලෙන් නොවන බව අමතක නොකළ යුතුය.


ජනතා පාක්ෂිකයා

Last modified on Tuesday, 14 July 2015 21:28

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us