මේ සම්බන්ධයෙන් අප ශ්‍රී ලංකා මිරර් ධීවර අමාත්‍ය මහින්ද අමරවීර මහතාගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ තමා අද (15) අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වන බවයි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිදු කළ ප්‍රකාශයෙන් පසුව වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් තදින්ම කළකිරී ඇති බවත්, එබැවින් තමා දේශපාලනයට සමුදීමට තීරණය කළ බවද ඔහු කියා සිටියේය.
මැතිවරණ කටයුතු නවතා දමා තමා අද කොළඹට පැමිණි බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
srilankamirror