සරත් එන් සිල්වාත් හොර නඩයේ වේදිකාවට නැගලා

Published in පුවත්
Saturday, 18 July 2015 11:03

ඊයේ අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණයේ පැවති එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මංගල රැලියට සමස්ත අධිකරණ පද්ධතියම මුලාවකට ලක් කළ හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා ද ගොඩවූයේය. ඔහුට එහිදී පවසන්නට තිබුණේ අපේ හිතවත් මෛත්‍රීපාල සිරිසේන දැන් වෛරී සිරිසේන බවට පත් වී ඇති බවකි.

එහිදී ඔහු මෙසේද පැවසුවේය

‘මහින්ද අද ඇවිත් ඉන්නවා. ඔහු අගමැති පුටුවට යන එක නිත්‍යයයි. දැන් බොරු නීති තර්ක ගේනවා මහින්දට අගමැති වෙන්න බැරි බවට. මහින්ද මැතිතුමනි, 19 වැනි සංශෝධනය යටතේ අගමැතිට තිබෙනවා ජනපතිට වඩා බලයක්. අපි ඔබට වාඩි කරන්නේ සිරිසේනගේ පුටුවේ නොවෙයි. ජනාධිපතිතුමත් කියනවා පොදු පෙරමුණ දිනුවත් වෙනත් කෙනකුට අගමැතිකම දෙන බව. ද්වේශ සහගත ප්‍රකාශයක්. අපේ හිතවත් මෛත්‍රීපාල සිරිසේන දැන් වෛරී සිරිසේන බවට පත් වෙලා. මමත් එතුමාට ඡන්දය දුන්නා. මමත් දැන් කළකිරිලා ඉන්නේ. දැන් වෛරී සිරිසේන වෙලා. අපේ බුදු දහම අනුව ඊර්ෂාය වෛරය අපි අගතියට ඇද යන ධර්මතා. ඔබ ගාව එහෙම නෑ.‘

‘අගෝස්තු 17 ඔබ ඉදිරියේ තිබෙන්නේ විකල්ප දෙකයි. ඔබේ අගමැති ලෙස මහින් පත් කරනවාද නැත්නම් රනිල් පත්කරනවා ද කියන එකයි. රනිල් වික්‍රමසිංහත් මේ රට වටේ යන්නේ මහින්ද අත් කර දුන් සාමය නිසයි. අධිවේගී මාර්ගවල බොහොම වේගයෙන් ගිහින් ඇවින් බනිනවා පාරවල්වලින් සල්ලි ගැහුවා කියා.‘ යැයිද ඔහු වැඩිදුරටත් පැවසී ය.'

මො‍හු මහින්ද රාජපක්ෂට එරෙහිව පැවති හෙල්පිං හම්බන්තොට නඩුව යට ගැසූවෙකි.වරක් පාර්ලිමේන්තුව අසල මෝටර් රථයක් තුල අනඟ රැඟුම් පෑ මොහු ගේ ක්‍රියාකලාපය ගැන අමුතුවෙන් මතක් කළ යුතු නැත.රට ව‍ටේ යන්නට පාරවල් තැනූ ක්‍රියාදාමය නිසිලෙස සිදුවූවානම් අද ලාංකීයන් කිසිසේත් මංමුලා වන්නේ නැත.රාජපක්ෂලා ජනතා මුදලින් නම හදාගත් අතර ජනතාවට දුක් ගින්දර උරුම කර දුන්නේය.

කෙසේ වෙතත් සරත් එන් සිල්වා එදා මැදමුලන වේදිකාවට ත් අද අනුරාධපුර වේදිකාවටත් ගොඩ වූයේය.ඒ වෙන කිසිවක් සදහා නොව මහින්ද යලි දිනුවොත් යලිත් සොරා කෑමට හැකිවන බැවිනි.

බුදු දහම මූලික කරගෙන බොහෝ දේ පවසන මොවුන් සාධාරණය වෙනුවෙන් පෙනී සිටිය යුතු අවස්ථාවල අසාධාරණය උදෙසා පෙනී සිටියේය. නීතිය අවනීතිය කර ගනිමින් කටයුතු ක‍ළේය.දැන් යළිත් ඒ යුගය කැන්දාගෙන ඒමට මොවුන් පොරබදිමින් සිටීම අරුමයක්ද නොවේ.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us