මාස 7 ට ආර්ථිකය බිද වැ‍ටුණා !!! - මහින්ද

Published in පුවත්
Monday, 20 July 2015 16:54
තමාගෙන් පාලනය උදුරාගෙන ගත වූ මාස 07 තුළදී රටේ ආර්ථිකය බරපතළ ලෙස කඩාවැටී තිබෙන බවත්, ජනතාවට ජීවත්වීමට නොහැකි තත්ත්වයක් නිර්මාණය වී තිබෙන බවත්  බත්තරමුල්ල තලංගම පිහිටි සමෘද්ධි සංවර්ධන හා සමස්ත ලංකා කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරීන්ගේ සංගම් කාර්යාලයේදී අද (20) පැවැති නියෝජිත හමුවකදී මහින්ද රාජපක්ෂ මහතා පවසා ඇත. 
 
යහපාලන ආණ්ඩුව තවදුරටත් පැවතුණහොත් මේ රටේ ඉතිරිවන්නේ ඇටසැකිලි ගොඩක් පමණක් බවද රාජපක‍්ෂ මහතා මෙහිදී වැඩිදුරටත් පවසයි.
 
කතාව ඇත්තය. මහින්ද රාජපක්ෂ මහතා පසුගිය වසර 9 පුරාම රට හැටියට දැක්කේ තමන්ගේ පවුල හා එහි හිතවතුන් පිරිසය.  රටේ මූල්‍යමය මර්මස්ථාන සියල්ල තමන්ගේ පවුලේ බාරයට ගෙන  තම පවුලේ ආර්ථිකය ශක්තිමත් කර ගත් ආකාරය රටට රහසක් නෙවෙයි. ඒ ඔවුන් විසින්ම පිළිගන්න සත්‍යකි.
 
මේ අනුව, පසුගිය මාස හතට ඒ පවුලේ ආර්ථිකය බිඳ වැටී ඇති බවත් තව දුරටත් ඒ කියන්නේ මේ හොරකම් කළ වංචා කළ මුදල් කන්දරාව යහපාලන ආණ්ඩුව විසින් සොයා ගනු ලැබුව හොත් ඉතුරුවන්නේ තමන්ගේ ඇට සැකිලි විතරක් බව ඔහු හොඳින් තෙරුම් ගෙන තිබෙනා සැටියකි .

 

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us