මැතිවරණ ව්‍යාපාරය වෛරී සටනක් බවට පත්වෙලා

Published in පුවත්
Tuesday, 21 July 2015 11:25

මැතිවරණ ව්‍යාපාරය මේ වන විට වෛරී දිශාවකට ගමන් කරමින් පවතින බව කැෆේ සංවිධානය පවසයි. එහි විධායක අධ්‍යක්ෂ කීර්ති ‍ තෙන්නකෝන් මහතා සඳහන් කළේ ‍එකම පක්ෂයේ අපේක්ෂකයින් විසින් තම පක්ෂයේ තවත් අපේක්ෂකයෙකුට ඡන්දය දෙන්නට එපා යැයි සඳහන් කරමින් සෘණාත්මක මැතිවරණ ව්‍යාපාර මේ වන විට ක්‍රියාත්මක කර ඇති බවයි.

මේ සඳහා අන්තර්ජාලය , ‍ෆේස්බුක් මෙන්ම ජංගම දුරකථන කෙටි පණිවිඩ ද බහුලවම යොදාගන්නා බව තෙන්නකෝන් මහතා පවසයි. ප්‍රධාන දේශපාලන පක්ෂ 3ක අපේක්ෂකයින් මෙලෙස එකනෙකාට අපහාස කර ගනිමින් වෛරී මැතිවරණ ව්‍යාපාරයක නිරත වන බවත් එම තත්වය එම පක්ෂවල නායකයින් සහ මහ ලේකම්වරු විසින් පාලනය කර ගත යුතු බවත් කීර්ති තෙන්නකෝන් මහතා පෙන්වා දෙයි.

මේ වනවිට කැෆේ සංවිධානය වෙත වාර්තා වී ඇති සිදුවීම් සංඛ්‍යාව 372 ක් වන අතර එයින් 352 ක් මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් වෙයි.‍අනිකුත් සිදුවීම් 20 ප්‍රචණ්ඩ ක්‍රියා ලෙස සටහන් වී ඇත.

බල ලෝභය පදනම්ව එකම පක්ෂයක එකම කුලකයක යන සාධකය පරදුවට අනෙකා පරයා ඉස්මතුවීමට උත්සාහ දැරීම ‍පවතින මැතිවරණ ක්‍රමයේ ස්වරූපය වී ඇත.මේ හේතුවෙන් කොහොමහරි හරි බලයට ඒමේ න්‍යාය ක්‍රියාවට නැංවීමට කෙක්කන් බැරිනම් කොක්කෙන් හෝ කටයුතු කරන්නට ඡන්ද අපේක්ෂකයන් නොපසුබට වී ඇත. නූතන තාක්ෂණයද උපයෝගී කර ගෙන ගජරාමයට පවත්වාගෙන යන තර්ජන ව්‍යාපාරය මේ වන විට වැඩිදියුණු වෙමින් පැවතීම දක්නට ලැබේ.

මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමට යන ගමන කකුලෙන් ඇද අඩාල කර දැමූ දේශපාලන පිළිවෙතක් තුළ මෙය බලාපොරොත්තු වූ තත්වයකි. නමුත් මේ වෛරී මැතිවරණ ව්‍යාපාරයේ ස්වරූපය මේ වතාවෙන් අවසාන කර ගත යුතුය. අගෝස්තු 17 දායින් පසු පත්වන නව පාර්ලිමේන්තුව ඒ උදෙසා කටයුතු යොදනු ඇති බව අප විශ්වාස කරමු.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us