මහින්දගේ අාතබූත හොල්මන් වැඩවලට තවත් නම් ඉඩ නෑ-දඹර අමිල හිමි

Published in පුවත්
Thursday, 16 July 2015 20:56

ජනවාරි 08 වැනිදා සිදු කල කාර්යභාරයේ ඉතිරි ඉනිම දැන් අරඹා අැති බවත් මෙවර අැරඹු සටනින් ලාංකීය සමාජයට අවැසි නියම විමුක්තිය ලබා දෙන බවත් දඹර අමිල හිමියන් පැවසුවේය.දඹර අමිල හිමි මේ බව පැවසුවේ පුරවැසි බලය සංවිධානය විසින් නුගේගොඩ සංවිධානය කර තිබූ රැස්වීමකට ඊයේ(15) සහභාගී වෙමිනි.

මහින්ද රාජපක්ෂ පරාද වීම සමග බොදු බල සේනාවද හතර ගාතෙන් අැද වැටුන බවත් බොදු බල සේනා සංවිධානයේ සම්පූරණ තිර රචනය රාජපක්ෂලා විසින් සිදු කළ බවත් ඔවුන්ට අවශ්‍ය සියලු දේ සපුරමින් රට ගිනි ජාලාවක් බවට පත්කරන්නට ඔවුන් උත්සාහ දැරූ බව පැවසුවේය.නැවත ඒ අාතබූත හොල්මන් වලට ඉඩ අැති බව මහින්ද රාජපක්ෂ සිතනවා නම් ඒ විශ්වාසය කඩා දැමිය යුතු බවත් තවදුරටත් ජාතිවාදය අාගම්වාදය,පදනම් කරගෙන ඡන්දකොල්ලකෑමට නොහැකි බවත්, මැරකම්,සුදුවෑන්,දුරකථන වලට අැහුම්කන් දීම් තවදුරටත් වලංගු නොවන බවත් පැවසුවේය. ඒ තත්වයට විරුද්ධව අද දැවැන්ත ලෙස පුරවැසි බලවේග නිර්මාණය වී අැති බව දඹර අමිල හිමි පැවසුවේය.

ඉතිහාසයේ ජනයා පාලකයා තේරීම යන කාරණය බරපතල ලෙස නොගත් නිසා අපට ඉදිරියට යාමට නොහැකිවූ බවත් සුද්දන්ගෙන් අප නිදහස ලබද්දී වුව ශක්කිමත් දැක්මක් නොවූ නිසා ලංකාව පසුබෑමකට ලක්වූ බව දඹර අමිල හිමියන් පැවසුවේය.එදා පුරවැසි බලයක් නොවූ නිසා අයාලයේ යන රටක් බිහිවූ බවත් සුද්දා ගේ හදුන්වාදීම් වලින් ඔබ්බට ගොස් එක්සත් ජාතියක් නිර්මාණය කිරීමට නොහැකිවූ නිසා උසිගැන්වීම් වලට ලක්ව ඔවුනොවුන් අැන කොටා ගැනීම් දක්වා වන තත්වයන් වැපිරීම් පහසු වූ බවත් පැවසුවේය.පුංචි ප්‍රශ්නයකදී වුව ජාති අාගම් අතර ඔ්නෑම මෙහොතක ගිනි අැවිලවීමේ හැකියාව අැති නිසා ඒ තත්වය වෙනස් කල යුතුව පවතින බවත් පැවසුවේය. මේ තත්වය මහින්ද රාජපක්ෂ වැනි නායකයන් ප්‍රයෝජනයට ගත් බවත් දැන් ඒ සදහා කිසිදු ඉඩක් නොලැබෙන බව පැවසුවේය.

ජනවාරි 08 වනදා ගෙදර යැවූ මහින්ද රාජපක්ෂ 1,මහින්ද රාජපක්ෂ 2 ,3,4,5 වශයෙනි යළි යළිත් අනාගතයේ පත්වීමට අැති ඉඩ අහෝසි කිරීම වැදගත් නිසා ලබන 17 වන දා ඓතිහාසික දිනයේ ගන්නා වැදගත් තීරණය සමස්ත ලංකීයන්ගේම අනාගතය තීරණය වීමෙහිලා වැදගත් බව පැවසුවේය.
සියලුම පුරවැසි බලවේයන්හි කර්යභාරය විය යුත්තේ ඒය බවත් පුරවැසි බලවේගවල කාර්ය භාරය නිසා මෙවර 4 දෙනෙකු හෝ නාමයෝජනා ලබා නොදී ගෙදරට සීමා කිරීමට හැකිවූ බවත් සදහන් කළේය.

මහින්ද වැනි ඉතා ජාතිවාදී ඉතා අාගම්වාදී අන්තවාදී ඊනියා නායකයින් මෙන්ම දූෂිත හොරු මිනීමරුවන් හා එතනෝල්කාරයන් කුඩු කාරයන් පාර්ලිමේන්තුව නොයවව් පක්ෂ නායකයාගේ වගකීම විය යුත්තේ එයයි ,දූෂිතයන් ඉවත් කිරීමේ පෙරහන්කඩයක් වීය යුතුයි යන්න කාවැද්දීමට පුරවැසි බලය මගින් කයුතු කළ බවත් ඒ අනුව 4 දෙනෙකුට නාමයෝජනා ලබානොදීම ද ජයග්‍රහණයක් බව පැවසුවේය.

ප්‍රජාතන්ත්‍රවාදය රටකට අවැසිම දෙයක් බවත් එහි රසය අාශ්වාදය මල්ඵල හටගන්නා විට එය අාශ්වාදජනක බවත් මිනිසුන්ට ජීවත්වීමට හිතෙන වටපිටාවක් එතැන හැදෙන බවත් පැවසුවේය.එබදු වාතාවරණයක් අැතිවද්දීම බාධකයක් පැමිණීම හා මහින්ද සංස්කෘතිය හැරෙන තැපෑලෙන් අාපසු හැරවීම මෙවරද සිදුවන බව පැවසුවේය.අද වන විට නරක මහින්දට පුරවැසි බලවේග ඉදිරියේ යම් ප්‍රමාණයකින් දණගහන්නට සිදුව අැති බවද පැවසුවේය.

අද වන විට මේ කොහේවත් මහින්දට වලංගු නැති බවත්,අද ඔහුට වැවෙන්නට පොළවක් නැති බවත් පැවසුවේය.ලබන අගෝස්තු 17 දා මහින්ද යළි පරාජය කිරීමෙන් පසුව සමස්ත සමාජයම දැවැන්ත පරිවර්තනයකට ලක්කල හැකි නව සමාජ ක්‍රමයකට හා නව අාණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට යායුතු බව උන්වහන්සේ වැඩිදුරටත් සදහන් කළේය.

 

Last modified on Thursday, 16 July 2015 21:03

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us