සන්ධානයේ බලාපොරොත්තු බිඳ වැටේ ! Featured

Published in පුවත්
Sunday, 12 July 2015 10:10

මෛත්‍රී මහින්ද හවුලත් සමඟ මෙවර මහ මැතිවරණයේදී වැඩි වාසියත් අත්පත් කර ගත හැකි බවට ගනන් බැලූ ශ්‍රීලනිප නායකයන් මේවන විට මහත් අර්බූදයකට ලක්ව සිටී.

මීට සතියයකට පමණ පෙර ඔවුන් ගනන් බලා තිබුණේ මෙවර සන්ධානයට ආසන 90 ත් 95 ත් අතර ප්‍රමාණයක් ලබා පාර්ලිමේන්තුවේ වැඩි බහුතරයක් සහිත පක්ෂය බවට පත්ව අනෙක් පක්ෂ හා කණ්ඩායම් සමඟ 113 සම්පූර්ණකර ආණ්ඩුවක් පිහි‍ටුවන්නටය. ඔවුන්ගේ එම ගනන් බැලීම අනුව එජාපය ආසන 80ත් 85 ත් අතර ගනනක් ලබා ගන්නා බව සටහන්ව තිබිණි. ජවිපේ ආසන 5 ත් 7 ත් අතර මෙන්ම දෙමළ ජාතික සන්ධානය ආසන 12ත් 17 ත් අතර ප්‍රමාණයක් බවත් එහි සඳහන් විය.

එහෙත් පැවැති රාජපක්ෂ රෙජීමට පරාජය කිරීම වෙනුවෙන් සංවිධානය වූ පිරිස එජාපය හා එකව තරග කිරීමට ගත් තීරණයත්, කලකිරීමට පත්ව පක්ෂයෙන් පිරිසක් ඉවත් වීමත් , දූෂණ චෝදනා ලැබූවන් රැසකට සන්ධායෙන් නාම යෝජනා ලබා දීමත් නිසා නැවතත් සන්ධානය හොරුන් දූෂිතයන් රකින පක්ෂයක් බව ජනතාව හමුවේ තහවුරු වීමත් හේතුවෙන් තමන් බලාපොරොත්තු වූ ජයග්‍රහණය බිඳ වැටී ඇති බව ශ්‍රි ලනීප ජේෂ්ඨයන්ගේ අදහස වී තිබේ.නව තත්වය හමුව එජාපය ප්‍රමුඛ පෙරමුණ  පහසුවෙන් ආණ්ඩුවක් පිහි‍ටුවාගනු ඇති බව ඔවුන්ගේ අදහස වී තිබේ.

එමෙන්ම මහ මැතිවරණයේ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් දායකවීම ජනාධිපතිවරයා විසින් ප්‍රතික්ෂේප කිරීම සන්ධානයේ ජයග්‍රහණය තව දුරටත් බිඳ වැටෙනු ඇති බව මේ සම්බන්ධයෙන් සන්ධානයේ ප්‍රචාරක කමි‍ටු සාමාජිකයන් විසින් ඊයේ පැවැති සාකච්ඡාවකදී කතා බහකර ඇත.

එමෙන්ම මේවන විට සන්ධානයේ ප්‍රබලයන් කිහිප දෙනෙකුම සිය ප්‍රචාරක කටයුතු දැඩි සිංහල ජාතිවාදී ස්ථාවරයක සිට දියත් කිරීම හේතුවෙන් මෙවරත් සුළු ජාතිකයන්ගේ ඡන්ද කිසිවක් ගැන බලාපොරොත්තු තබා ගත නොහැකි වනු ඇති බවද මෙහිදී අවධාරණය කෙරී ඇත. මේ හේතුවෙන් මෙවර යුධ ජයග්‍රහණය ජිනීවා ප්‍රශ්නය හැර ජනතාව අතරට යෑම සඳහා වෙනත් සටන් පාඨ ‍තෝරා ගත යුතු බවත් ඇතැම් නායකයකු පෙන්වා දි තිබේ.

Last modified on Sunday, 12 July 2015 11:03

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us