මහින්ද මන්ත්‍රී උනොත් ආරක්‍ෂාවට ඉන්නේ පොලිස්‌ නිලධාරීන් දෙන්නයි

Published in පුවත්
Friday, 10 July 2015 11:19
හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඉල්ලා සිටියොත් ආරක්‍ෂාව තවත් වැඩි කිරීමට සූදානම් බව ඇමැති රාජිත සේනාරත්න මහතා පැවසුවේය.හිටපු ජනාධිපතිවරුන්ට ආරක්‍ෂාව දීම සම්බන්ධයෙන් වන ශ්‍රේරෂ්ඨාධිකරණය ලබාදුන් සීමාවන්ට වඩා ආරක්‍ෂාවක්‌ මේ වන විටත් හිටපු ජනාධිපතිවරයාට ලබා දී අැත.නමුත්  බුද්ධි අංශ හා වෙනත් සාධක මත ආරක්‍ෂාව තවත් ඉල්ලා සිටියහොත් වැඩි කිරීමට සූදානම් බවද අමාත්‍යවරයා පැවසුවේය.
 
නමුත් මහින්ද රාජපක්‍ෂට හිටපු ජනපති ලෙස හිමි වරප්‍රසාද මැතිවරණයෙන් පසුව හිමි නොවන බවත් එවිට හිමිවන්නේ මන්ත්‍රී වරප්‍රසාද බවත් හෙතෙම පැවැසීය. විපක්‍ෂයේ මන්ත්‍රීවරයෙක්‌ වූවහොත් හිමිවන්නේ ආරක්‍ෂාවට පොලිස්‌ නිලධාරීන් දෙදෙනකු බවද පැවසීය.
 
පසුගිය කාලසීමාව තුළ හිටපු ජනාධිපතිවරයාට ජවිත තර්ජන අැති බවට විවිධ ප්‍රකාශයන් සිදු කිරීමක් දක්නට ලැබුණු බව මතකය.කෙසේ නමුත් බුද්ධි අංශ වර්තා අනුව මේ වන විට මහින්ද රාජපක්ෂ මහතා දැඩි ජීවිත අවධානමක් සහිත පුද්ගලයකු ලෙස නොසැලකේ. කෙසේ වෙතත් හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාවට යැයි කියමින් පෞද්ගලික අරක්ෂක අංශයක් ගොඩ නැගීම සඳහා රාජපක්ෂ හිතවාදීන් උත්සහ කරමින් සිටි බවත්ද සැලවුණි.
 
කෙසේ වුවත් හිටපු ජනපතිවරුන්ට අාරක්ෂාව ලබා දෙන්නේ දේශපාලනය කිරීමට නොව ගෙදර‍ට වී විශ්‍රාම සුවෙන් සිටීමටය.නමුත් හිටපු ජනාධිපතිවරයා යළිත් දේශපාලනය කිරීමට පටන් ගැනීම තුළ ඔහුට ජීවිත තර්ජන අැති බවත් අාරක්ෂාව අවැසි බවත් පැවසූ අාකාරය සිහිපත්වේ. මේ වන විට හිටපු ජනපති කුරුණෑගලින් මැතිවරණයට ඉදිරිපත් වන්නේ නම් ඔහු මන්ත්‍රීවරෙයකි. ඒ විට ඔහුට ලැබිය යුත්තේ මන්ත්‍රී වරප්‍රසාද පමණි.
 
හිටපු ජනපති ලෙස අභිමානනීයව තම  ඉදිරි  ජීවිතය ගෙවනු විනා මහින්ද විරෝධි පාර්ශ්වයේ කොන්දේසි වලට හා විහිළු තහලු වලට යටත් වී නිවටයෙක් සේ මහමැතිවරණයට ඉදිරිපත්වීම තුළ ඔහු ලබන සංතෘප්තිය පිළිබද දැනෙන්නේ පිළිකුළකි.කෙසේ වූවත් මහින්ද රාජපක්ෂ විපක්‍ෂයේ මන්ත්‍රීවරයෙක්‌ වූවහොත් හිමිවන්නේ ආරක්‍ෂාවට පොලිස්‌ නිලධාරීන් දෙදෙනෙකි. මේ මෙහොත වන විට ජීවිත තර්ජන අවධානම ගැන පැවසු මහින්ද රාජපක්ෂට  එම කතා පවා අමතක වී අැති සෙයකි.

 

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us