ප්‍රසන්න සහ බිරිඳ අත්අඩංගුවට ?

Published in පුවත්
Friday, 10 July 2015 10:31

වැල්ලම්පිටිය ප්‍රදේශයේ ඉඩමක්‌ ගොඩ කිරීමට සහ එහි අනවසර පදිංචිකරුවන් ඉවත් කිරීම සඳහා රුපියල් පනස්‌ ලක්‍ෂයක මුදලක්‌ ලබාගත් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් බස්‌නාහිර ප්‍රධාන ඇමැති ප්‍රසන්න රණතුංග මහතා සහ ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගැනීමට පොලිස්‌ මූල්‍ය අපරාධ කොට්‌ඨාසය අධිකරණයෙන් වරෙන්තු ලබාගෙන ඇත.

මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා මූල්‍ය අපරාධ කොට්‌ඨාසය හමුවේ ඊයේ (9 දා) පෙනී සිටින ලෙස මහ ඇමැතිවරයාට සහ බිරිඳට දැනුම්දී තිබුණද ඔවුන් එහි පැමිණ සිටියේ නැත.

හදිසි රෝගී තත්ත්වයක්‌ බව කියමින් මහ ඇමැති බිරිඳ ඊයේ රෝහල්ගත වූ අතර ඉදිරි මහ මැතිවරණයේ කටයුතු සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට ඇති බව කියමින් මහ ඇමැතිවරයාද එහි පැමිණියේ නැත.

මෙම සිද්ධිය පිළිබඳව මේ වන විට අධිකරණයට කරුණු වාර්තා කර ඇති බව පොලිස්‌ මූල්‍ය අපරාධ කොට්‌ඨාසය පවසයි.

මෙම සිද්ධියට සම්බන්ධ බව කියන මහ ඇමැතිවරයා සහ ඔහුගේ බිරිඳ ඇතුළු සිව් දෙනකු වහාම අත්අඩංගුවට ගැනීමට අධිකරණයෙන් වරෙන්තුවක්‌ ලබා ගන්නා බව මූල්‍ය අපරාධ කොට්‌ඨාස ආරංචි මාර්ග පැවැසීය.

මෙම සිද්ධිය පිළිබඳව මීට ඉහතදී මහ ඇමැති බිරිඳගෙන් පොලිස්‌ මූල්‍ය අපරාධ කොට්‌ඨාසය පැය හයක්‌ තිස්‌සේ ප්‍රශ්න කර ප්‍රකාශ ලබාගෙන තිබිණි.

වැල්ලම්පිටිය ප්‍රදේශයේ ඉඩමක්‌ සංවර්ධනය කිරීමට සහ එහි අනවසර පදිංචිකරුවන් ඉවත් කිරීමට බව කියමින් මහ ඇමැති සහ ඔහුගේ බිරිඳ ඇතුළු පිරිසක්‌ තමාගෙන් රුපියල් පනස්‌ ලක්‍ෂයක මුදලක්‌ ලබාගත් බවත් ඒ සඳහා තවත් මුදල් ඉල්ලා සිටින බවත් කියමින් ව්‍යාපාරිකයකු විසින් පොලිස්‌ මූල්‍ය අපරාධ කොට්‌ඨාසය වෙත පැමිණිල්ලක්‌ කර තිබිණි.

ඒ අනුව මෙම විමර්ශන ක්‍රියාත්මක කර තිබෙන බව මූල්‍ය අපරාධ කොට්‌ඨාසය පැවැසීය.

දිවයින

 

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us