රාජපක්ෂට එදිරිව ජාතිවාදය උත්තරයක් වන්නේ නැත

Published in පුවත්
Friday, 10 July 2015 14:17

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ඉදිරි මහ මැතිවරණය සඳහා ඉදිරිපත් වන බව නිවේදනය වීමෙන් අනතුරුව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකාද කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ම තරඟ වැදීමට සූදානමින් සිටින බවට ප්‍රවෘත්තියක් පලවිය.

එම තීරණය වෙනස් වී ෆොන්සේකා කොළඹ දිස්ත්‍රික්කයෙන් තරඟ කිරීමට නාමයෝජනා බාර දී ඇත.

එහෙත් මේ වනවිට එක්සත් ජාතික පක්ෂය සමඟද මේ පිළිබඳව සාකච්ඡා කර එම පක්ෂය හා එක්ව තරඟ කිරීමේ අවස්ථාවක් ලබා ගැනීම පිළිබඳව ද අවධානය යොමුව ඇති බවද දැන ගැනීමට ඇත. මේ සාකච්ඡාවටම ජාතික හෙළ උරුමයද හවුල් වී ඇත. එම සාකච්ඡා මෙවන විට සාර්ථකව පවතී. ඒ සාර්ථකත්වයට හේතුව රාජපක්ෂව පරදවන්න සිංහල ජාතිවාදය අවශය යැයි එජාපය කල්පනා කිරීමය.

කෙසේවෙතත් සරත් ෆොන්සේකා යනු ගෝඨාභය රාජපක්ෂ නම් භයානක කාසියේම අනිත් පැත්ත ය. අතිශය දරුණු යුද්ධයක් දියත් කෙරුණේ ඒ දෙපළ ගේ සුසංයෝගයෙනි. කෙසේ වෙතත් යුධ ජයග්‍රහණයේ තනි අයිතිය තමුන් සතු කරගැනීමේ රාජපක්ෂ වුවමනාව නිසාවෙන් යුධ අවසාන සමය වන විට ම රාජපක්ෂ - ෆොන්සේකා විරසකය ද ඇවිළී තිබුණි.

යුද්ධය අවසාන වීමෙන් අනතුරුව තවදුරටත් ෆොන්සේකා ප්‍රබල හමුදාපති වරයෙකුව සිටීමේ අනතුර පෙර සිට ම තක්සේරු කරතිබූ රාජපක්ෂ වරුන් ඔහුගේ බලතල කප්පාදු කරමින් හමුදාපති තනතුර සඳහා තමන්ගේ සුවච කීකරු පුද්ගලයකු යොදවා ෆොන්සේකාව නම පමණක් ලොකු තනතුරකට කොටු කරන ලදී. ෆොන්සේකා කළකිරීමෙහි එක් අන්තයක පසුවෙද්දීම ජනාධිපතිවරණය කැඳවිණි.

යුධ ජයග්‍රහණයේ උණුසුම පිටම කැඳවුණු මැතිවරණයේදී රාජපක්ෂට එරෙහිව ඉදිරිපත් කළ හැකි ප්‍රබල අපේක්ෂකයකු විපක්ෂයට නොවීය. යුධ ජයෙහි පාර්ශ්වකරුවෙකු ලෙස මෙන්ම රාජපක්ෂලා සමඟ විරසක වූ පුද්ගලයකු ලෙස ද ෆොන්සේකා වෙත එජාපය හා ජවිපෙ ප්‍රමුඛ විපක්ෂයේ ඇස යොමුවන්නේ මේ මොහොතේ දීය.

විපක්ෂයෙහි පොදු අපේක්ෂකයා වශයෙන් ජනාධිපතිවරණ අපේක්ෂකයකු ලෙස ඇරඹි ෆොන්සේකාගේ පළමු දේශපාලන ගමන ම කෙළවර වූයේ පරාජයට පත් වීමෙන් පමණක් නොව පළිගැනීමට ලක්ව බන්ධනාගාර ගත වීමෙනි. කෙසේ වෙතත් ෆොන්සේකා දේශපාලනය අවතීර්ණ වූවා නොව රාජපක්ෂලාගේ නොසලකා හැරීම සහ විපක්ෂයේ බල වුවමනාව විසින් දේශපාලනයට ඇද දැමුණා සහ ඇද දැමුවා යයි කීම නිවැරදිය.

කෙසේ වෙතත් දේශපාලනයට පැමිණි විගසම ඔහු විසින් ප්‍රකට කෙරුණේ තමා හුදෙක් හමුදා නිලධාරියකු මිස දේශපාලනයට අවශ්‍ය ඉවසීම හෝ හික්මීම කොහෙත් ම නොමැති චරිතයක් බවය. පසුගිය වසරපහකට ආසන්න කාලය තුළ ඔහු දේශපාලනයෙහි යම් අත්දැකීම් ප්‍රමාණයක් සහ පරිණත භාවයක් ලබා ගන්න ඇති බවට සැකයක් නැත.

එහෙත් මේ මොහොතේ ජාතිවාදය සහ යුධවාදය නැවත අවුළුවමින් සටනට එළඹ සිටින රාජපක්ෂ පරාජය කළයුතු වන්නේ ජාතිවාද විරෝධී සහ යුධ විරෝධී දේශපාලන ව්‍යාපාරයක් මගින් මිස එකී යුධ ජයෙහි පාර්ශ්ව කරුවෙකු වීම නිසාම දේශපාලන බිමට පැමිණි පුද්ගල චරිතයක් විසින් නොවේ.

තුශාරිකා විතානගේ

 

Last modified on Friday, 10 July 2015 15:45

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us