ඊයේ රාත්රියේදී රාජපක්ෂ මහතාට දුරකථන ඇමැතුමක් ලබා දෙමින් 'ඔයා එන්නේ නැත්නං හොඳයි"යනුවෙන් තරමක් කෙන්තියෙන් රාජපක්ෂ මහතා අමතා තිබුණද අද උදැසන ඔහු පවසා ඇත්තේ ඊයේ රාත්රියේදී තමා තරමක් කෙන්තියෙන් පසුව සිටි බවත් දැන් කිසිදු ප්රශ්නයක් නොමැතිව රාජපක්ෂ මහතාට නාම යෝජනා ලැබෙන බව දැනුම් දී තිබේ.
කෙසේ නමුත් ඊයේ රාතියේ ජනාධිපතිවරයාගේ දැනුම් දීමෙන් පසුව රාජපක්ෂවාදීන් දැඩි ලෙස කලබල වී තිබුණු අතර අද උදෑසනම කොළඹදී හදිසි සාකච්ඡාවක්ද සූදානම් කර තිබිණි.
මෙහිදී මහින්ද රාජපක්ෂ මහතා කුරුණැගල දිස්ත්රිකයෙන්ද නාමල් රාජපක්ෂ මහතා හම්බන්තොට දිස්ත්රික්කයෙන්ද මහ මැතිවරනයට ඉදිරිපත් වනු ඇත.