ශ‍්‍රීලනිපයේ පිරිසකට නාමයෝජනා නැතිවෙන ලකුණු

Published in පුවත්
Saturday, 04 July 2015 16:12

ඉකුත් පාර්ලිමේන්තුවේ මන්ත‍්‍රී ධූර දැරූ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ කිහිපදෙනෙකුට මෙවර එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් නාමයෝජනා නොලැබෙනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි. මේ අතර හිටපු අමාත්‍යවරුන් කිහිප දෙනකු මෙන්ම ප්‍රබල අමාත්‍යාංශ දෙකක අධීක්ෂණ මන්ත්‍රී ධුර දැරු මන්ත්‍රීවරුන් ද සිටින බව සන්ධාන ආරංචි මාර්ග පෙන්වා දෙයි.

ඔවුන්ට එරෙහිව පවතින චෝදනා මෙන්ම මහජනතාව අතර ඔවුන් සම්බන්ධයෙන් පවතින අප්‍රසාදය හේතුකොටගෙන මෙම තීරණයට එළැඹුණු බව පැවසේ.

දුමින්ද සිල්වා, සජින් වාස් ගුණවර්ධන,මහින්දානන්ද , ජොන්ස්ටන් ,රෝහිත සහ මර්වින් සිල්වා යන අයද ඒ අතර සිටින බව වාර්තාවේ.

ඔවුන් වෙනුවට ජනප්‍රිය, නවක අපේක්ෂකයන් එම දිස්ත්‍රික්කවලින් ඉදිරිපත් ‍කැරෙනු ඇතැයි එහි ප්‍රකාශකයෙක් වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

මේ අතර එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කළ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන්ගෙන් බහුතරයකටද මේ මැතිවරණයෙන් පසු පාර්ලිමේන්තු වරම් අහිමි වනු ඇති බව ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා ද මෙවර මහමැතිවරණයට තරග නොකරනු ඇතැයි දේශපාලන ආරංචි පවසයි. එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් නාමයෝජනා ලබා ගැනීමට මේ දක්වා ඔහු ඉල්ලීමක් කර නොමැති බව වාර්තාවේ.

Last modified on Saturday, 04 July 2015 16:19

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us