News Items (18842)
ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට තරග කිරීම සඳහා දහසය දහසකට අධික පිරිසක් එක්‌සත් ජාතික පක්‍ෂයට අයෑදුම්පත් එවා ඇතැයි ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.
ලියාපදිංචි දේශපාලන පක්‍ෂ දෙකක නම් වෙනස් කර ඇති බව මැතිවරණ කාර්යාලය පවසයි.දේශප්‍රේමී ජාතික පෙරමුණ ශ්‍රී ලංකා ජාතික බලය ලෙසත් එක්‌සත් ලංකා මහා සභා පක්‍ෂය, බොදු ජන පෙරමුණ ලෙසත් නම් වෙනස් කර තිබේ.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි තලතා අතුකෝරාල මහත්මියගේ ප්‍රධාන ආධාරකරුවෙක්ව ඊයේ (29) රාත්‍රියේදී කිසියම් පිරිසක් විසින් පහර දී මරා දමා තිබේ. මෙසේ ඝාතනය වී අැත්තේ තුෂාර දේවාලේගම නම් නැමැත්තෙකි. මෙම ඝාතනය සිදුව තිබෙන්නේ රත්නපුර දෑල නොරගල්ලේවත්තල දෙයියන්නේ දාල ප්‍රදේශයේ දීය.
මහ මැතිවරණයේ දි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට අගමැති අපේක්ෂකත්වය හෝ නාම යෝජනා ලබා නොදෙන බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දෙමළ මුස්ලිම් ඇතුළු වාමාංශික පක්ෂ හමුවේ ප්‍රකාශකර තිබේ.
ඊයේ(28) මාතලේ දිස්ත්‍රික්කයේ ගලේවෙල ටී.බී. තෙන්නකෝන් අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති උත්සවයකදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේ ජනාධිපතිවරණයේදී තමන් මහින්දව පරාජය පත්කළ ආකාරයටම මහ මැතිවරණයට මහින්ද රාජපක්‍ෂ ඉදිරිපත් වුණොත් ඒකාධිපති රාජපක්‍ෂ රෙජීමය වළලා දැමීමට ක්‍රියා කරන බවයි.
ජාතික ලොතරැයි මණ්ඩලය,සංවර්ධන ලොතරැයි මණ්ඩලය සහ ශ්‍රී ලංකා ටෙලිකොම් යන අායතනයන්හි රුපියල් බිලියන ගණනාවක් රාජපක්ෂලාගේ දේශපාලන කටයුතු සදහා වැය කොට අැති බවට තොරතුරු අනාවරණය වී අැති බව අජිත් මාන්නප්පෙරුම මහතා පවසයි. ඔහු මේ බව පැවසුවේ අද(29) පැවති හෙළිදරව්ව 06 මාධ්‍ය හමුව අමතමිනි.
පසුගියදාක ආර්ජන්ටියානු ගුවන් යානා සමාගමක නියමුවන් දෙදෙනෙක් සේවයෙන් පහකරනු ලැබුවා. මේ සඳහා බලපාපු හේතුව උනේ එරට නිරූපිකාවට නියමු කුටියට ඇතුළුවීමට අවසර ලබාදීම සහ ඇය සමඟ ඡායාරූපයකට පෙනී සිටීමයි.
පාර්ලිමේන්තු මැතිවරණය අගෝස්තු මස 17 වනදා නොපවත්වන ලෙස ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරයි.ජනතා විමුක්ති පෙරමුණේ කඩුවෙල ආසන බල මණ්ඩලය අමතමින් ඔහු මේ බව කියා සිටියේය.
