මහින්දට නාමයෝජනා දෙන්නේ නෑ - මෛත්‍රී

Published in පුවත්
Tuesday, 30 June 2015 09:19

මහ මැතිවරණයේ දි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට අගමැති අපේක්ෂකත්වය හෝ නාම යෝජනා ලබා නොදෙන බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දෙමළ මුස්ලිම් ඇතුළු වාමාංශික පක්ෂ හමුවේ ප්‍රකාශකර තිබේ.

වාමාංශික පක්ෂ නායකයන් ඊයේ (29) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී සාකච්ඡා කළ අතර එහිදී එම පක්ෂවල ඉල්ලීමටද කන්දෙමින් ජනාධිපතිවරයා මේ බැව් අවධාරණය කළ බව එක්සත් වාමාංශික පෙරමුණේ ප්‍රධාන ලේකම් ලාල් විජේනායක මහතා ප්‍රකාශ කරයි.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සන්ධානයේ අගමැති ධුර අපේක්ෂකයා ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නම් නොකරන ලෙස සුළු පක්ෂ රැසක්, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් එක්සත් ජනතා නිදහස් සන්ධානයට සියලු පක්ෂවල සහය ලබාගැනීමට පත්කරන ලද අට පුද්ගල කමිටුවෙන් ඉල්ලා තිබේ.

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයට සුළු පක්ෂවල සහාය ලබා ගැනීම සඳහා සාකච්ඡා කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පත්කරන ලද අට දෙනෙකුගෙන් යුත් කමිටුව ඊයේ (29) දෙමළ මුස්ලිම් ඇතුළු සුළු පක්ෂ නවයක නායකයන් හමුවී සාකච්ඡා කර තිබේ.

මෙහිදී සුළු පක්ෂ අතරින් දෙමළ හා මුස්ලිම් පක්ෂ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට නාමයෝජනා ලබාදීම තරයේම ප්‍රතික්ෂේප කර ඇති අතර, පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කිරීමට මහින්ද රාජපක්ෂ මහතාගේ සහාය ලබාගැනීම ගැටලුවක් නොවන බව ද ප්‍රකාශ කර ඇත.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සන්ධානය මෙවර මැතිවරණය මුහුණ දිය යුත්තේ ජනාධිපති ‍ෛමත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් මිස පරාජයට පත් වූ දේශපාලනඥයකුගේ මූලිකත්වයෙන් නොවන බවත් ඔවුහු ප්‍රකාශකර තිබේ.

සුළු දේශපාලන පක්ෂ සමඟ මේ සාකච්ඡාවට ජනාධිපතිවරයා විසින් පත් කරන ලද කමිටුව එස්.බී. දිසානායක, ලක්ෂ්මන් යාපා අබේවර්ධන, මහින්ද අමරවීර, රාජිත සේනාරත්න, මහින්ද සමරසිංහ, රෙජිනෝල් කුරේ, සරත් අමුණුගම සහ තිලංග සුමතිපාල නියෝජනය කරති.

මෙම කමිටුව අද (30) තවත් දේශපාලන පක්ෂ කිහිපයක් සමඟ සාකච්ඡා කිරීමට නියමිතය.

 

dinamina

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us