News Items (18842)
ඉදිරි මහ මැතිවරණයේදී තමන් තරග කරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මීට නොබෝ වේලාවකට පෙර පැවසුවේය. මැදමුලනේ පිහිටි සිය නිවසේදී විශේෂ ප‍්‍රකාශයක් කරමින් ඔහු මේ බව කියා සිටියේය. එක්‌සත් ජනතා නිදහස් සන්ධානයට අයත් පක්‍ෂ නායකයන්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පළාත් සභා සන්ධාන මැති ඇමැතිවරුන්, පළාත් පාලන ආයතන නියෝජිතයන් හා හිටපු මහජන නියෝජිතයෝ පිරිසක් මැදමුලනට පැමිණ සිටියේය.
තම ඡන්ද පොළේදී ඡන්දය දාන්න බය නම් තවත් ඡන්ද පොළකදී අවස්ථාව
තමාගේ ඡන්ද පොළ පිහිටි ප්‍රදේශයේදී ඡන්දය දීමට නොහැකි වෙතැයි සාධාරණ බියක් ඇති අයෙකුට වෙනත් ඡන්ද පොළකදී ඡන්දය දීම සඳහා පහසුකම් සලසා දෙන ලෙස ඉල්ලුම් කිරීමට අවස්ථාව උදාවී තිබේ.
එළෙඹන මහමැතිවරණයෙන් පසුව පත්වනු ලබන නව ආණ්ඩුවේ ප්‍රධානම වගකීම වන්නේ 20 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගැනීම බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසයි.19 වැනි ව්‍යවස්ථා සංශෝධනය කෙසේ හෝ සාර්ථක කර ගත් බවද 20 වැනි සංශෝධනය විවිධ ගැටලු නිසා ව්‍යාකූල වූ බව ඔහු පැවසුවේය.
පසුගිය කළේ ලෝකේ වගේම ලංකාවෙත් බොහෝ දෙනෙක් තමන්ගෙ facebook profile picture එක දේදුණු පැහැයෙන් අලංකාර කරා. ඒ විතරක් නෙමේ ලෝකයේ ප්‍රධාන තලයේ වෙබ් අඩවි සමාගම් තමන්ගෙ ලංඡන දෙදෙනු පැහැයෙන් වර්ණ කරා.
ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා දිස්ත්‍රික්ක පහක් සඳහා අපේක්ෂකයින් තෝරා ගැනීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී ඊයේ (30) ආරම්භ කළ සම්මුඛ පරීක්ෂණය සඳහා තුන්සියයකට ආසන්න අපේක්ෂක අපේක්ෂිකාවන් සංඛ්‍යාවක් සහභාගී වී ඇතැයි එහි ආරංචි මාර්ග සඳහන් කරයි.
පසුගිය ජනාධිපතිවරණ සමයේදී දේශපාලන ආධාරකරුවෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ සැකකාර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි ප්‍රේමලාල් ජයසේකර මහතා ඇතුළු විත්තිකරුවන් යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
හිටපු මන්ත‍්‍ර කුමාර වෙල්ගම කළ යහපත් ප‍්‍රකාශයක් අද සුභාෂිත කල්පනා අතරට එක්වේ.පාර්ලිමේන්තුව විසුරුවා හැර ඇත. ලබන අපේ‍්‍රල් තෙක් පැවති පාර්ලිමේන්තුව කල් ඉකුත් වීමට පෙර විසුරුවා හැරිය බව රහසක් නොවේ.ජනවාරි 9 වෙනි දා පත්වූ නව විධායක ජනාධීපති තමන්ට පැවරුණ බලය අනුව නව මහා මැතිවරණයක් කැඳවා ඇත. ඒ කාලයට උචිත ජනතා ප‍්‍රාර්ථනා රටේ නීති බවට පත් කළ හැකි සදාචාර සම්පන්න පිරිසක් පාර්ලිමේන්තුවට තෝරා ගත යුතු නිසාය. එහිදී බලු දම්වැල් දමාත් හදන්ට බැරිවූ එවුන් නීති හදන තැනට නො එවීමට ජනතාව වග බලාගත යුතුවේ.
මහින්ද රාජපක්‍ෂ නැතිව දිනන්න බැරිය යන්න වහා ඉහළ නැග බිම පතිතවූ මොට ඊතලයක් බවට පත්වී ඇත. ජනවාරි ජයග‍්‍රහණය වෙනදා මෙන් පශ්චාත් දේශපාලන ප‍්‍රචණ්ඩ කි‍්‍රයා ලෙස තටු ගසා ඉගිලෙන්ට පටන් ගත්තා නම් තත්වය කුමක් වේද? එහෙම වුනා නම් මේ වීරයන් තවමත් සැගවුන තැන් වලින් එළියට පැමිණි නැතුවාමය.
ඉන්දුනීසියානු හමුදාවට අයත් ප්‍රවාහන ගුවන් යානයක් ඉන්දුනීසියාවේ උතුරු සුමාත්‍රා ප්‍රදේශයට කඩා වැටීමෙන් මිය ගිය 141 ක් දෙනෙකුගේ සිරුරු මේවන විට සොයාගෙන ඇති බව ඉන්දුනීසියානු බලධාරීන් පවසයි.
