මහින්ද නැතිව බෑ කීම පට්ටපල් බොරුවකි.

Published in පුවත්
Wednesday, 01 July 2015 09:53

මහින්ද රාජපක්‍ෂ නැතිව දිනන්න බැරිය යන්න වහා ඉහළ නැග බිම පතිතවූ මොට ඊතලයක් බවට පත්වී ඇත. ජනවාරි ජයග‍්‍රහණය වෙනදා මෙන් පශ්චාත් දේශපාලන ප‍්‍රචණ්ඩ කි‍්‍රයා ලෙස තටු ගසා ඉගිලෙන්ට පටන් ගත්තා නම් තත්වය කුමක් වේද? එහෙම වුනා නම් මේ වීරයන් තවමත් සැගවුන තැන් වලින් එළියට පැමිණි නැතුවාමය.

මහින්ද රාජපක්‍ෂ යනු කිසි දිනෙක සාධාරණ ඡන්දයකින් ජයගත් චරිතයක් නොවේ. ඔහු දෙවරක් ජනාධිපතිවූ බව හැබෑවකි. එහෙත් සාධාරණ ඡන්ද ක‍්‍රමය හරහා නොවේ. ලංකාව දන්නා පරිදි මහින්ද රාජපක්‍ෂගේ 2005 ජයග‍්‍රහණය එහෙම් පිටින්ම මගෝඩියකි. 2005දී මහින්ද රාජපක්‍ෂ රනිල් වික‍්‍රමසිංහ පරාද කළේ ප‍්‍රභාකරන්ගේ ආයුධ බලයෙනි. වේළුපිල්ලේ ප‍්‍රභාකරන් සිය අමානුෂික කුරිරු භීෂණය මුදා හැර උතුරු නැගෙනහිර ජනතාව බිය වද්දා මහින්දට එරෙහි දෙමළ ඡන්ද අවහිර කර තම කාරිය ඉටු කර ගත්තේය. 2010දී මහින්ද ජගත්තේ වැඩි ඡන්ද දහ අට ලක්‍ෂයකිනි. එහෙත් එකී ප‍්‍රතිපල නිකුත් කිරිමට පැය 48 ක කාලයක් එවකට සිටි මැතිවරණ කොමසාරිස් වරයා අතුරුදන්ව සිටි බව රහසක් නොවේ. සමහරු ඒ කතාව බැහැර කරති.

2015 මැතිවරණය පුරා ද රාජපක්‍ෂ සැලසුම් කළ මෙවැනි උත්සාහයන් පැවති බව ප‍්‍රකට කරුණකි. එය අනුමානයක් නොවේ. ඒ බව තහවුරු වන්නේ අසාර්ථකවූ මෙහෙයුම් දෙකක තොරතුරු හෙළිවී ඇත. පළමුවැන්න හමුදා නිලධාරි කණ්ඩායමක් මැතිවරණ කොමසාරිස් කාර්යාලය වට කිරීමට කළ උත්සාහයකි. ඒ කතාව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශපි‍්‍රය මහතා ප‍්‍රතික්ෂේප කරයි. එහෙත් එදා මැතිවරණ රාජකාරි කළ බොහෝ දෙනා ඒ සිද්ධිමය කාරණාව බැහැර නොකරති. දෙවැන්න ජනවාරි 9 වෙනිදා මහින්ද රාජපක්‍ෂ මහ පාන්දර අරලිය ගහ මන්දිරයට පොලිස්පති, හමුදාපති, නිතිපති සහ අග‍්‍ර විනිශ්චයකාරයා කැඳවීමය. එහි යටි අරමුණ බලය යටි මඩිගැසීමකි. ඒ සිද්ධිය ගැන ඔව් කියන්නෝ මෙන්ම නෑ කියන්නෝද සිටිති. එහෙත් පසුගියදා ප‍්‍රකට රූපවාහිනි නාලිකාවක් හමුවේ හිටපු හමුදාපති දයා රත්නායක කීවේ කුමක්ද? ‘‘අපි එතන සිටි නිසා ප‍්‍රජාතන්ත‍්‍රවාදය බේරුණා‘‘ කියා ය. හිටපු හමුදාපති වරයා ඒ විස්තර කළේ ජනවාරි 9 වෙනිදාට එළිවෙන යාමයේ අරලියගහ මන්දිරයේ පැවති බිහිසුණු තත්වය ගැනය. ඒ වනවිට ජනාධිපති මැතිවරණය හරහා මහින්ද රාජපක්‍ෂගේ ඉරණම තීන්දුව තිබිණ.

2015 ජනාධිපති මැතිවරණය පුරා මහින්ද රාජපක්‍ෂ හැසිරුණේ විධායක ජනාධිපති ලෙස මිස ජනාධිපති අපේක්‍ෂකයෙකු ලෙස නොවේ. ඔහු හැසිරුණේ ශෂීන්ද්‍ර රාජපක්‍ෂගේ පළාත් සභා මැතිවරණයේදී මෙන් නීතිය සිය අතට ගෙන ය. ඒ අවස්ථාවේ මොණරාගල දිස්ති‍්‍රක්කයේ ඡන්දදායකයන්ට සන්තෝසම් බෙදීම මොනරාගලට සන්ධාන අපේක්‍ෂකයන්ගේ පවා දෝෂ දර්ශනයට ලක් විය. අන්තිමේ මැතිවරණ කොමසාරිස් මහින්ද දේශපි‍්‍රයට ඒ සන්තෝසම් බෙදිල්ල තහනම් කිරිමට සිදු විය. රාජපක්‍ෂවරු තමන්ට කීකරු අධීකරණය හරහා මැතිවරණ කොමසාරිස්ගේ නියෝගය අවලංගු කරවා නැවත සෙල්ලම පටන් ගත්හ. අරක්කු බෝතලයට, රුපියල් 2500.00 ට සිල් රෙද්දට තම කතිරය විකුණා දමන නිවට මානසිකත්වයට රටේ දිළිඳු ජනතාව තල්ලූ කළේ රාජපක්‍ෂලා විසිනි. ඔහු පාර්ලිමේන්තුවේ තුනෙන් දෙක හදා ගත්තේද එහෙමය. රාජපක්‍ෂලා මොනරාගලදී එසේ හැසිරුණේ සුමේධා ජයසේනලාගේ විජිත් මුනි සොයිසාගේ දරුවන් අබිබවා මැද මුලන පරම්පරාවේ එකා දිනවන්නටය. ඒ ඌවේ නූපන් දරුවෙකුට ඌව භාරදීමටය. මහින්ද නැතිව බෑ කියන ශී‍්‍රලනිපයේ අයියලා මේ කෙනහිලිකම් දනිති. එහෙත් ඔවුන්ගේ උපන් ගෙහි නිවටකමට උප්පැන්නය දුන් අප්පලාත් දොස් අසති. දරුවෙකු ප‍්‍රසූත කළ අම්මාගෙන් කසාද බැඳලාද කියා මිස දරුවා ජාතක කළේ කවුදැයි නො අසති.

මහින්ද තම ජයග‍්‍රහණය සඳහා කාන්තාවන්ට සිල් රෙදි බෙදුවේය. පිරිමින්ට අරක්කු බෙදුවේය. පවුල් වලට රුපියල් 2500/- බැගින් ආණ්ඩුවේ මුදල් බෙදුවේය. අරලිය ගහ මැදුරේ මහා දන්සැල් පැවැත්වීය. ඒ කිසිවක් මැතිවරණ නීතියට එක`ග නැත. දන්සැල් ගැන ඔහු දුන් උත්තරය කුමක්ද? දන්සල් පැවැත්වීම සිංහලයාගේ සම්ප‍්‍රදායක් බවය. 2015 පරාජයට පසුව පන්සල් වලදී තමා සිල් රෙදි බෙ¥ බව ප‍්‍රසිද්ධියේ පිළිගත් මහින්ද රාජපක්‍ෂ මම සිල් රෙදි බෙදපු එකටත් සමහරු දොස් කී බව කීය. බෝධි පුජා සංවිධානය කර මහින්ද රාජපක්‍ෂට සෙනග ගෙන්වූ භික්‍ෂුන් වහන්සේලා මෙහිදී එසේය මහරජ කියන්ට ගියේ නැත. මහින්ද රාජපක්‍ෂ දිනුවේත් බලයේ සිටියේත් මෙවැනි දූෂීත මැතිවරණ කි‍්‍රයාකාරකම් දඩ මීමා කරගෙනය. එහෙව් මහින්ද රාජපක්‍ෂ නැතිව ඡන්ද දිනන්න බෑ කියන කිසිවෙකුට තක්කඩියන්ගේ සහාය නැතිව පාර්ලිමේන්තු යන්න බැරිය. මෛති‍්‍රපාල සිරිසේන 2010 දී දිනුවේ මහින්දගේ ක‍්‍රමය නිසා විය හැකිය. එහෙත් මහින්ද පරාජය කර 2015දී මෛති‍්‍රපාල සිරිසේන දිනුවේ මහින්ද ක‍්‍රමයට නොවේ. ජනතා බලයෙනි. මහින්ද නැතිව දිනන්න බෑ කීම පල් බොරුවකි. එසේ නම් මහින්ද මෛති‍්‍රට පැරදුණේ කෙසේද?

මහින්ද රාජපක්‍ෂ දෑතින් තුවක්කු දෙකක් ගෙන වෙඩි තැබූ කතාවක් ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන හෙළි කළේය. ඒ කව්බෝයි චිත‍්‍රපටයක නොවේ. මුල්කිරිගල අතුරු මැතිවරණය අතරය. මහින්ද රාජපක්‍ෂ 2010 ,2005 පමණක් නොව 1980 ගණන් වලත් ඡන්ද කෙරුවේ දිනුවේ එහෙමය. මුල්කිරිගල අතුරු මැතිවරණයේදී සිදුකළ ඒ වෙඩි තැබිමෙන් එජාප කි‍්‍රයාකාරිකයෙකුට ජිවිතය අහිමි විය. මූලික මරණ පරීක්‍ෂණයේදී ඉදිරිපත්ව මහින්ද වෙඩි තැබූ බව ඇහින් දුටු බව කී සාක්‍ෂිකරු අධීකරණයේදී දුන් සාක්‍ෂීය පරස්පර වූ නිසා මහින්ද නිදහස් විය. එකී සාක්කිකරු බොරු සාක්කි දුන් බවට මහාධීකරණය තීරණය කළේය.

1981 අංක 15 දරන ජනාධිපතිවරණ පනතේ 76, 77, 78 සහ 79 වගන්ති අනුව අයුතු බලපෑම්, අයුතු සංග‍්‍රහ කිරීම් අල්ලස් ගණයට වැටෙන වැරදි බවත්, ඊට නියමිත දඬුවම බන්ධනාගාර කිරීම වේ. නඩු නො වැටුණාට, දඬුවම් නොලැබුණාට ප‍්‍රසිද්ධියේ ඡන්ද නීතිය උල්ලංඝනය කිරිම බලපතල වරදකි. මහින්ද රාජපක්‍ෂ අධීකරණයේ කොන්ද බිඳීන්නට පෙර ලංකාවේ මැතිවරණ නීතිය කි‍්‍රයාත්මක විය. ඉලංගරත්නලා ජෝර්ජ්.ඊද සිල්වා ආදිහු හත් වසර බැගින් ප‍්‍රජා අයිතිය අහිමිව සිටියාහ. 1977 දී පාර්ලිමේන්තුවට ආණමඩුව ආසනයෙන් තේරි පත්වූ සද්ධාතිස්ස වඩිංගමංගාව මහතාට ඡන්ද පෙත්සමකින් මන්තී‍්‍රකම අහිමි විය. වරද ලෝක ආහාර බඩු බෙදන පෝලිමේදී තිස්ස මහත්තයාට ඡන්දය දෙන්ට කී බව ඔප්පුවීමය.

මේ සිද්ධි එකින් එක ගලපන කළ ලාංකේය මැතිවරණ ඉතිහාසයෙහි මහින්ද රාජපක්‍ෂ යනු කුප‍්‍රකට චරිතයකි. ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ආත්මය වන මැතිවරණ නීතියට අභියෝග කරන්නෙකි. මැතිවරණ ප‍්‍රතිපලයක් නො ඉවසන්නෙකි. දේශපාලනය බඩ ගෝස්තරය කරගත් පිරිහුණ දේශපාලනඥයන් මහින්ද නැතිව මැතිවරණවලට යාමට බිය වෙති. මේ මිනිස්සු ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේනගෙන් ඉල්ලන්නේ මහින්දට අගමැතිකම පමණක් නොවේ. ආණ්ඩු බලයද ඉල්ලා සිටිති. ඒ කුමකටද? විශේෂ මූල්‍ය අපරාධ අංශය අහෝසි කරන්නටය. එහි සේවය කළ නිලධාරින්ට ගල් ගසා මරා දමන්නටය. දූෂණ චෝදනා නිසා අත් අඩංගුවට ගත් අය නිදහස් කරන්නටය. ජනවාරියේ නැතිවුණ ජනාධීපති කම නැවත මහින්දට ලබා දෙන්නටය. එසේම එක්සත් ජාතික පක්‍ෂය පරාද කරන්නටය. මෙතෙක් කල් එක්සත් ජාතික පක්‍ෂය ඉතිහාසයේ කළ ලොකුම වැරැද්ද 78 ව්‍යවස්ථාව ඇති කිරිමය. එහෙත් දැන් එහෙම චෝදනාවක් එජාපයට එරෙහිව නැත. දැන් රනිල් වික‍්‍රමසිංහ අගමැතිතුමාට නැගෙන චෝදනාව මූල්‍ය අපරාධ පොලිස් කොට්ඨාශය ඇති කිරිමය. 2005 මහින්ද රාජපක්‍ෂ ජනාධිපති වන තෙක් විධායක ක‍්‍රමය අහෝසි කිරීම ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ ප‍්‍රමුඛ ජාතික කාර්ය භාරය විය. ඊට පෙර සූදානමක් ලෙස පාඨලී චම්පික හැර සකල පාර්ලිමේන්තුව ඒකමතිකව 17 වෙනි සංශෝධනය අනුමත කළහ. ඒ විධායක ජනාධිපති සතුව පැවති බලතල අඩු කිරිමටය. මහින්ද රාජපක්‍ෂ 17 වෙනි සංශෝධනය ඉවත් කර 18 ගෙනාවේ සදාකාලිකව බලයේ සිටීමටය. මේ වනවිට 18 ඉවත් කර ඇත. ඒ සියලු ප‍්‍රගතිශීලි කටයුතුවලට වැඩි දායකත්වයක් සපයන ලද්දේ එජාපය විසිනි. ඊට මැති සබය තුල ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය ඊට එරෙහි වුනේ මහින්දගේ උවමනාවට බව රටේ ජනතාව දනිති. මහින්ද නැතිව දිනන්න බෑ කියන්නෝ එජාපය පරාද කරන්න උත්සාහ කරන්නේ රට වෙනුවෙන් නොවේ. 2015 මහජනතාව දිනවූ ප‍්‍රතිපත්තිය පරාජය කර රාජපක්‍ෂ කාලයේ සිදුකළ සොරකම් වසා රට සූරා කෑමටය.

2015 ජනවාරි 08 ජයග‍්‍රහණය ආපසු හරවන කුමන්ත‍්‍රණය කි‍්‍රයාත්මක වන්නේ මහින්ද නැතිනම් දිනන්නට බෑ කියමිනි. ඒ සටන් පාඨයේ සත්‍ය පණිවිඩය මහින්ද නැතිව ගසා ගන්න බෑ යන්නය. බණ්ඩාරනායකලා නිර්මාණය කළ ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය අද ¥ෂීතයන්ට තෝතැන්නක්ව ඇත. මහින්ද නැවත අලෙවි කළ නොහැකි බව මේ අය දනිති. ශී‍්‍රලනිපය දෙකඩ කරතී යයි මෛති‍්‍රටත්, මූල්‍ය අපරාධ කොට්ඨාශය ගෙන ඒම ගැන රනිල් වික‍්‍රමසිංහටත් දොස් පවරන්නේ වෙනත් සටන් පාඨයක් නැති නිසාය.
නිමි

පිටපත: නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us