කුමාර වෙල්ගම සහ බලු දම්වැල් කතාව Featured

Wednesday, 01 July 2015 09:59

හිටපු මන්ත‍්‍ර කුමාර වෙල්ගම කළ යහපත් ප‍්‍රකාශයක් අද සුභාෂිත කල්පනා අතරට එක්වේ.පාර්ලිමේන්තුව විසුරුවා හැර ඇත. ලබන අපේ‍්‍රල් තෙක් පැවති පාර්ලිමේන්තුව කල් ඉකුත් වීමට පෙර විසුරුවා හැරිය බව රහසක් නොවේ.ජනවාරි 9 වෙනි දා පත්වූ නව විධායක ජනාධීපති තමන්ට පැවරුණ බලය අනුව නව මහා මැතිවරණයක් කැඳවා ඇත. ඒ කාලයට උචිත ජනතා ප‍්‍රාර්ථනා රටේ නීති බවට පත් කළ හැකි සදාචාර සම්පන්න පිරිසක් පාර්ලිමේන්තුවට තෝරා ගත යුතු නිසාය. එහිදී බලු දම්වැල් දමාත් හදන්ට බැරිවූ එවුන් නීති හදන තැනට නො එවීමට ජනතාව වග බලාගත යුතුවේ.

කුමාර වෙල්ගම යනු මහින්ද නැතිව බෑ කියන ඝෝෂකයෙකි. හැට හතර ලක්‍ෂයක් එක්ව මහින්ද පළවා හැරියේ නිකම් නොවේ. රාජපක්‍ෂ පාලනය අතර, සිදුවූ අනේක දූෂණ වංචා සහ මනුෂ්‍ය ඝාතන තවත් මේ රටේ සිද්ධ වීම වැළැක්විම පිණීසය. එවැනි රාජපක්‍ෂලා යට ගැස්වූ අපරාධ ගැන පරීක්‍ෂණ ආරම්භ කොට නීතිය කි‍්‍රයාත්මක කිරිමට ය. ඒ ජනතා ජයග‍්‍රහණය යටපත් කර, හොරුන්ට රට අත්පත් කර ගැනීමට ඉඩදීම බරපතල වරදකි. ඒ කුමන්ත‍්‍රණය සැලසුම් කරන විවිධ චෝදනා ලද කල්ලි වෙනුවෙන් කුමාර වෙල්ගමත් පෙනී සිටියි. ඔහු හැමදාම කියන්නේ මහින්දම ඕනැ කියාය.

රටම දන්නා පරිදි මහින්ද ගෙදර සිටියොත් හොර උප්පැන්න හැඳුනුම් පත් පාස්පෝට් භාවිතා කොට රටේ නීතිය කැඩූ විරවංශ පවුලට නඩු වැටෙනවාය. තුට්ටු දෙකක් අත නැතිව සිට ඇමතිවූ සැනෙන් කොටි ගණන් වටිනා දේපල අත්පත් කරගත් දේශපාලනඥයන් හිරේ යනවාය. රටේ මූල්‍ය නීතිය පසෙක දමා අයියාගේ ඡන්ද ව්‍යාපාරය වේගවත් කිරිමට රාජ්‍ය මුදල් වැය කළ බැසිල් රාජපක්‍ෂ අනතුරේය.වැලිකඩ හිර ගෙදර සිටි සිර කරුවන් තෝරා වෙඩි තබා ඝාතනය කිරිමට විශේෂ කාර්ය බලකාය සහ හමුදාව මුදා හැරිය ආරක්‍ෂක ලොක්කන් එල්ලූම් ගස් යනවාය. සොහොයුරියගේ පුතාගේ පරිහරණයට එයාර් ලංකා සේවයේ රූමතියක් පත් කොට මාසිකව රුපියල් ලක්‍ෂ ගණන් ගෙවූ දූෂිතයන්ට මාංචු වැටෙනවාය. මහින්ද ඕනෑ කියන්නේ මේ අවදානම් මග හැර නැවත රට ගසා කන්නටය. ඒ වෙනුවෙන් පෙනි සිටින හිටපු මන්තී‍්‍ර කුමාර වෙල්ගම ඊයේ තමන් ගැන කියා තිබිණ.

කුමාර වෙල්ගමගේ ළමා අවදිය ඛේදවාචකයකි. කුමාර වෙල්ගම වැදූ හැදූ දෙමාපියන් ඔහුට බලු දම්වැල්වලින් බැඳ පහර දුන් බව කියයි. ගෟහස්ත සතුන් ලෙස දම්වැල් දමා බැඳතම දරුවන් මෙල්ල කරන සිරිතක් රටේ නැත. ප‍්‍රචණ්ඩ හරකුන් නම් ගස් බඳීති. මෙල්ල කළ නොහැකි නම් පව් පින් නොබලා මසට විකුණති. එහෙම කරන්නේ තිරිසනුන්ටය. එහෙත් තමන්ට ජාතක උපන් දරුවෙකු දම්වැල් දමා බැඳලා ආණ්ඩු මට්ටු කරන්ට බැරි වූ චරිත අදත් හැසිරෙන්නේ එහෙමය. කුමාර වෙල්ගම තමා රටේ ජනාධීපතිටත් බය නැති බව කියන්නේ ඒ නිසාය. මහින්ද යුගයේ ලංකා පාර්ලිමේන්තුව නියෝජනයඑ කළේ මෙහෙම චරිතදැයි කෙනෙකු ඇසිය හැකිය. පාර්ලිමේන්තුවේ බිම නිදාගත් පිරිස ගණන් කර උත්තරය ලබා ගන්නා ලෙස කිව යුතුය. හිරේ විලංගුවේ උචිත අයට රට භාරදුන් විට ඒ අහිංසකඑ පුරවැසියන් ඊට බිලිවෙති.

කුමාර වෙල්ගමගේ ළමා කාලය ගෙවී ඇත්තේ අපේක්‍ෂා භංගත්වයෙනි. මහින්ද නැතිව බෑ කියන්නන් අතර නිවහල් මානසිකත්වක් නැත. ජනාධිපති මෛති‍්‍රපාල මෙවැනි අයට කීවේ වහලූන් කියාය. එවැනි චරිත තම අතීත කැරැට්ටුව වැමෑරීම බරපතල සමාජ අපචාරයකි. දැරියන් දෙසියක් කෙළෙසා සාද පැවැත්වූ පව් කාරයා බලු දම්වැලෙන් බැඳ සිටි කුමාර වෙල්ගමත් දෙදෙනාම මහින්ද නැතිව බෑ කියන්නෝ වෙති. මෙහිදී කොටකෙතන කාන්තා ඝාතන සිහිපත් වේ. කුමාර වෙල්ගම පාර්ලිමේන්තුවේදී කාන්තා දේශපාලනඥයන් එල්ල කොට කළ ප‍්‍රකාශ අනියම් ලිංගික අඩම්තේට්ටම් නොවේද?

මහින්දගේ ආණ්ඩුවේ තනතුරු දැරූ බහුකරය මෙසේ හැසිරීම විසාලා මහනුවර තැන තැන මළකුණු තිබුණා වැනි වසංගතයකි. රටේ ජනතාව මහින්ද පළවා හැරියේ ඒ වසංගතයට බියෙනි. එහෙත් රටේ නීතියඑ ස්ථාපිත කිරීම භාරව සිටින ජනාධීපති මෛති‍්‍රපාල සිරිසේනට තමන් බය නෑ කියන තරමට කුමාර වෙල්ගමලා උඩ පනින්නේ මහින්දගේ හයියටද? මෛති‍්‍රපාල නිහඬව සිටින්නේ වර්තමාන ශී‍්‍රලනිපයේ සදාචාරය ගැන ඔහු දන්නා නිසා විය හැකිය. එහෙත් රටේ ජනාධීපති කමට මෛති‍්‍රපාල තෝරා ගත්තේ ශී‍්‍රලනිපයෙන් මහින්දගෙන් රට බේරා ගැනීමට මිස ශ්‍රීලනිපය ආරක්‍ෂා කිරිමට හෝ මහින්ද අගමැති කිරිමට නොවේ. මෛති‍්‍රපාල පරණ යාලූවන්ට නීතියෙන් බෝල ගසන්ට ඉඩදීම රටේ ජනතාවගේ ගෞරවය කෙළසිමක් බව ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන අමතක කළ යුතු නැත.

පියමුණේ විසිනි.
(දිනමිණ පුවත්පතේ පළ විය.)

 

 

Leave a comment

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

සංවාදයේ අඩුව: නූතන බැදීම්වල හිස් තැන්

සංවාදයේ අඩුව: නූතන බැදීම්වල හිස් තැන්

නූතන යුගයේ මානව සම්බන්ධතා තුළ ඇති වී ඇති විශාලතම අඩුපාඩුව නම් සංවාදයේ අඩුවයි. මිනිසුන් එකිනෙකා සමඟ ස...

Connet With Us