එහෙත් ශ්‍රී ලාංකීය මජර දෙශපාලනයේ සාම්ප්‍රදායික පුරුදු නිසා ඒ ජයග්‍රහණය එතැනින් ඉදිරියට ගමන් කරනවා වෙනුවට අලුත් පාලකයෝ පැරණි පාලකයන් අභිබවන්නට ගත්තේ ලද අවස්ථාවෙන් තමන්ගේ ඇරියස් කවර් කර ගන්නටය. දේශපාලනය කිරීම වෙනුවට තම තමන්ගේ කොටස බඩගෝස්තරය රැක ගැනිමට වෙහෙසුනහ. රටේ න්‍යාය පත්‍රය වෙනුවට තමන්ගේ පෞද්ගලික හා පක්ෂ න්‍යාය පත්‍රයන් පෙරට ගත්හ.
මෙහිදී මූලිකම වරද කරනු ලැබුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාය. ඊට එදිරිව අගමැති රනිල් වික්‍රමසිංහ මහතාද කටයුතු කළේය. අනෙකුත් පක්ෂ කටයුතු කළේද තමන්ගේ ගොඩ බේරා ගැනීම වෙනුවෙනි. ඒ අනුව අද දින මේ සිදුවෙමින් තිබෙන කාලකණ්නි දේශපාලන පෙළ ගැස්ම තර්කානුකූලය.
මෙය ධනේශ්වර මජර දේශපාලනයේ ස්වභාවය යැයි කෙනෙකුට තර්ක කළ හැකි වූවද ඒ නිවැරදි නොවේ. මෙය ධනේශ්වර ක්‍රමයේ ස්වභාවය නොවේ. ඒ මීට වඩා ශිෂ්ඨ සම්පන්නය. මේ පෙන්වන්නේ මෙරට දෙශපාලනයට ආවේනික ගෝත්‍රික භාවයයි. එය වම දකුණ කියා වෙනසක් නැත. මෛත්‍රීපාල සිරිසේන මහතා ද එම ගෝත්‍රිකභාවයේම නිර්මාණයක් මිස නූතන ශිෂ්ඨ සම්පන්න භාවයේ දෘඩ සංඛේතයක් බව තවම පෙන්වා නැත.
ගෝත්‍රිකයන් හමුවේ සැලෙන දේශපාලනයක් ඔහු වෙතින් තවමත් ප්‍රදර්ශනය වේ. එහෙත් ඔහුට තවමත් ඔහුට රටේ පුරවැසියා හමුවේ ද්‍රෝහීයකු නොවී සිටීමේ අවස්ථාව ඉතිරිව තිබේ. ඒ අවස්ථාවත් පැහැර හරින්නේ නම් රාජපක්ෂලාද සිරිසේනලාද එක පෙළට තබා පරදවීමට මෙරට දේශපාලන නායකයන්ට වඩා ඉදිරියෙන් සිටින බුද්ධිමත් ජනතාවගේ වගකීම විය යුතුය.
- ජනතා පාක්ෂිකයා