ජනපති නව පාර්ලිමේන්තුවේ වගකීම පහදයි

Published in පුවත්
Wednesday, 01 July 2015 11:22

එළෙඹන මහමැතිවරණයෙන් පසුව පත්වනු ලබන නව ආණ්ඩුවේ ප්‍රධානම වගකීම වන්නේ 20 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගැනීම බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසයි.19 වැනි ව්‍යවස්ථා සංශෝධනය කෙසේ හෝ සාර්ථක කර ගත් බවද 20 වැනි සංශෝධනය විවිධ ගැටලු නිසා ව්‍යාකූල වූ බව ඔහු පැවසුවේය.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ ශ‍්‍රී ලංකා නිදහස් ශිෂ්‍ය පෙරමුණේ නිල වෙබ් අඩවිය විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ (30) එක්වෙමිනි.

නව පාර්ලිමේන්තුව බලයට පැමිණ දින සියයක් ඇතුළත අදාළ ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරන්නැයි එම පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලූ පක්ෂ හා කණ්ඩායම්වලින් තමන් ඉල්ලා සිටින බව ජනධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා, සුසිල් ප්‍රේමජයන්ත, රංජිත් සියඹලාපිටිය, නන්දිමිත්‍ර ඒකනායක, සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

450x450-images-stories-feb2015-psd web

Last modified on Wednesday, 01 July 2015 11:32

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us