සමන්මලීත් මෛත්‍රීගෙන් නාමයෝජනා ඉල්ලයි

Published in පුවත්
Wednesday, 01 July 2015 10:51

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා දිස්ත්‍රික්ක පහක් සඳහා අපේක්ෂකයින් තෝරා ගැනීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී ඊයේ (30) ආරම්භ කළ සම්මුඛ පරීක්ෂණය සඳහා තුන්සියයකට ආසන්න අපේක්ෂක අපේක්ෂිකාවන් සංඛ්‍යාවක් සහභාගී වී ඇතැයි එහි ආරංචි මාර්ග සඳහන් කරයි.

කොළඹ, ගම්පහ, කළුතර, කුරුණෑගල හා පුත්තලම යන දිස්ත්‍රික්ක සඳහා ඊයේ සම්මුඛ පරීක්ෂණ පැවැත්විණි. වයඹ පළාත් මහ ඇමැති දයාසිරි ජයසේකර, වයඹ හිටපු මහ ඇමැති අතුල විජේසිංහ, පළාත් සභා මන්ත්‍රීවරියන් වන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර හා සමන්මලී සකලසූරිය, මල්ෂා කුමාරතුංග, රුවන්ති මංගලා මේ සඳහා සහභාගි වී ඇත. කොළඹ දිස්ත්‍රික්කයේ අපේක්ෂකයින් තෝරා ගැනීම සඳහා වූ නාමයෝජනා මණ්ඩලයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක සුසිල් ප්‍රේමජයන්ත, ආචාර්ය සරත් අමුණුගම, සාලිය මැතිව්, රංජිත් සියඹලාපිටිය, ඒ.එච්.එම්. ෆවුසි, පියසේන ගමගේ, ‍‍‍ජ්‍යෙෂ්ඨ නීතිඥ චම්පානි පද්මසේකර, ජනාධිපති නීතිඥ ඩී.පී. මෙන්ඩිස්, නීතිඥ සංජය ගමගේ හා මහේෂ් කොටුවැල්ල යන මහත්වරු නාමයෝජනා මණ්ඩලයේ කටයුතු කර ඇත.

එක් දිස්ත්‍රික්කයක් සඳහා නාමයෝජනා මණ්ඩල සාමාජිකයින් දෙදෙනෙකු බැගින් කටයුතු කර ඇත. හෙට (02) සහ අනිද්දා දිනවල ද සම්මුඛ පරීක්ෂණ පැවැත්වේ. අනිද්දා සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන්නේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හා ඇමැතිවරුන් සඳහාය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us