සරත් ආබෲට එරෙහි පොලිස් පරීක්ෂණ රහස් පොලිසියට

Published in පුවත්
Wednesday, 01 July 2015 09:12

සිය නිවසේදී මෙහෙකාර කාන්තාවකට අමානුෂික ලෙස පිස්තෝලයකින් පහරදුන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සරත් ආබෲ මහතාට එරෙහිව සිදු කෙරෙන පොලිස් පරීක්ෂණ පොලිස්පති එන්. කේ. ඉලංගකෝන් මහතා විසින් රහස් පොලිසියට බාරදී තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී නීතිඥ රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කළේ ඒ අනුව විනිසුරු ආබෲ මහතාගෙන් කට උත්තර ලබාගැනීම රහස් පොලිසිය විසින් අද හෙටම කටයුතු කරනු ඇති බවයි.

ඒ අතර විනිසුරුවරයා අත්අඩංගුවට ගැනීම හෝ අධිකරණයට කරුණු වාර්තා කර වැඩිදුර පරීක්ෂණ පැවැත්වීමද රහස් පොලිසිය මඟින් සිදු කරනු ඇත.

සරත් ආබෲ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයාගේ නිවසේ සේවය කරමින් සිටි මෙහෙකාර කාන්තාවකට විනිසුරුවරයා විසින් පසුගියදා (28) පහර දී තිබුණි. ඒ සඳහා ඔහුගේ නිල පිස්තෝලය යොදාගෙන තිබූ බව ‍පොලිසියට මෙහෙකාර කාන්තාව කළ පැමිණිල්ලේ සඳහන් වෙයි.

ඒ අනුව මේ පිස්තෝලය රහස් පොලිස් පරීක්ෂණවලදී ඔවුන්ගේ බාරයට ගැනීමටද ඉඩ ඇත.

රහස් පොලිසිය ඊයේම එම පරීක්ෂණ ආරම්භ කළේය. මෙහෙකාර කාන්තාව ගල්කිස්ස පොලිසියට කර තිබූ පැමිණිල්ලට අදාළ සියලු විස්තරද රහස් පොලිසිය වෙත ලබාගෙන ඇත.

දැනට කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබන මෙහෙකාර කාන්තාවට එල්ල වී තිබූ පහරදීම්වලට අදාළ වෛද්‍ය වාර්තා රෝහල මඟින් ලබාගෙන තිබුණි. එම කාන්තාව තවමත් කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබයි.

ගල්කිස්ස පොලිසිය සිද්ධිය සම්බන්ධව සිදු කළ පරීක්ෂණවලදී සිව් දෙනෙකුගෙන් පමණ ප්‍රශ්න කර තිබුණි. රහස් පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

dinamina

Last modified on Wednesday, 01 July 2015 09:24

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us