News Items (18842)
දහනයේදී කාබන්ඩයොක්සයිඞ් මුදාහරින ඉන්ධන භාවිතය අවම කළ හැකි නම් වඩා සෞඛ්‍ය සම්පන්න පරිසරයක් බිහිකර ගත හැකි බව ඉන්දීය හිටපු ජනාධිපති ආචාර්ය අබ්දුල් කලාම් මහතා පවසයි. ‘‘දැනුම පදනම් කරගත් ආර්ථිකයක් සඳහා වූ බලශක්ති ප‍්‍රවේශය’’ මැයෙන් කොළඹදී ඊයේ (26)ආරම්භ වූ සමුළුව අමතමින් ඔහු ඒ බව පැවසුවේය.
එළඹෙන මහා මැතිවරණයේ සටන් පාඨය රනිල් ද මහින්ද ද යන්න බව ඩලස් අලහප්පෙරුම ප්‍රකාශයට පත් කර හමාරය. මහින්ද රාජපක්ෂ ගැන අධි තක්සේරුවක් ලබාදෙන මහින්ද කල්ලියේ පතාකයන් වන දිනේෂ්, වීරවංශ හා ගම්මන්පිල ඝෝෂක ත්‍රිත්වය මේ දවස්වල නිහඬය. ජනවාරි ඇද වැටීමෙන් පසුව, මේ ඝෝෂකයන් මහින්ද උස්සා තැබීමට ගත් වෙහෙස අප්‍රමාණය. ඒ සියලු උත්සාහයන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සිය ඇඟිලි තුඩින් නිෂේධ කර හැරියේය.
චන්ද්‍රිකාට දැන් 70 යි. රනිල් එක්ක එදා නටපු නැටුම් ගැන කියයි.
එළඹෙන 29 වන දිනට ජීවන දිවි මගෙහි, හැත්තෑවෙනි සැතපුම් කණුව පසුකරන හිටපු, ජනාධිපතිනි, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය, සමඟ ‘සිළුමිණ’ පැවැත්වූ මේ සාකච්ඡාවේදී ඇගේ ජීවිතයට අදාළ බොහෝ කාරණා සේ ම, දේශපාලනික මාතෘකා කිහිපයක් ද සංවාදයට බඳුන් විණි. හිටපු ජනාධිපතිනිය, ලේක්හවුස් පුවත්පතක් හා මේ සංවාදයට එක්වනුයේ වසර 11කට පමණ පසුවය.
එළැඹෙන මහා මැතිවරණයට සෑම පක්ෂයකින්ම තරග වදින අපේක්ෂකයන් සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් දියත් කිරීමට අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය කටයුතු කරමින් සිටී.
ශ්‍රී-ලංකා යුධහමුදාවේ රත්නායක මුදියන්සේලාගේ සුනිල් රත්නායකට වසර 13කට ප්‍රථම සිදුකරන ලද සමූල ඝාතනයක් සම්බන්ධයෙන් පෙරෙයිදා(25) මරණ දඬුවම හිමිවුනි. මේ සම්බන්ධයෙන් නොයෙකුත් පුද්ගලයන් නොයෙකුත් ආකාරයේ ප්‍රකාශ නිකුත්කරමින් සිටිති.
ඇමරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය මුළු ඇමරිකාව පුරාම සිටින සමරිසියන්ට නිත්‍යානුකුලව විවාහ වීමේ අයිතිය අයිතිය ඇතැයි පවසමින් තීන්දුවක් ලබාදුන්නා. මුළු ඇමරිකාවටම බලපාන පරිදි ලබාදුන් මෙම තීන්දුව හරහා මීට පෙර සමරිසි විවාහ තහනම් වී තිබුණු ප්‍රාන්ත 14 ක සමරිසි ජනතාවටද විවාහ වීමේ අයිතිය හිමිවෙනවා.
රු 10,000 රාජ්‍ය සේවකයන්ගේ මූලික වැටුපට එකතු කරනවා-ගයන්ත
ළග එන මහ මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂයට බහුතර බලයක් ලබාදෙන්නේ නම්, රාජ්‍ය සේවකයන්ට ලබාදී ඇති වැටුප් වර්ධකය මූලික වැටුපට එකතු කරන බව ගයන්ත කරුණාතිලක මහතා පැවසුවේය.
ශ්‍රී ලංකාව මාර්ග සංවර්ධන ව්‍යාපෘති සඳහා ගිවිසුම් දෙකකට අත්සන් තබයි
A5 මාර්ගයේ බදුල්ල - චෙන්කලාඩි දක්වා කොටස සංවර්ධන කිරිමට අදාළ ප්‍රතිපාදන ලබා ගැනීම සඳහ සහ බස්නාහිර පළාතේ තෝරාගත් මාර්ග කිහිපයක සංවර්ධන කටයුතු සඳහා වන ගිවිසුම් දෙකකට ශ්‍රී ලංකා රජය සහ ශ්‍රි ලංකා රජය සහ අන්තර්ජාතික සංවර්ධනය පිළිබඳ ඔපෙක් අරමුදල අත්සන් ඊයේ (26) ඔස්ට්‍රියාවේ වියානා නුවර දී අත්සන් තැබීය.
නීති විරෝධී මත්ද්‍රව්‍ය අත් අඩංගුවට ගැනීමේ මෙහෙයුම් පුළුල් කෙරේ
අද (26) ට යෙදී ඇති ලෝක මත්ද්‍රව්‍ය විරෝධී ජාත්‍යන්තර දිනයට සමගාමීව නීති විරෝධී මත්පැන් හා මත්ද්‍රව්‍ය අත් අඩංගුවට ගැනීමේ මෙහෙයුම් පුළුල් කර ඇති බව පොලිස් දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
