අපේක්ෂකයන්ට කුඩු - එතනෝල් පරීක්ෂණයක්!

Published in පුවත්
Saturday, 27 June 2015 11:19

එළැඹෙන මහා මැතිවරණයට සෑම පක්ෂයකින්ම තරග වදින අපේක්ෂකයන් සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් දියත් කිරීමට අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය කටයුතු කරමින් සිටී.

මේ යටතේ මහ මැතිවරණයට තරග වදින අපේක්ෂකයන් සහ ඔවුන්ගේ පවුල්වල අය, එතනෝල්, මත්ද්‍රව්‍ය හෝ ඊට අදාළ වෙනත් විෂමාචාර ක්‍රියාවලට සම්බන්ධදැයි පරීක්ෂා කොට අදාළ නිර්දේශ පක්ෂ නායකයන්ට ඉදිරිපත් කිරීමට එම මණ්ඩලය පියවර ගනී.

ලංකාව පුරා විසිරී ඇති මැතිවරණ කොට්ඨාස 160 පුරාම ළඟ එන මැතිවරණයේදී නාම යෝජනා ලැබෙතියි අනුමාන කෙරෙන අපේක්ෂකයන්ගේ වතගොත සෙවීමට තම මණ්ඩලය නව වැඩපිළිවෙළක් යොදා තිබෙන බව එහි සභාපති වෛද්‍ය නිලංග සමරසිංහ මහතා පැවැසීය.

මේ වෙනුවෙන් තම පාලක මණ්ඩලයේ ස්වාධීන සමීක්ෂණ කණ්ඩායම් 200ක් යොදවා ඇතැයි ද ඒ මහතා කීය.

මේ කණ්ඩායම් මඟින් අදාළ නාමයෝජනා අපේක්ෂකයන්ගේ සහ ඔවුන්ගේ සමීප ඥාතීන්ගේ විස්තර සොයා එක්රැස් කැර ගබඩා කරන්නට පියවර ගෙන තිබේ.

දේශපාලන පක්ෂ නායකයන්ට හා පක්ෂ ලේකම්වරුන්ට තමන් නාමයෝජනා සඳහා තෝරා ගන්නා නියෝජිතයන් සූදු පොළ, කැසි‍නෝ ආදි ව්‍යාපාරවලට සම්බන්ධ ද ඔවුන් මත් වතුර අලෙවියට සම්බන්ධ ද යන්න සොයා බලා ඔවුනට සහතිකයක් ලබා දීම මේ මණ්ඩලයට හැකියාව ඇත.

පසුගිය මාර්තු 12 වැනිදා පැෆරල් සංවිධානය මඟින් සංවිධානය කළ ගිවිසුමට අස්සන් කළ ප්‍රධාන පක්ෂ නායකයන් සහ සුළු පක්ෂ සියල්ලම එදින ප්‍රතිඥා දුන් පරිදි ක්‍රියා කිරීමට නම් නාම යෝජනා පත්‍ර සකස් කිරීමට පෙර අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයෙන් මෙවැනි අයථා ව්‍යාපාරවලට තම අපේක්ෂකයන් සම්බන්ධ නැති බවට සහතික පත්‍රයක් ලබාගත යුතු වෙයි.

- සිළුමිණ

 

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us